රණ ගී ගයමි

රණ ගී ගයමි

ඇස් දෙක උස්කර
බලා උස් උස්ව නැඟි
පස් බැමි බිඳ දැමූ
සිහ දද එසවූ
රණ විරුවණේ..නුඹටම යි
දෑස් කෙවෙනි තෙත් වී
උස් හඩින් ගැයෙන
මේ ගී ගායනා


කොටියත් ඊළමත් අද ගොස් විනාසෙට

ඉතිහාසයක් හිමි ඉපැරැණි අති වටින
මුතුමාලයක් ලෙස රජවරු රජ කෙරුන
හැම කන්නයක් සරුවට අස්වනු පිරුන
හෙළ දේශයක් ලොව නැත මිස ලක් දෙරණ

දහමින් පිරුණ රට දහමින් රැකුන
රට දැහැමින් වෙසුනු රට වැසියන් පිරුණු
රට රැහැනින් එකට බැදි මුත් කාලයක සිට
උතුරින් කණකොකා හඬ රට බෙදෙන්නට

උපතින් උරුම රට කාටත් පොදු වන්නේ
එතෙකින් නොයිද ඇයි පැත්තක් ඉල්ලන්නේ
සුරතින් මොටද ගිනි අවියක් උසුලන්නේ
සැපතින් වැටී විපතින් අවසන් වන්නේ

සිරිලක් මවගේ වස්තුව හෙළ තරුණ කැළ
පුරුකක් ලෙසට සිටියේ සිංහල දමිළ
හරවත් නොවන යුද්ධයකට ගොස් දුබල
බලවත් පාඩුවකි නැතිවුණ එක දෙපිළ

ඇතැමෙක් මුලාවිය මහ කොටි කතාවට
දරුවෙක් වුවත් ගෙනයයි කොටි කැළෑවට
දෙඩුවත් මුසා බැහැ යුද්ධය දිනන්නට
කොටියත් ඊළමත් අදගොස් විනාසෙට

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්