දන්ත ධාතු රාජණේ

 

දන්ත ධාතු රාජණේ
 

සිරි සම්බුද්ධ සාසනේ
වන්දණීය පූජණීය
දන්ත ධාතු රාජණෝ
සමාවෙන්න දෙව් දතුන්ට යළිත් වරක්
වැරැදීමක් වෙන්න ඇති අනේ
පිපුණා මල් පොකුරු පොකුරු
දිලුණා නෙත් කඳුළු කඳුළු
නැගුණා රැලි කැරැලි කැරැලි
දළදා මැදුරේ
මොන පවක්ද මේ මිනිසුන්
මේ කරගත්තේ
වරද නිවා සමාවෙන්න
දන්ත ධාතු රාජණෝ
වැන්ඳ්‍ර බිම පෙරළි පෙරළි
හැඬුවා ළය තෙරපි තෙරපි
නැඟුණා රැලි කැරැළි කැරළි
දළදා මැදුරේ
මොන පවක්ද මේ මිනිසුන්
මේ කරගත්තේ
වරද නිවා සමාවෙන්න
දන්ත ධාතු රාජණෝ
 

වැන්ඳ්‍ර බිම පෙරළි පෙරළි
හැඬුවා ළය තෙරපි තෙරපි
නැගුණා රැලි කැරැළි කැරළි
දළදා මැදුරේ
මොන පවක්ද මේ මිනිසුන්
මේ කරගත්තේ
වරද නිවා සමාවෙන්න
දන්ත ධාතු රාජණේ

රඹුක්කන සිද්ධාර්ථ හිමි


ලොව්තුරු මිහිර රැ‍‍ඳේ‍ දළදා මැදුරේ

සිරිසාර පැතුම් වැසි වස්සන
හන්තාන කන්ද මල් අරගෙන
නිවන් තලාවට වඩිනා
ගමන් විඩාවේ
හැන්දෑ කරේ තේවාවට දළදා මැදුරේ
 

සදෙව් ලෝ තලේ
පිස එන සොඳුරු මදනලේ
සතර වරම් දෙවි රජවරු
දිවා රෑ වෙලේ
දෙව් විමන්වලින් බිමට බසී
 

සත් පියුම් නෙළා බුදුන් වඳී
ලොව්තුරු මිහිර රැ‍‍ඳේ‍ දළදා මැදුරේ
මිනිස් පුරවරේ
පිස එන සොඳුරු මදනලේ
රාජ රාජ මහරජවරු
දිවා රෑ වෙලේ
රජමැදුරුවලින් දොර වඩී
සත් පියුම් නෙලා බුදුන් වඳී
ලොව්තුරු මිහිර රැඳේ දළදා මැදුරේ


රඹුක්කන සිද්ධාර්ථ හිමි


මුනිඳු සදිසි සිරි දළදා වහන්සේ


හන්තාන කඳු යාය වටදාගෙයක් වී
පින්පාන දළදාව පණ සේ රකී වී
මුනිඳු සදිසි සිරි දළදා වහන්සේ
රටට සදා සරණයි ඔබ වහන්සේ


සඳපාන තරු යාය කොඳ මල් විලක් වී
පින්පාන දළදාව සරසා වඳී වී
මුනිඳු සදිසි සිරි දළදා වහන්සේ
රටට සදා සරණයි ඔබ වහන්සේ


සන්තාන දුක් යාය බැති ගී පෙළක් වී
පින්පාන දළදාව කඳුළෙන් තෙමා වී
මුනිඳු සදිසි සිරි දළදා වහන්සේ
රටට සදා සරණයි ඔබ වහන්සේ

ගී පද රචනය

රඹුකන සිද්ධාර්ථ හිමි

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා