විහාරස්ථාන නඩත්තුවට අරමුදලක්

ජනාධිපති උපදෙස් දෙයි

රටේ සියලුම වෙහෙර විහාරස්ථාන නඩත්තු කිරීම සඳහා අරමුදලක් පිහිටුවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.සදාචාර සම්පන්න සමාජයක් ඇති කිරීමේදී විවිධ බාධකවලට මුහුණ දීමට සිදුවන බවත් ප්‍රකාශ කළ ජනාධිපතිවරයා ඒවාට මුහුණදීමට තමන්ට ශක්තිය ඇති බවද ප්‍රකාශ කෙළේය.

විස්තර »

බිඳුණු සිත් සුවපත් කිරීමට
නව වසරේදී ඇප-කැප වෙමු

- ජනපති

ත්‍රස්තවාදය පරාජය කිරීමේ ප්‍රයත්නයට බාධා කිරීමේ විදේශීය උත්සාහයන් එඩිතරව සාර්ථක ලෙස පරාජය කළ අයුරින්ම ආර්ථික මෙහෙයුමේදී සහ බිඳුණු සිත් සුවපත් කිරීමේ කාර්යයේදී බලපෑම්වලට අවනත නොවී එම අරමුණු කරා යෑමට අපේක්ෂා කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ අලුත් අවුරුදු දින පණිවුඩයේ සඳහන් වේ.

විස්තර »

සෞභාග්‍යය රටේ ස්ථාපිත කිරීම
නව වසරේ ජාතික වගකීමයි

- අගමැති

ලබාගත් නිදහස භුක්ති විඳිමින්ම සෞභාග්‍යය හා සශ්‍රීකත්වය රට තුළ ස්ථාපිත කිරීම ඉදිරි කාල පරිච්ඡේදයේ දී අප හමුවේ ඇති ජාතික වගකීම බව අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාගේ අලුත් අවුරුදු දින පණිවිඩයේ සඳහන් වේ. අගමැතිතුමාගේ අලුත් අවුරුදු පණිවිඩය මෙසේය.

විස්තර »

ෆොන්සේකා පවුලේ අවි ගනුදෙනු විවාදයට සිංහයෙකු නැත්නම්
නරියෙකු හෝ බල්ලෙකු එවන්න

බොරු කතා කියා විවාදය මග හරින්න එපා

-විමල් කියයි

ෆොන්සේකාගේ පවුලේ අවි නිෂ්පාදන සමාගම ගැන විවාදයට සිංහයකු බැරිනම් නරියකු, බූරුවකු හෝ බල්ලෙකු එවන්නැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නැවත වරක් අභියෝග කරයි.එසේ නොමැතිව බහුබූත කතා කියා විවාදය මගහැර නොයන්නැයි හෙතෙම ඉල්ලා සිටියි.

විස්තර »

අතිපූජ්‍ය දවුල්දෙන ඥානිස්සර මහ නා හිමිගේ
95 වැනි උපන් දිනය නිමිත්තෙන්....

අමරපුර සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය දවුල්දෙන ඥානිස්සර මහ නා හිමිගේ 95 වැනි උපන් දිනය නිමිත්තෙන් නුගේගොඩ, පාගොඩ විද්‍යා විජය පිරිවෙන වෙත ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උන්වහන්සේට දිගාසිරි පතමින් සංඝගත දක්ෂිණාවක් පිරිනැමූ අයුරු.

 

ඡායාරූපය – නලින් හේවාපතිරණ



වෙළඳ දැන්වීම් . . . .

සිසාරා යන්නට වෙබ් අඩවි . . . .

 
කැඩුණු බිඳුණු රට යුද්දෙක තදට හැපී
ගිරුවාපත්තුවේ ගුණයෙන් සුවය සිපී
මේ නව වසරෙ නිදහස් සමනල්ලු අපී
මේසයෙ තිබේ කිරිබත් මල් රසට පිපී