ප්‍රතිජීවකවලට ඔරොත්තු දෙන බැක්ටීරියාවක් ඉන්දීය රෝහල්වල

ප්‍රතිජීවකවලට ඔරොත්තු දෙන බැක්ටීරියාවක් ඉන්දීය රෝහල්වල

බ්‍රිතාන්‍ය සඟරාවක් කියයි

ඉන්දීය රෝහල්වල ප්‍රතිජීවකවලට ඔරොත්තු දෙන “සුපර්බග්” නමැති බැකිටීරියා විශේෂයක් භාවිත කරන බවට බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාවක පළවූ අධ්‍යයනයක දැක්වේ. මෙය ඉන්දියාවේ වෛද්‍ය සංචාරක ව්‍යාපාරය කඩාකප්පල් කිරීමට දරන ලද තැතක් බවට ඉන්දියාව කෝපයෙන් ප්‍රතිචාර දක්වා ඇත.

මෙයට විරෝධය දක්වමින් ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය දැඩි ස්වරයෙන් යුත් ප්‍රකාශයක් නිකුත් කර තිබේ. වෛද්‍යාධාර සඳහා ඉන්දියාවට ගිය රෝගීන් මෙම බැක්ටීරියාව බ්‍රිතාන්‍යට ද ගෙනැවිත් ඇති බව බ්‍රිතාන්‍ය පරීක්‍ෂකයෝ ප්‍රකාශ කරති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා