පළමුවන ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ශ්‍රී ලංකාවට සැපත් වෙයි

අතිඋතුම් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ දෙදින නිල සංචාරයක් සඳහා අද උදෑසන කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළට සම්ප්‍රාප්ත විය.  

විස්තර»


ටෙස්ට් පිතිකරු ලැයිස්තුවේ
සංගා පෙරමුණට

නවසීලන්තයට එරෙහිව වෙලින්ටන් නුවර පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිමේ දී ද්විත්ව ශතකයක් රැස් කළ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර අයි.සී.සී. ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ නැවත අත්කර ගත්තේය.

විස්තර»


මිස්බා ‍එක්දින පිටියට සමු දෙයි

එළැඹෙන ලෝක කුසලාන එක්දින තරගමාලාවෙන් පසුව තමා ජාත්‍යන්තර එක්දින හා විස්සයි20 ක්‍රිකට් බිමෙන් සමුගන්නා බව පාකිස්තාන පිලේ නායක මිස්බා උල් හක් ප්‍රකාශ කරයි. එහෙත් ඔහු තව දුරටත් ටෙස්ට් පිටියේ රැඳී සිටීමට අදහස් කරන බව ද කියා සිටියේය.

විස්තර»


මුද්‍රිත කලාපය

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast

ශුද්ධෝත්තම පාප් වහන්සේ අද පෙරවරුවේ ශ්‍රී ලංකාවට

වතිකාන තානාපති - කාදිනල් හිමි ශ්‍රී ලංකා ජනපති එතුමන් පිළිගනිති

අතිඋතුම් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රමුඛ සසුන් පිය නියෝජිත පිරිස රැගත් විශේෂ ගුවන් යානය අද (13දා) පෙරවරු 8.45ට කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළට සම්ප්‍රාප්ත වෙයි. ශුද්ධෝත්තම පාප් වහන්සේ සමඟ විදෙස් මාධ්‍යවේදීන් 82ක්ද ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර සසුන් පිය නිල නියෝජිත පිරිසක්ද ඒ අතර වෙයි.

විස්තර»

දූෂණ වංචා සිදුකළ‍ෙහාත් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා

නව ඇමැති මණ්ඩලයට ජනපති කියයි

අභිනවයෙන් පත් වු ඇමැතිවරු දූෂණ, වංචා සහ අක්‍රමිකතා සිදුකළහොත් තරාතිරම නොබලා එයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නව ඇමැති මණ්ඩලය දිවුරුම් දීමේ උත්සවයේ දී ඊයේ (12) පැවැසීය. ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මෙම උත්සවය පැවැත්විණි. ඇමැතිවරු රටට ආදර්ශයක් විය යුතු බවත් එමගින් පොදු ජනතාවගේ විශ්වාසය දිනා ගත යුතු බවත් එහිදී ජනාධිපතිවරයා කීය.

විස්තර»

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ 6 වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් මහජන ඡන්දයෙන් තේරී පත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කාර්යාලයේදී ඊයේ (12) සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කළ අවස්ථාව. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද මේ අවස්ථාවට සහභාගී විය. ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතාද මෙහි සිටී.
ඡායාරූපය - සුදත් සිල්වා

පාර්ලිමේන්තු ව්‍යවස්ථා සංශෝධනයට සියලු බේදවලින් තොරව සහාය දෙන්න

මාදුළුවාවේ සෝභිත හිමි

පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත ව්‍යවස්ථා සංශෝධනය සඳහා සහාය පළ කිරීමට අත එසවීමට මැළිවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජාතික ද්‍රෝහීන් වන බව කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියෝ පැවසූහ.සුනාමි ව්‍යවසනය සිදු වූ අවස්ථාවේදී ජාති , ආගම් , පක්ෂ බේදයෙන් තොරව එකා මෙන් එකමුතුව කටයුතු කළ ආකාරයට මේ ජාතික කර්ත්‍යවයේදී කටයුතු කළ යුතුව ඇතැයිද උන් වහන්සේ කීහ

විස්තර»

නව රජයේ ඇමැති මණ්ඩලය-කැබිනට් 27යි: රාජ්‍ය 10යි: නියෝජ්‍ය 8යි

නව කැබිනට් මණ්ඩලය ඊයේ (12) දිව්රුම් දීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරු සමඟ සමූහ ඡායාරූපයකට මුහුණ දුන් අයුරු.
ඡායාරූපය - සුදත් සිල්වා

ලේක්හවුස් ආයතනය ජනපති
ජය සමරමින්.....

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු රජයේ ජයග්‍රහණය සැමරීමට ලේක්හවුස් ආයතනයේ ජාතික සේවක සංගමය ප්‍රමුඛ සමස්ත කාර්ය මණ්ඩලය සාමුහිකව එක්ව සිටි අයුරු.
ඡායා.සුමනචන්ද්‍ර ආරියවංශ

පාකිස්තාන අගමැතිගෙන් ජනපතිට සුබ පැතුම්

නව රජයේ ඇමැති මණ්ඩලය

දේශපාලන නායකත්වය සහ රාජ්‍ය සේවකයා රටට ආදර්ශවත්ව ක්‍රියා කළ යුතුයි

අපි ඇමැති ධුර ගන්නේ නෑ: රජයට ශක්තියක් වෙමින් ජනතා අපේක්ෂා ඉටු කරනවා

මේ ගමනට කාගේත් සහයෝගය ඕනෑ!

අපේ රටට ගැළපෙන යහපාලනය සකසා ගතයුතුයි

ඇළහැර ගොවි ජනතාව ජනපති ජය සමරති

ටෙස්ට් පිතිකරු ලැයිස්තුවේ සංගා පෙරමුණට

ද.කොරියා-අමෙරිකා ඒකාබද්ධ හමුදා මෙහෙයුම් නතර කරන්නේනම් න්‍යෂ්ටික පරීක්ෂණ නවත්වනවා

දිනමිණ අමාත්‍යාංශ අතිරේක

දිනමිණ අතිරේක