පුනරුත්ථාපනය කළ තරුණියක් ඇගේ මවුපියන් වෙත භාර දුන් අයුරු.
  

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් බලහත්කාරයෙන් ත්‍රස්තවාදී ක්‍රියාවල යොදවා ගෙන සිටිය දී අත්අඩංගුවට පත්ව හමුදාව මගින් පුනරුත්ථාපනය කළ තරුණියක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වවුනියාව පම්පාමඩු කඳවුරේ දී ඇගේ මවුපියන් වෙත භාර දුන් අයුරු.


ඡායාරූපය:- බන්දුල සෙනවිරත්න




සිසාරා යන්නට වෙබ් අඩවි . . . .


කොටි කටින් මුදාගත් 1300ක් මවුපියන්ට

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් බලහත්කාරයෙන් ඔවුන්ගේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා යොදා ගනිමින් සිටිය දී හමුදාව මගින් අත්අඩංගුවට ගෙන පුනරුත්ථාපනය කරන ලද එල්.ටී.ටී.ඊ. සාමාජික තරුණ තරුණියන් එක්දහස් තුන්සීයක් ඔවුන්ගේ මවුපියන් වෙත භාරදීම ඊයේ (1) වවුනියාවේ දී ආරම්භ කෙරිණි. මෙය සංකේතවත් කරමින් තරුණයින් තිදෙනකු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඔවුන්ගේ මාපියන් වෙත භාරදීම ඊයේ (01) පස්වරුවේ දී වවුනියාව පම්බෙයි මඩු හමුදා කඳවුරේ දී සිදුකරන ලදී.

විස්තර »

මාර්තු මාසයේ උද්ධමනය 0.6% කින්
පහත බැහැලා

පසුගිය මාර්තු මාසයේ දී උද්ධමනය සියයට 0.6කින් පහත බැස ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කෙළේය. පසුගිය පෙබරවාරි මාසයේදී සියයට 6.9 ක්වූ උද්ධමනය මාර්තු මාසයේදී සියයට 6.3 දක්වා පහත වැටී තිබේ. පෙබරවාරි මාසයේ 216.9 ක්වූ කොළඹ පාරිභෝගික මිල දර්ශකය ද සියයට 1.0 කින් අඩු වී ඇතැයි මහ බැංකුව ඊයේ (1) නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

විස්තර »

මා එජාපයේ මහ පුටුවට එනවාමයි

-වජිර අබේවර්ධන

ඒකාන්තයෙන්ම තමා එක්සත් ජාතික පක්ෂ නායක පුටුව හිමිකර ගන්නා බව ගාල්ල දිසා මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මැතිවරණ රැලිවලදී දිගින් දිගටම අවධාරණය කර තිබේ. ”ඡන්දයෙන් පසු මා එජාපයෙන් ආන්ඩුවට යන බව බොහෝ දෙනා කියා තිබෙනවා. ඇත්ත, මා යනවා. ඒක ස්ථීරයි. හැබැයි යන්නේ අන් කිසිඳු තැනකට නෙවි පක්ෂ නායක පුටුවටයි” හෙතෙම අනාවරණය කර ඇත.

විස්තර »

ජෙනරාල්ගේ සෞඛ්‍ය ගැන රජය
වගකීමෙන් කටයුතු කරනවා

- ඇමැති ඩලස් අලහප්පෙරුම

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ ජීවිතය හා සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් රජයට දැඩි වගකීමක් ඇති බවත් එම වගකීමෙන් බැහැර වීමට රජය කිසිදු මොහොතක කටයුතු කර නොමැති බවත් ප්‍රවාහන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. ෆොන්සේකා මහතාට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් ලබා නොදෙන බව සඳහන් කරමින් දේශපාලන වාසි ලබාගැනීමට දේශපාලන කණ්ඩායමක් උත්සාහ කළද ඒ මහතාට අවශ්‍ය සියලු සෞඛ්‍ය පහසුකම් යුද හමුදාව විසින් ලබාදී ඇති බවත් ඇමැතිවරයා කීය.

විස්තර »

මහ ඡන්දෙන් හැලුණොත්
ජාතික ලැයිස්තු දොර වැසේ

පාර්ලිමේන්තු මැතිවරණයෙන් තරග කර ජනතාව ප්‍රතික්ෂේප කරන නියෝජිතයන්ට ජාතික ලැයිස්තුවෙන් අවස්ථාවක් ලබා නොදීම රජයේ ස්ථාවරය බව ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. ඒ අනුව දැනට එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉදිරිපත්කර ඇති ජාතික ලැයිස්තුවේ කිසිදු වෙනසක් නොවන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කෙළේ ය. එක්සත් ජනතා නිදහස් සන්ධානය මහ මැතිවරණයට ඉදිරිපත් කර තිබෙන අපේක්ෂකයන් දෙසීය අසූ දෙදෙනාගේ කණ්ඩායම නීතිඥයන්, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, මාධ්‍යවේදීන් සහ විවිධ වෘත්තිකයන්ගෙන් සමන්විත උගත් , බුද්ධිමත් , පරිණත පිරිසක් බවද හෙතෙම කීය.

විස්තර »

කොළඹ දිස්ත්‍රික්කයේ එජාප අපේක්‍ෂකයාට
ලිංගික අතවර චෝදනා

තරුණියන් රවටා ලිංගික අතවර සිදුකොට ඒවා හෙළි කළහොත් ඇසිඩ් ගසා මරණ බවට තර්ජනය කළ බව කියන කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කරන එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂකයකු පිළිබඳව මිරිහාන පොලිසියට පැමිණිලි රැසක් ලැබී තිබේ. සුසිල්වතෙකු ලෙස පෙනී සිටින දෙදරු පියෙකු වන මෙම පුද්ගලයා තරුණියන් විස්සක් පමණ රවටා මෙසේ ලිංගික අතවරයට ලක්කර ඇති බවට අනාවරණය වී ඇත.

විස්තර »



වෙළඳ දැන්වීම් . . . .


 
වෙළෙඳ කලාපේ වැහෙනව කීවෙ කටානේ
ජයලත් ජයවර්ධන නම් මිහිරි කටා නේ
ඔය කිව්වට වැල දුවන්නෙ බුලත් වටානේ
ලබන සතියෙ අලි මාමට බායි ටාටානේ