නත්තල් උදාවිය දෙව් පුතුගේ නමට


 

නත්තල් සුළඟ සීතල ගෙන එන
නත්තල් මහට මල් පිපුණා එක
නත්තල් ගීතිකාවන් ඇසෙනා
නත්තල් උදාවිය දෙව් පුතුගේ

- කසුරි

කලට
පෙළට
පැයට
නමට

 





ජනපතිගේ නිසි නායකත්වයෙන්
යුද්ධය ඉක්මණින් ජය ගත්තා

මේජර් ජෙනරල් කමල් ගුණරත්න

වසර තුනකට ආසන්න කාලයකදී කොටි සංවිධානය මුලිනුපුටා දැමීමට හැකි වුණේ සේනාධිනායක ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුදාවට ලබා දුන් ශක්තිය හා නිසි නායකත්වය නිසා බව වන්නි ආරක්ෂක සේනා ආඥාපති සහ විශේෂ බළකා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

විස්තර »

ජාත්‍යන්තර ප්‍රශ්න කිරීම්වලට රජය වගකීමෙන් මුහුණ දෙනවා

විශ්‍රාමික හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ වගකීම් රහිත ප්‍රකාශය නිසා ජාත්‍යන්තර වශයෙන් කෙරෙන ප්‍රශ්න කිරීම්වලට රජය වගකීමෙන් යුතුව මුහුණ දෙන බව කැබිනට් ප්‍රකාශක තොරතුරු ජනමාධ්‍ය හා ව්‍යවසාය සංවර්ධන ඇමැති අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා ප්‍රකාශ කෙළේය.

විස්තර »

ආනයනික සහල් මෙ. ටොන් 59,000ක් මේ සතියේ වෙළෙඳ පොළට

ඉදිරි උත්සව සමයේදී ඇති විය හැකි ඉල්ලුමට සරිලන පරිදි වෙළෙඳපොළ වෙත නිකුත් කිරීම පිණිස සහල් තොග ආනයනය කිරීම සඳහා මැදිහත් වීමට රජය කටයුතු කර ඇත. මෙම සතිය තුළ සහල් මෙට්‍රික් ටොන් 44,000ක් පෞද්ගලික අංශය විසින් ආනයනය කර ඇති අතර ඉදිරියේදී සහල් හිඟයක් ඇතිවීම...

විස්තර »

භීෂණ තර්ජනයෙන් තොර රටක
නත්තල සැමරීමට හැකි වීම සතුටක්

- ජනපති

භීෂණයේ කළු වළාවන් ගේ තර්ජනයෙන් තොර රටක නත්තල සැමරීමට ශ්‍රී ලංකාවේ කිතුනු බැතිමතුන්ට හැකිවීම සතුටට කරුණක් බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. හොඳ හිත පිරුණු සියලුම දෙනාට ඉතා ඉක්මනින් සාමයේ නව යුගයක් උදාවන බව ද ජනාධිපතිතුමා පවසයි.

විස්තර »

ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ ඉදිරි පරීක්ෂණ CID බාරයට

ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු තම භාරයට ගත්බව කොළඹ රහස් පොලිසිය ඊයේ (24) දින ගල්කිස්ස අධිකරණය වෙත දන්වා සිටියේය. ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය වූ දින ඒ මහතා සතු ජංගම දුරකථනය සොරාගත් බවට සැකපිට මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සැකකරුගෙන්...

විස්තර »



වෙළඳ දැන්වීම් . . . .

සිසාරා යන්නට වෙබ් අඩවි . . . .

 
අනුර තුමගෙ හිනා ගෙනෙන බොරු පැනය
තිස් දාහක් උපාධිධාරීන් ගැනය
හැට දාහක් මැරු කාලෙදි භීෂණය
අලි ගාවදි මතුවිද හංකිති ගුණය