BMICH පරිශ්‍රයේ තිබූ කන්ටේනර් බහාලුම් 3ක් අත්අඩංගුවට

බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ රඳවා තිබූ සැකකටයුතු කන්ටේනර් බහාලුම් තුනක් ඊයේ(16) අත්අඩංගුවට ගෙන තිබේ.

විස්තර»


විදේශිකයන්ට පනවා තිබූ සංචාරක සීමාවන් ඉවතට

රටේ ඇතැම් ප්‍රදේශවලට සංචාරය කිරීමට විදේශිකයන්ට පනවා තිබූ සීමාවන් ඉවත් කිරීමට ඊයේ (16) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආරක්ෂක මණ්ඩල රැස්වීමේ දී තීරණය කර තිබේ.

විස්තර»


ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වෙමින් තිබිය දී

හමුදා කුමන්ත්‍රණයක් සිදු කරන්න තැත් කිරීම ගැන පරීක්ෂණයක් කරන්න

නීතිපතිගෙන් රහස් පොලිසියට උපදෙස්

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත්වෙමින් පැවතිය දී හමුදා කුමන්ත්‍රණයක් සිදුකිරීමට තැත්කිරීම සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ල පිළිබඳ වහාම පරීක්ෂණයක් පවත්වන්නැයි නීතිපති ජනාධිපති නීතිඥ යු. ජ.ව. විජයතිලක මහතා රහස් පොලිසියට උපදෙස් දී තිබේ.

විස්තර»


කටවුට් ඉවතට:

ජනපති රුව එක් ප්‍රමුඛ පුවතකට පමණයි

ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්ට උපදෙස්

තම ඡායාරූප අවම වශයෙන් රාජ්‍ය මාධ්‍යවල භාවිත කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතාට උපදෙස් දී තිබේ.

විස්තර»


නව සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල

වැවිලි කර්මාන්ත ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ සභානායක ධුරයට පත්කර තිබේ. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා ද පත්කර තිබේ.

විස්තර»


මුද්‍රිත කලාපය

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast

උතුරේ ආරක්ෂක අංශ ක්‍රියාත්මක වන ආකාරය ගැන වාර්තාවක් සපයන්න

ජනපති ආරක්ෂක ලේකම්ට දන්වයි

උතුරේ ආරක්ෂක අංශ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ වාර්තාවක් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් බී. එම්. යූ. ඩී. බස්නායක මහතාගෙන් ජනපති, ආරක්ෂක ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලා ඇත. දැනට උතුරේ ආරක්ෂක තත්ත්වය, ආරක්ෂක අංශ ක්‍රියාත්මක වන ආකාරය, කඳවුරු ප්‍රමාණය, ඔවුන් සිදු කරගෙන යන කාර්යයන් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් එම වාර්තාවෙන් ඉල්ලා ඇත.

 

විස්තර»

උතුරු මැද පළාත් සභාවේ සහයත් ජනපති මෛත්‍රීට

උතුරුමැද පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ගේ පූර්ණ සහයෝගය නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදීමට ඒකමතිකව තීරණය කළ බව උතුරුමැද පළාත් ප්‍රධාන ඇමැති එස්. එම්. රංජිත් සමරකෝන් මහතා පැවසීය. අනුරාධපුරයේදී පෙරේදා (15) උතුරුමැද පළාත් ශ්‍රවණාගාරයේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් රැස්වී මෙම තීරණය ගෙන තිබේ.

විස්තර»

ශ්‍රීලනිපය රැකගන්න මෛත්‍රීට නායකත්වය දුන්නා

- මහින්ද රාජපක්ෂ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වී යාමේ අනතුරට මුහුණ දෙනු දැකීමට තිබෙන බලවත් අකමැත්ත නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පක්ෂයේ නායකත්වය ඊයේ (16) දින සිට බාර දුන් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

විස්තර»

නිදහස් මාධ්‍ය සංස්කෘතියක් මෛත්‍රී පාලනය තුළ උදා වෙනවා

ජනමාධ්‍ය ඇමැති ගයන්ත වැඩ භාරගනිමින් කියයි

රටේ සියලුම මාධ්‍යවේදීන්ට නිදහසේ පෑන හැසිරවිය හැකි නිදහස් මාධ්‍ය සංස්කෘතියක් මෛත්‍රී පාලනයක් තුළින් උදාවෙමින් ඇතැයි ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කෙළේය.

විස්තර»

යහපාලනය ස්ථාපිත කරමින් ජනතාවට සහන ලබා දෙනවා

- ඇමැති රවුෆ් හකීම්

මා ගැන විශ්වාසය තබා ජනතාවට සේවය කළ හැකි අමාත්‍යාංශ දෙකක් ලබා දීම පිළිබඳ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ට ස්තූතිය පුද කරන බව නාගරික සංවර්ධන, ජල සම්පාදන හා ජලාපවහන ඇමැති රවුෆ් හකීම් මහතා පවසයි.

විස්තර»

ඉන්ධන සහ විදුලි බලය සඳහා නිශ්චිත මිල සූත්‍රයක් හඳුන්වා දෙනවා

- ඇමැති පාඨලී චම්පික රණවක

ඉන්ධන සහ විදුලි බලය සඳහා නිශ්චිත මිල සූත්‍රයක් හඳුන්වා දෙන බව විදුලි බල හා බලශක්ති නව ඇමැති පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඇමැතිවරයා මේ බව පැවසුවේ සිය තනතුරේ වැඩ භාර ගැනීම වෙනුවෙන් ඛනිජ තෙල් අමාත්‍යාංශයේ ඊයේ (16) පැවති චාම් උත්සවයකදීය. තවදුරටත් අදහස් දැක් වු ඇමැතිවරයා මෙසේ ද පැවසීය.

විස්තර»

 

බුලත් ‍කොළයට ඡන්දය දුන් ජනතාවගේ අභිලාෂයන් පාවා දෙන්න සූදානම් නැහැ

- විමල් වීරවංශ

කවර ආකාරයක මඩ ප්‍රහාර, අවලාද එල්ල වුවත්, මර්දන මෙහෙයුම් ක්‍රියාත්මක වුවත් ඒවාට බිය වී  බුලත් කොළයට ඡන්දය දුන් ලක්ෂ 58 ක ජනතාවගේ අභිලාෂයන් පාවාදීමට ජාතික නිදහස් පෙරමුණ අපි සූදානම් නැතැයි එම පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.

විස්තර»

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සොයන්න ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලේකම්වරියක්

විපක්ෂ නායක නිමල් සිරිපාල

පනත් බලගන්වන්න ඇමැති මණ්ඩලයේ ඒකමතික එකඟතාවක්

ඌව නව මහ ඇමැතිට විරෝධයක්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ යහපත් සංවර්ධනය උදෙසා වෛද්‍යවරයාගේ සිට කම්කරුවා දක්වා එකමුතුව ඕනෑ

සිවිල් ගුවන්සේවාවේ කිසිම තැනකට කිසිදු ප්‍රධානියෙක් පත්කර නැහැ

දින සියයේ වැඩසටහන යටතේ කලාවට උපරිම සේවාවක් කරනවා

අගමැති රනිල් වැඩ අරඹයි

නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (16) උදෑසන අරලියගහ මන්දිරයේ අගමැති කාර්යාලයේ දී රාජකාරී වැඩ කටයුතු ඇරඹීය. මේ වෙනුවෙන් පැවැති ආගමික වතාවත් කෝට්ටේ කල්‍යාණී සාම ග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර, ත්‍රිකුණාමලයේ ආනන්ද, කොටුගොඩ ධම්මාවාස, ගිරාඹේ ආනන්ද අනුනායක ස්වාමීන් වහන්සේලා සහ මාදුළුවාවේ සෝභිත, බානගල උපතිස්ස, කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නායක ස්වාමීන් වහන්සේලා ප්‍රධාන මහා සංඝරත්නය මේ සඳහා සහභාගී වූහ.

ආහාර කුණුවෙන්න දෙන්න බෑ!

යහපාලන ගමන ශක්තිමත් කිරීම ලාංකික පුරවැසියන්ගේ යුතුකමයි

පාප්වහන්සේගේ ලංකා ගමන විදෙස් මාධ්‍ය ඇසින්

පුද්ගලයකුට පිහියකින් ඇන රුපියල් 41000ක් කොල්ලකාලා

අයකුට අලවංගුවකින් ගැසූ පිරිසක් ගමෙන් පැන ගිහින්

වෙහෙස නිවා ගනිද්දී කම්කරුවා පෙජරෝවට බිලි

බංගබන්ධු රන් කුසලාන පාපන්දු සටනට ශ්‍රී ලංකාව සමඟ රටවල් 6ක් සූදානම්

දික්වැල්ලගෙන් ශතකයක්

19න් පහළ ක්‍රිකට් ශ්‍රී ලංකා-බංග්ලාදේශ පළමු එක්දින ගැටුම හෙට

බෙල්ජිය‍මේ පොලිස් ප්‍රහාරයකින් ඉස්ලාමීය සටන්කාමීන් ‍දෙදෙනෙකු මරුට

බොකො හරාම් ත්‍රස්තයන් පැරදවීමට අප්‍රිකානු රාජ්‍යයන් අවිශ්වාසය නැතිකර ගත යුතුයි

අල්ජසීරා මාධ්‍යවේදියාගේ නිදහස ගැන කැනඩා විදේශ ඇමැති බලාපොරොත්තුවෙන්

කවි මඩුව

නිල බල පුටු දෙකම තිබුණත් එකම ළඟ
එක පුටුවක් කැඩුණි ගමනේ අතර මඟ
මොකටද එකක් තිබිලා නිසි සවිය හිඟ
මල්ලිට පුටුව දී බේරා ගනිමි ඇඟ

--------------- නිලමේ

දිනමිණ අමාත්‍යාංශ අතිරේක

දිනමිණ අතිරේක