දැයේ විරුවනට උත්තමාචාරය පුද කරමු

කුරිරු බළමුළු නසා යළිත් නිදහස දිනා දුන් දැයේ විරුවනට උත්තමාචාරය පුද කරමු

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යුද්ධය අවසන් කළ බව සේනාධිනායක මහින්ද රාජපක්ෂ මහතා වෙත දැන්වූ මොහොත..

ඒකාබද්ධ මාණ්ඩලික ප‍්‍රධානි චීෆ් එයාර් මාර්ෂල් ඩොනල්ඩ් පෙරේරා මහතා යුද්ධය අවසන් කළ බව සේනාධිනායක මහින්ද රාජපක්ෂ මහතා වෙත දැන්වූ මොහොත..

ස්තවාදය නිමාවිය. යුද්ධය ද ඒ සමඟම අවසන් විය. ඊයේ වනතෙක්ම අපට කියන්නට උදම් අනන්නට ඉතිරිව තිබුණේ හෙළ රාජ ඉතිහාසයේ ප්‍රෞඪත්වය යි. අද සිට අපට කියන්නට ලියන්නට, කථාවක් ඇත.

ඒ අපේ සෙන්පතීන් වසර තිහක ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ උදාර කර්තව්‍යය පිළිබඳ ය. රට දෙකඩ කිරීමට උත්සාහ කළ ප‍්‍රභාකරන්ගේ් අවසානය ගැන ය.

සියල්ලන් එක්ව ඒ පෑ සුරුවිරු කම් අනාගතයේ දී ප්‍රෞඪ වූ ඉතිහාසයේ රනින් නිමකළ පිටු ගොන්නට එක්වනු නියතය.

අපේ මතු පරපුර ඔවුන්ගේ වැඩිහිටියන් ත‍්‍රස්තවාදය පරාජය කැර ශී‍්‍ර ලංකා මාතාව තමන්ට එකම රටක් එකම දැයක් භාරදුන් අයුරු ඔවුන්ගේ දරු පරපුරට මහත් අභිමානයෙන් පවසනු ඇත.

මේ යුග මෙහෙවරට උරදුන් ති‍්‍රවිධ හමුදාව, පොලිසිය, විශේෂ කාර්ය බලකාය හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට ජාතියේ ප‍්‍රණාමය පුද කළ යුතුය.

දශක තුනක කාලයක් මුළුල්ලේ මව්බිමේ සියලු ජන කොටස් භීතියට පත්කළ රුදුරු ත‍්‍රස්තවාදයෙන් ශී‍්‍ර ලංකාව මුදාගැනීමේ කාර්යයේ දී පෙරමුණ ගත් මහ සෙන්පතීන්ට උපහාර දක්වමින් පිළිගත් සේනාධිනායකවරයා ඔවුන් තනතුරුවලින් උසස් කරමින් සිය ප‍්‍රණාම පුද කළේය.

යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා යුද්ධය අවසන් කළ බව සේනාධිනායක මහින්ද රාජපක්ෂ මහතා වෙත දන්වාසිටි මොහොත..

ගුවන් හමුදාපති චීෆ් එයාර් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා යුද්ධය අවසන් කළ බව සේනාධිනායක මහින්ද රාජපක්ෂ මහතා වෙත දැන්වූ මොහොත..

නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා යුද්ධය අවසන් කළ බව සේනාධිනායක මහින්ද රාජපක්ෂ මහතා වෙත දැනුම් දුන් මොහොත..

කොටින්ගෙන් රට හා ජනතාව මුදා ගැනීමේ උතුම් වූ මානුෂික මෙහෙයුම ආරම්භ වූයේ මින් වසර දෙකකුත් මාස අටකට පෙර 2006 වසරේ ජූලි 26 දාය.

එතැන් සිට නිසි නායකත්වය දෙමින් සිය කණ්ඩායම් මෙහෙය වූ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් රොෂාන් ගුණතිලක හා නාවික හමුදාපති වයිස් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ යන මහා සෙන්පති ති‍්‍රත්වය ඉකුත් සඳුදා (18) සවස සිය කාර්යය නිමකැර රට මුදාගත් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත සංදේශයක් පිළිගන්වමින් දැනුම් දුන්හ.

රටේ ස්වෙරීභාවය රැකගනිමින් සියලු වැසියන්ට නිදහස ලබාදීමේ කාර්යයේ නියැලී එය සාර්ථකව නිම කළ මේ සෙන්පතිවරුන් ඉහළ නිලයන් වෙත උසස් කරමින් ප‍්‍රණාමය පුද කෙරුණේ මේ අනුව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා ජෙනරාල් ධුරයට ද ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් රොෂාන් ගුණතිලක එයාර් චීෆ් මාර්ෂල් ධුරයට ද නාවික හමුදාපති වයිස් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අද්මිරාල් ධුරයට ද උසස් වීම් ලබමින් උපහාරයෙන් පිදුම් ලැබීය.

ඒ සාඩම්බර මෙහෙවරේ ආරම්භය ඉතා හැඟුම්බර දුක්බර වූ අවස්ථාවක් වුණි. 2006 වසරේ ජූලිය වන විට කොටි ත‍්‍රස්තවාදීන් තම හැකියාව හා ශක්තිය ලෝකය හමුවේ ප‍්‍රදර්ශනය කෙළේ මාවිල්ආරු අමුණ වසාදමමිනි.

ඒ අවට ගම්මානවල පදිංචිව සිටි 30,000කට අධික ජනතාව පානීය ජලය නොමැතිව හා වගා කළ කුඹුරුවලට ජලය අහිමිව වැළපෙද්දී කොටි නායකයා ජල අමුණ වසා දමා දින හයක් ගතවිණි.වියළී යන කුඹුරු අක්කර 15,000ක ගොයම දෙස බලා වැසියෝ කඳුළු හෙළුෑහ.එහෙත් කුරිරු ත‍්‍රස්තයෝ ජලය ලබාදීමට පියවර ගත්තේ නැත.

මේ කුරිරු ත‍්‍රස්තවාදියාගේ බල බිඳින්නට සේනාධිනායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුදා බල ඇණීවලට උපදෙස් දුන්නේ මේ ජනතාවගේ සෝ සුසුම් මතිනි.

ඒවා නිවාදමන්නටය,නොඑසේව අසරණ වැසියන්ගේ කඳුළු සුසුම් නිවාදමන්නට ඇරැඹි යුද්ධය ශී‍්‍ර ලංකා භූමිතලයෙන් ඉවත්කරලීමට තරම් ශක්තිමත් විය. උතුරේ බොහෝමයක් වැසියන් දමිළ ජාතිකයන් ය.ඒ අපේ නොදුටු නෑදෑයන් මුදාගන්නට දකුණේ සිංහල දරුවන් පෙරමුණ ගත්හ.

කොටි ග‍්‍රහණයට නතුව සිටි පුදුමාතලන් යුදමුක්ත කලාපයේ වැසියන් මුදාගැනීමේ අවසන් මෙහෙයුමේ දී ජන ගඟ ගලා ආවේ සියදහස් ගණනිනි.

පොලිස්පති ජයන්ත වික‍්‍රමරත්න මහතා යුද්ධය අවසන් කළ බව සේනාධිනායක මහින්ද රාජපක්ෂ මහතා වෙත දැන්වූ මොහොත..

සිවිල් ආරක්ෂක බළකායේ අධ්‍යක්ෂ රියර් අද්මිරාල් සරත් වීරසේකර යුද්ධය අවසන් කළ බව සේනාධිනායක මහින්ද රාජපක්ෂ මහතා වෙත දැන්වූ මොහොත..

”අනේ අපේ රජුන්ට කියන්න”ආයේ මේ වගේ දුකක් ඇතිවෙන්න ඉඩතියන්න එපා කියලාගකොටි අපේ සියලු දේ උදුරගත්තා.අපිට ආයේ ජීවිතගෙවන්න නැගිටින්න කවදා හැකිවේවිද? අපේ මහ රජුට කියන්න අපිට පිහිට වෙන්න කියලා.”

ත‍්‍රස්තවාදීන්ගෙන් මිදී ආ අසරණ වයොවෘද්ධ මවක් හමුදා සෙබළ දරුවකු ඉදිරියේ දොහොත්මුදුන් දී ඉල්ලා සිටියේ ජීවිතයයි.ආදරය, රැකවරණය හා විශ්වාසයයි.ඔවුන් වසර තිහක කාලයක් තිස්සේ මේ නිදහස ලබාදෙනු ඇතැයි බලාසිටින්න ඇත.අද ඒ උදාර මෙහෙවර ඉටුවී තිබේ.

ශී‍්‍ර ලංකා මාතාවගේ ඇකයේ ම උපන් මිනීමරු ප‍්‍රභාකරන් ජන ජීවිත දේපළ විනාශ කරන විට ඊට විරුද්ධිව නැඟී සිටි ජව සම්පන්න දකුණේ දරුවෝ ති‍්‍රවිධ හමුදාව හා පොලීසිය වටා වූහ.

2005 වසරේ අග භාගයේ රටේ ජන නායකයා වූ මහින්ද රාජපක්ෂ නම් යුග පුරුෂයා මේ ජව සම්පන්න තරුණයන්ට රජෙකු විය. මේ මහ රජාණන්ගේ යුව රජු ලෙසින් රාජ්‍ය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් උපන් රට බේරා ගැනීමට, තම සොහොයුරාණන්ට අත්වැලක් විය.

මේ සේනාවගෙන් සැදුම්ලත් රණවිරුවෝ ගත් පෙර මඟ,අද විවර වී තිබේ. ඔවුන්ගේ රුධිරය දැයේ ජීවනාලිය බවට පත්ව ඇත. අද එකම ධජයක් යටතේ ලාංකිකයන් නිදහස භªක්ති විඳිමින් සිටිති.

ඒ උදාර මෙහෙවර අවසන් බව නිරහංකාරව කියා පෑ ගුවන් හමුදා සෙබළ බළමුළුව ඉකුත් 19 වැනිදා පෙරවරුවේ ගුවන අරා සිය එඩි බලය දර්ශනය කරමින්, ප‍්‍රහාරක යානා ගුවන්තලය පුරා ප‍්‍රදර්ශන චාරිකාවල යොදවමින්, ලංකා මාතාවට ආසිරි පැතූහ.

ත‍්‍රස්තවාදීන්ගේ බලය අවසන් කළ පුදුමාතලන් යුද මුක්ත කලාපයට එක්වූ යුද හමුදා සෙබළ කැළ, තම කණ්ඩායම අවසන් කළ යුග මෙහෙවරේ ජයග‍්‍රහණ සැමරූහ. ඉකුත් 20 වැනිදා සවස් යාමයේ පුදුමාතලන් වෙත රැස්වූ මේ සෙබළ කැළ, ජයග‍්‍රහණයේ වෙඩි මුර දල්වමින් තවදුරටත් ඊට පහර දෙන්නට සතුරන් ශ‍්‍රී ලංකා මවුබිමේ නොමැති බව පසක් කළහ.

රණවිරුවනි, ඔබ පිදූ රුධිරය, ශරීරාංග දැයේ දරුවන්ගේ අනාගත නිදහස වෙනුවෙනි. ඔබේ කැපවීම ඔබ පිදූ ඔබේ අද දවස වෙනුවෙනි. අපි ඔබ සදා බැතින් සමරන්නෙමු.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්