ජනාධිපති ඉන්දීය අගමැති ආචාර්ය
මන් මෝහන් සිං මහතා හමුවූ අයුරු.
 

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා භූතානයේදී ඉන්දීය අගමැති ආචාර්ය මන් මෝහන් සිං මහතා ඊයේ හමුවූ අයුරු.


ඡායාරූපය - සුදත් සිල්වා




සිසාරා යන්නට වෙබ් අඩවි . . . .


සතොස යළි එනවා

* භාණ්ඩ මිල පහළට

* පාරිභෝගිකයන්ට සහන රැසක්

* එතෙරින් ආහාර

සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව (ස.තො.ස.) යළි ස්ථාපිත කිරීමට සමුපකාර හා වෙළෙඳ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ. පාරිභෝගිකයන්ට අවශ්‍ය සියලු ආහාර ද්‍රව්‍ය දැනට ස.තො.ස. හරහා ආනයනය කිරීමට ද පියවර ගෙන තිබේ.ස.තො.ස. යළි සක්‍රීය කරන්නේ දේශීය වෙළෙඳ පොළට රාජ්‍ය මැදිහත්වීම ශක්තිමත් කිරීමට බව ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ‘දිනමිණ’ ට පැවසීය.

විස්තර »

ලෝක කම්කරු දිනය හෙට

රට පුරා ජනරැලි-පෙළපාළි

ලෝක කම්කරු දිනය නිමිත්තෙන් මැයිදින සැමරුම්, පෙළපාළි සහ ජනරැලි රැසක් රටපුරා හෙට (01) පැවැත්වෙයි. මෙරට ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති රැසක් මේ වන විටත් මැයි දිනය සැමරීමට ලහි ලහියේ සූදානම් වෙති. වතු, ධීවර, ගොවි, කාර්මික, ඇඟලුම් යනාදී ක්ෂේත්‍ර රැසක වැඩකරන ජනතාව දිවයිනේ ප්‍රධාන නගර කීපයක් කේන්ද්‍ර කරගෙන ජනරැලි සහ පෙළපාලි පවත්වති.

විස්තර »

 තවදුරටත් අප අතර භේද නැතැයි....
 

තොරතුරු හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති මර්වින් සිල්වා මහතා ඊයේ (29) පෙරවරුවේ සිය අමාත්‍යාංශයේ වැඩබාර ගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් සමඟ සතුට බෙදා හදා ගනිමින් කේක් ගෙඩියක්ද කැපුවේය. එහි සුවිශේෂි සිදුවීමක් වූයේ තවදුරටත් අප අතර භේද නැතැයි පවසමින් සිරස මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදියකුට ඇමැතිවරයා කේක් කැබැල්ලක් කැවීමයි.

 

ඡායාරූපය- ප්‍රබෝධි ලංකා

ආරක්ෂක ලේකම් යාපනයේ සංචාරයක

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (29) පෙරවරුවේ යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරත විය. පලාලි ගුවන්තොටුපළට පැමිණි ඒ මහතා යාපනය ආඥාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතා විසින් පිළිගනු ලැබීය. පසුව යාපනය සේනා මූලස්ථානයේදී මහින්ද හතුරුසිංහ මහතා විසින් වර්තමානයේ යාපනයේ ආරක්ෂක තත්ත්වය සහ හමුදාව විසින් සිදුකරන සංවර්ධනය ගැන දැනුම්වත් කෙළේය.

විස්තර »

එජාප උප නායක සජිත් ප්‍රේමදාස
වෘත්තීය සමිති සභාපති දයාසිරි

එක්සත් ජාතික පක්ෂයේ උපනායක ධූරය සජිත් ප්‍රේමදාස මහතාටත්, වෘත්තීය සමිති සභාපති ධූරය දයාසිරි ජයසේකර මහතාටත් ලබාදෙන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. ඊයේ (29) දා විපක්ෂ නායක නිල නිවසේ පැවැති වෘත්තීය සමිති සාමාජිකයන්ගේ හමුවකට එක්වෙමින් වික්‍රමසිංහ මහතා එසේ පවසා ඇත.

විස්තර »



වෙළඳ දැන්වීම් . . . .