දිවයිනේ ප්‍රදේශ රැසක ගංවතුර.....

 

මේ දිනවල ඇදහැළෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක ගංවතුර තත්ත්වයක් හටගෙන තිබේ. කොළඹ නගරයට ඇදහැළුණු ධාරානිපාත වර්ෂාවෙන් ඕල්කට් මාවත ජලයෙන් යටවී තිබූ අයුරු සහ කටුනායක නයිවල ජනතාවට නාවික හමුදාව ප්‍රවාහන පහසුකම් සැලසූ අයුරු.

ඡායාරූපය – විමල් කරුණාතිලක




සිසාරා යන්නට වෙබ් අඩවි . . . .


ඇ.ඩො. දෙලක්ෂ අනූනවදාහක්
වංචා සිද්ධියේ සැකකරු

ජෙනරාල්ගේ බෑනා තාමත් නිදැල්ලේ

රහස් පොලිස් කණ්ඩායම් පහක් දැම්මත්
වැඩක් වෙලා නෑ

ජෙනරාල් සරත් ෆොන්සේකා ගේ බෑනා වන ධනුන තිලකරත්න අධිකරණය සහ පොලිසිය තවමත් මඟ හරිමින් සිටී. හමුදාවට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කොට ඇමෙරිකානු ඩොලර් 2,99,061.25 ක් වංචා කර ඇතැයි කියන සිද්ධිය ගැන ඔහු අත්අඩංගුවට ගැනීමට අධිකරණය මඟින් වරෙන්තු නිකුත් කර තිබේ. මොහු අත්අඩංගුවට ගැනීමට විශේෂ රහස් පොලිස් කණ්ඩායම් පහක් යොදා ඇතත් තවමත් නිදැල්ලේ පසුවීම විමතියට හේතුවී තිබේ. කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය සැකකාර ධනුන තිලකරත්නට රටින් පිටවීම තහනම් කරමින් පසුගිය පෙබරවාරි මස 10 වැනිදා නියෝගයක් නිකුත් කළ අතර එම නියෝගය ආගමන හා විගමන පාලකවරයාට ද දැනුම් දුන්නාය.

විස්තර »

වැස්සෙන් පීඩාවට පත්වූවනට පිසූ ආහාර
සපයන්න ජනපති නියමයෙන් ලක්‍ෂ 180ක්

පුද්ගලයන් 2,77,000ක් අවතැන්, මරණ 10යි:
තිදෙනෙක් අතුරුදන්

මහවැසි හේතුවෙන්, බස්නාහිර පළාත ඇතුළුව රට පුරා පීඩාවට පත්ව සිටින ජනතාවට කඩිනමින් සහන සලසන ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ උපදෙස් දුන්නේ ය. මේ අනුව විපතට පත් ජනතාවට පිසු ආහාර ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 180 ක මුදලක් ලබාදීමට ඊයේ (18) අරලිය ගහ මන්දිරයේ පැවති ආපදා කළමනාකරණ විශේෂ කමිටු රැස්වීමක දී රජය තීරණය කළේය. බස්නාහිර හා අනෙකුත් පළාත්වල මතුවී ඇති ගංවතුර තත්ත්වය පිළිබඳව අවධානය යොමු කොට පීඩාවට පත් වී ඇති ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සලසන ලෙසත්, ජලය ක්‍රමානුකූලව බැසයාම සඳහා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය, පළාත් පාලන ආයතන, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රජයේ නිලධාරීන් එක්ව ඒකාබද්ධ වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසත් ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

විස්තර »

හිටපු ඇමැති චමල් ඉතිරි කළ ඉන්ධන දීමනාව වරාය අමාත්‍යාංශයට

වරාය හා ගුවන් සේවා ඇමැතිවරයා වශයෙන් සිටියදී තමාට හිමි වූ ඉන්ධන දීමනාවෙන් ඉතිරි කැර ගත් රුපියල් 1,50,000ක මුදලක් එම අමාත්‍යාංශයට බාර දීමට කතානායක චමල් රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත. එම මුදල වරාය හා ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ.ටී.පී. රංජිත් ද සිල්වා මහතා වෙත ඊයේ (18) බාර දී තිබේ. මැතිවරණ කාල සීමාවෙන් පසුවද ඇමැතිවරයෙකුට හිමි වූ ඉන්ධන දීමනාවෙන් මෙතරම් මුදලක් ඉතිරි කැර ගැනීම අගය කළ යුතු බව අමාත්‍යාංශයේ ලේකම්වරයා “දිනමිණ” ට පැවැසීය.

විස්තර »

වරායට පැමිණි අන්තරායදායක
රසායනික ද්‍රව්‍ය කන්ටේනරයක් පුපුරා ගිහින්

කිසිවකුට හානියක් නෑ

කොළඹ වරායේ අන්තරායදායක නැව් බඩු කලාපයේ පිහිටි රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනරයක් ඊයේ (18) පුපුරා යාමෙන් ඇතිවූ ගින්නක් පැය කිහිපයක් තුළ නිවා දැමූ බව වරාය අධිකාරියේ ක්‍රියාකාරී අධ්‍යක්‍ෂ ප්‍රසන්න කලුතරගේ මහතා පැවසීය. සිද්ධිය ඇතිවූ වහාම ගිනි නිවන හමුදාව පැමිණ ගින්න නිවාලූ බව හෙතම කීවේය.

විස්තර »

එජාප ප්‍රති සංවිධාන යෝජනා අද රනිල්ට

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන යෝජනා අද (19) දා විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතාට භාර දෙන බව ප්‍රතිසංවිධාන කමිටුව පවසයි. පක්ෂ නායකයාට භාර දීමෙන් අනතුරුව අනිද්දා (21) දා උදෙ පැවැත්වෙන  එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හා කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන්ගේ විශේෂ හමුවකදී එය එළි දක්වන බව ප්‍රතිසංවිධාන පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුවේ සභාපති ජෝෂප් මයිකල් පෙරේරා මහතා “දිනමිණට” ප්‍රකාශ කෙළේය.

විස්තර »

අයහපත් කාලගුණය තව දින දෙකලු

රට පුරා දැනට පවතින අධික වර්ෂාව සහිත කාලගුණ තත්ත්වය තව දින දෙකකින් අඩු වී යන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. දැනට එළඹ තිබෙන්නේ නිරිත දිග මෝසම් වැසි සහිත කාලගුණයයි. ගිගුරුම් වැසි සහ කුණාටු සහිත තත්ත්වයක් බවට පත් වී තිබේ. පහල වායුගෝලයේ සිදුවී තිබෙන කැළඹීම් තත්ත්වයත් ගිගුරුම් සහිත අධික වර්ෂාව ඇතිවීමට බලපා තිබෙන බව කාලගුණ විද්‍යාඥ ජයසිංහ මහතා පවසයි.

විස්තර »



වෙළඳ දැන්වීම් . . . .

 
තනියම බුදුවෙන්න ට්‍රයි අපගේ මහත්වරු
කියනව අපේ කෝට්ටෙ රවි මැතිඳු ගරු
ඉන්නකො රවී කට්ටිය එය ලබන තුරු
ඉන් පසු ඔබෙයි පක්ෂය ෂ: මරේ මරූ