සන්ධානයේ  දෙවැනි ජන රැලිය


එළඹෙන ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජය තහවුරු කිරීමේ දෙවැනි ජන රැලිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) පස්වරුවේ මිනුවන්ගොඩ දී පැවැත්විණි. ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ ජනහමුවට සහභාගි වූ අතර, රැස්වූ පිරිස අමතා ජනාධිපතිවරයා කතා කළ අයුරු හා ඊට එක්වූ අති විශාල ජනකායෙන් කොටසක් මෙහි දැක්වේ.
 ඡායාරූප:- ඉන්ද්‍රජිත් පෙරේරා





රට රැකියා දෙන බව කියා
කෝටි ගණනක් වංචා කළැයි

දඹර අමිල හිමි අත්අඩංගුවේ

විදේශ රැකියා ලබාදෙන මුවාවෙන් කෝටි ගණනක මුදලක් වංචා සහගත ලෙස ලබාගත් බවට සැකපිට දඹර අමිල හිමි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (27) පෙරවරුවේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

විස්තර »

මගේ අරමුණ රට ගොඩ නැඟීමයි:
මඩ ගැසීමේ පුරුද්දක් මට නැහැ

ත්‍රස්තවාදය අවසන් කළ ශ්‍රී ලංකාව ලෝකයේ උතුම් රට බවට පත් කරනවා යැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මිනුවන්ගොඩ නගර සභා ක්‍රීඩාංගණයට රැස්වූ ලක්ෂයකට අධික ජනකායක් ඉදිරියේ ඊයේ (27) ප්‍රතිඥා දුන්නේය.

විස්තර »

අත් වැරැද්දක්ද? සිහිනයක්ද?

“රනිල්ට සිංහල කියවන්න බැරිද?” ඩේලිමිරර් වෙබ් අඩවියේ ඊයේ (27) පළවී තිබූ මේ ඡායාරූපය දුටු අපේ මිතුරෙක් විමසීය. හෝමාගම පැවැති විපක්‍ෂ රැලියේදී විපක්‍ෂ නායකයාට මෙසේ සිය පුටුව මාරු වූයේ ඇත්තටම අත් වැරැද්දකින්ද? නැතිනම් ඔහු මේ දිනවල දකිමින් සිටින සිහිනයක් නිසාද? තීන්දුව පාඨක ඔබට බාරයි.

 

අන් රටක පුරවැසියකුට
මෙරට ප්‍රථම පුරවැසියා වෙන්න බැහැ

- ජනපති අපේක්ෂක සරත් කෝන්ගහගේ

වෙනත් රටක ව්‍යවස්ථාවකට යටත්වී පුරවැසිභාවය ලබාගත් පුද්ගලයකු ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ප්‍රථම පුරවැසියා වී රට පාලනය කරන්නේ කෙසේ දැයි එක්සත් ජාතික විකල්ප පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අධිනීතිඥ සරත් කෝන්ගහගේ මහතා ප්‍රශ්න කරයි.

විස්තර »

අධ්‍යාපන වෘත්තීය සමිති 16 ක
සහාය ජනපතිට

ඉදිරි ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වන බව අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ වෘත්තීය සමිති 16 ක නියෝජිතයෝ අවධාරණය කරති. ඔවුන් පවසන්නේ තිස් වසරක් තිස්සේ මෙරට සංවර්ධනය අඩාල කරමින් ක්‍රියාත්මක වූ කොටි ත්‍රස්තවාදය සිවු වසරකදී මෙරටින් තුරන් කිරීමට නායකත්වය ලබා දුන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් බවය.

විස්තර »



වෙළඳ දැන්වීම් . . . .

සිසාරා යන්නට වෙබ් අඩවි . . . .