දෙවැනි නිදහස් සටනේ සෙන්පතිවරු

දෙවැනි නිදහස් සටනේ සෙන්පතිවරු
 

මේජර් ජෙනරාල්
ජී. ඒ. චන්ද්‍රසිරි

මේජර් ජෙනරාල්
ජගත් ජයසූරිය

මේජර් ජෙනරාල් මෙන්දක සමරසිංහ

මේජර් ජෙනරාල්
ජගත් ඩයස්

මේජර් ජෙනරාල්
කමල් ගුණරත්න

මේජර් ජෙනරාල්
නන්දන උඩවත්ත

බි‍්‍රගේඩියර් චාගි
ගාල්ලගේ

බි‍්‍රගේඩියර් ෂවේන්ද්‍ර සිල්වා

බි‍්‍රගේඩියර් ප‍්‍රසන්න සිල්වා

බි‍්‍රගේඩියර් සුමිත් මාණවඩු

බි‍්‍රගේඩියර් රෝහණ බණ්ඩාර

බි‍්‍රගේඩියර් සත්‍යප‍්‍රිය
ලියනගේ

කොටි ත‍්‍රස්තවාදීන් විනාශ කර දමන්නට යුද හමුදාපති ලුතිනන් ජනරාල් සරත් ෆොන්සේකා මහතා පියවරවල් රැසක් කි‍්‍රයාත්මක කළේය. භූමිය අත්පත්කර ගන්නවා වෙනුවට හැකිතාක් කොටි ත‍්‍රස්තයන් ඝාතනය කරන ලෙස යුද හමුදාවට ඔහු නියෝග කළේය. මේ යටතේ කි‍්‍රයාත්මක වූ හමුදා සෙබලුන් අංශ කිහිපයක් ඔස්සේ කොටි ප‍්‍රදේශයට ප‍්‍රහාර එල්ල කළහ.

උතුරේ මානුෂීය මෙහෙයුම ආරම්භ කරන ලද්දේ ශිලාවතුර ප‍්‍රදේශය කොටි ග‍්‍රහණයෙන් මුදා ගනිමිනි. එහිදී එම මෙහෙයුම භාරව කි‍්‍රයා කළේ බි‍්‍රගේඩියර් චාගී ගාල්ලගේය.
කර්නල් නිශාන්ත වන්නිආරච්චි කර්නල් ජී. වී. රවිප‍්‍රිය

එතැනින් පසුව 58 වන සේනාංකය සිය මෙහෙයුම් ආරම්භ කළහ. 58 වන සේනාංකයේ සේනාංකාධිපති වශයෙන් මෙහිදී බි‍්‍රගේඩියර් ෂවේන්ද්‍ර සිල්වා යුද හමුදාපතිවරයා විසින් පත්කරනු ලැබීය.

බි‍්‍රගේඩියර් ෂවේන්ද්‍ර සිල්වාගේ ප‍්‍රථම අභියෝගය වූයේ යෝධ වැව කොටි ග‍්‍රහණයෙන් මුදා ගැනීමයි. මන්නාරම යෝධ වැව කේන්ද්‍ර කර ගනිමින් කොටි ත‍්‍රස්තවාදීන් ත‍්‍රස්ත කි‍්‍රයා රැසක් සිදු කළහ. 58 වැනි සේනාංකය විසින් මෙම ප‍්‍රදේශය අත්පත් කර ගන්නා ලදී. එතැනින් නොනැවතී මන්නාරම සහල් බදුන, වෙඩිතලතිව්, පුනරින් පරන්තන්, ධර්මපුරම්, විශ්මඩු, පුදුකුඩුඉරිප්පු පුදුමාතලන් ඇතුළු ප‍්‍රදේශ රැසක් මෙම සේනාංකය විසින් අත්පත් කර ගැනිණි. බටහිර මුහුදෙන් ආරම්භ කළ මෙම සේනාංකයේ මෙහෙයුම නැගෙනහිර වෙරළ දක්වාම ගමන් කිරීම සුවිශේෂී සිද්ධියකි. බි‍්‍රගේඩියර් ෂවේන්ද්‍ර සිල්වාට මෙහිදී 58 වන සේනාංකයේ සෙබලුන් විශාල සහයෝගයක් ලබා දුන්හ.

58 වන සේනාංකය මෙසේ කි‍්‍රයාත්මක වෙද්දී මේජර් ජනරාල් ජගත් ජයස් යටතේ 57 වන සේනාංකය මානුෂීය මෙහෙයුමට සම්බන්ධ වූහ. මෙම සේනාංකය ඕමන්තේ මුර පොළට බටහිරින් ඒ 9 මාර්ගයට සමාන්තරව මෙහෙයුම් කි‍්‍රයාත්මක කළහ. කොටින්ගේ වැදගත් ස්ථාන රැසක බලය අත්පත් කර ගත් මෙම සේනාංකය තුනුක්කයි,, මල්ලාවි ආදී ප‍්‍රදේශ අත්පත් කර ගනිමින් අවස්ථා කිහිපයකදීම 58 වන සේනාංකය සමග සම්බන්ධ වූහ. මෙම සේනාංකය කොටින්ගේ හදවත බදු වූ ඒ 9 මාර්ග ඔස්සේ මාන්කුලම් පසුකරමින් කිලිනොච්ච්ය දක්වා බලය පැතිරවිය.

ප‍්‍රබල ප‍්‍රහාරයක් එල්ල කරමින් කිලිනොච්චියේ බලය 57 වන සේනාංකය අත්පත් කරගන්නා අවස්ථාවේ පුනරින් පරන්තන් මාර්ගයෙන් පැමිනි 58 වන සේනාංකය පරන්තන් හංදියෙන් පහළට ගමන් කර 57 වන සේනාංකය සමග සම්බන්ධ විය.

මේජර් ජනරාල් නන්දන උඩවත්ත (එවකට බි‍්‍රගේඩියර්) යටතේ වැලිඔය දෙසින් 59 වන සේනාංකය සිය මෙහෙයුම් ඉදිරියට කි‍්‍රයාත්මක කළේය. කොටින්ගේ ප‍්‍රධානම කඳවුරු රැසක් මෙම සේනාංකය විසින් අත්පත්කර ගනු ලැබීය.

මෙම සේනාංක මහත් පරිශ‍්‍රමයක් දරමින් කොටින්ගේ නාගර් කෝවිල් සහ මුහමලේ ඉදිරි ආරක්ෂක කලාපය අත්පත් කරගනිමින් අලිමංකඩ දක්වා පැමිණියේය. ඉන්පසුව 55 වන සේනාංකය චලෙයි දක්වා මෙහෙයුම් දියත් කර අතර 53 වන සේනාංකය ඔඩ්ඩුසුඩාන් වෙත කැඳවා එම සේනාංකය මෙහෙයුමට සම්බන්ධ කළහ. මෙම සේනාංක අවස්ථා කිහිපයකදී එකිනෙකා හමුවිය. මෙය යුද ජයග‍්‍රහණ රැසක් ලබා ගැනීමට හේතු විය.

මේ අතර යුද හමුදාපතිවරයාගේ සජු අධීක්ෂණය යටතේ කාර්ය සාධක බළකාය 02, 03, 04, 05, 06, 07, 08, බළකායන්ද මෙම මෙහෙයුමේදී විශාල සේවයක් ඉටු කළහ. මෙම සේනාංකවල සහ යුද ගැටුම්වලදී මියගිය හමුදා නිලධාරීන් සහ සෙබලුන්ට ජාතියේ උත්තමාචාරය පුද කරමු.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා