රුසියාවේ තෙදින නිල සංචාරයක නිරත වූ ජනාධිපති යළි මෙරටට පැමිණි අවස්ථාව


රුසියාවේ තෙදින නිල සංචාරයක නිරත වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශිරන්ති රාජපක්ෂ මැතිනිය ඇතුළු පිරිස ඊයේ (09) පෙරවරුවේ යළි මෙරටට පැමිණි අවස්ථාවේ කටුනායක බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා ප්‍රමුඛ ඇමැතිවරුන් විසින් පිළිගනු ලැබූ අයුරු. දි.මු. ජයරත්න, ඒ. එච්. එම්. ෆවුසි, ආචාර්ය සරත් අමුණුගම, අනුර ප්‍රියදර්ශන යාපා ඇමැතිවරුන් ඇතුළු පිරිසක් ජනාධිපතිතුමා පිළිගැනීමට ගුවන්තොටුපොළට ගොස් සිටියහ.

ඡායාරූප - ඉන්ද්‍රජිත් පෙරේරා




සිසාරා යන්නට වෙබ් අඩවි . . . .


හිටපු හමුදාපති අත්අඩංගුවට ගත්තේ හමුදා
නීතියේ 57 (1) වගන්තිය යටතේ

ආරක්ෂක මණ්ඩලයේ සිටිමින්
රාජද්‍රෝහී වූ බවට චෝදනා

චෝදනා ගොනු කිරීම නීතිපති මඟින්

හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා යුද හමුදා පොලිසිය මඟින් පෙරේදා (08) අත්අඩංගුවට ගනු ලැබුවේ යුද හමුදා පනතේ 57 (1) වගන්තිය යටතේ බව හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පවසයි. රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ තීන්දු ගන්නා ආරක්ෂක මණ්ඩලයේ කටයුතු කරමින් සිටියදීම ෆොන්සේකා මහතා දේශපාලනයට සම්බන්ධ වීම හමුදා නීතියට අනුව රාජද්‍රෝහී ක්‍රියාවක් බවද අනාවරණය වෙයි.

විස්තර »

පාර්ලිමේන්තුව විසුරුවා හරී:

මහ මැතිවරණය අපේ‍්‍රල් 08දා

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ඊයේ (09දා) මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීය. මේ සම්බන්ධයෙන් වූ අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ රාත්‍රී නිකුත් කෙරිණි. මේ අනුව මීළඟ මහමැතිවරණය ලබන අපේ‍්‍රල් මස 08 වැනිදා පැවැත්වෙන අතර ඒ සඳහා වූ නාමයෝජනා බාරගැනීම මේ මස 19 වැනිදාත් 26 වැනිදාත් අතර දිනවලදී සිදු කෙරේ. මහමැතිවරණයෙන් පසු නව පාර්ලිමේන්තුව අපේ‍්‍රල් මස 22 දා රැස්වීමට නියමිතය. විසුරුවා හරින ලද 6 වැනි පාර්ලිමේන්තුවට 2004 අපේ‍්‍රල් මස 02 වැනිදා පැවති මැතිවරණයේදී මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනිණි.

විස්තර »

ෆොන්සේකා අත්අඩංගුවට ගත්තේ
රටේ පවතින නීතියට යටත්වයි

ඇමැති රෝහිත බෝගොල්ලාගම

හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගනු ලැබූවේ රටේ පවතින නීතියට පූර්ණ වශයෙන්ම යටත්ව බව විදේශ කටයුතු ඇමැති රෝහිත බෝගොල්ලාගම මහතා පැවසීය. රටේ පවතින නීතිය අනුව ඒ මහතා යුද හමුදාව මඟින් අත්අඩංගුවට ගත් බව කී ඇමැතිවරයා එය කිසිවිටෙකත් නීතියට එරෙහිවීමක් නොවන බවද කියා සිටියේය. ඒ මහතා මේ බව කියා සිටියේ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී ඊයේ (9) පස්වරුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

විස්තර »

 මවුබිමට පා තැබූ ජනපතිට
කටුනායකදී උණුසුම් පිළිගැනීමක්


රුදුරු ත්‍රස්තවාදය නිමා කරමින් මුළු මහත් ලෝකයේම අවධානය දිනාගත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට වාසිදායක වන කරුණු රැසකට මුල් වූ සිය රුසියානු නිල සංචාරය නිමාකොට ඊයේ (09) උදෑසන නැවත මවුබිමට පා තැබීය.

විස්තර »



වෙළඳ දැන්වීම් . . . .

 
අලියයි හංසයයි පොරකන රටේ          මෙම
දවසක් හීනෙකදි දැකලා රෑක                   මම
ඇහුවා මැඩම්ගෙන් ඡන්දයෙ ලකුණ       කිම
ඇයි බොල නියමයිනෙ කීවා බිබික්           කම