ආසියාවේ රන් සලකුණ.


 




Send money to Sri Lanka - www.timesofmoney.com




සිසාරා යන්නට වෙබ් අඩවි . . . .


කරදිය මංගල්‍යයට හම්බන්තොට සූදානම්

ලක් මෑණියන්ගේ ශ්‍රී නාමය සදානුස්මරණීය ලෙස ලෝක වාර්තා පොත් අතරට එකතු කරමින්, ගොඩබිම ඉදිකළ ලොව සුපතළ මුල්ම වරාය නම් ලද හම්බන්තොට වරාය බිම ජලයෙන් පිරවීමේ ‘කරදියවර මංගල්‍යය’ හෙට (15) උදේ 9.30 ට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කැරේ. වසර දෙදහස් පන්සීයයකට අධික ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලාංකීය ජාතියේ ආඩම්බරය ඉර හඳ පවතිනාතුරු සුරැකෙන බවට ලොවට කියාපාන රන් සලකුණක් ලෙස මේ දැවැන්ත , යෝධ පියවර හැඳින්විය හැකිය.

විස්තර »

සරත් ෆොන්සේකා වැරැදිකරු වෙයි:
‘ජෙනරාල් නිලයෙන්’ පහකරයි

සක්‍රීය හමුදා සේවයේ සිටියදී දේශපාලන කටයුතුවල යෙදීම සම්බන්ධ චෝදනාවලට වැරැදිකරු වූ විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා දැනට ඔහු දරන ජෙනරාල් නිලයෙන් අපකීර්තිමත් ලෙස නෙරපා හැරීමට ඊයේ (13) යුද්ධාධිකරණය නියෝග කෙළේය. විශ්‍රාමික ජෙනරාල්වරයාට එරෙහිව රැස්වූ ප්‍රථම යුද්ධාධිකරණය, ඔහු සක්‍රීය සේවයේ සිටිය දී දේශපාලන කටයුතුවල යෙදීමට අදාළව නඟා තිබූ චෝදනා දෙකටම වැරැදිකරු බවට තීරණය කෙළේය.

විස්තර »

රවි ඇතුළු පිරිසට පහර දුන්
සිද්ධියට තව 2ක් සැකපිට

කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ඇතුළු කණ්ඩායමට බෙලිඅත්තේ දී ප්‍රහාර එල්ල කළ කල්ලියට අයත් බව කියන තව සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (13) සවස අත්අඩංගුවට ගෙන තිබේ. පැමිණිළි කරුවන් හා පෙරේදා අත්අඩංගුවට පත් සිවු දෙනා හෙළිකළ තොරතුරු අනුව මොවුන් අත්අඩංගුවට ගත් බව බෙලිඅත්ත පොලිසිය පවසයි.ඉකුත් 08 වැනිදා රාත්‍රී එල්ලවූ මේ ප්‍රහාරය සම්බන්ධයෙන්...

විස්තර »

වික්‍රමසිංහ මාතාවගේ සුව දුක් බැලීමට
ජනපති රෝහලට යයි

විපක්‍ෂ නායක සහ එ. ජා. ප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ මෑණියන් වන දැනට රෝගාතුරව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන නාලනී වික්‍රමසිංහ මාතාවගේ සුවදුක් විමසා බැලීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (13) පෙරවරුවේ එහි ගියේය. නිදුක් නිරෝගී දීර්ඝායුෂ වික්‍රමසිංහ මාතාවට ප්‍රාර්ථනා කළ ජනාධිපතිවරයා, ඉන්පසු හිටපු අමාත්‍යවරයකු වන ලක්‍ෂ්මන් ජයකොඩි මහතා නේවාසිකව ප්‍රතිකාර ලබන ස්ථානයට ගොස් ඔහුගේ ද සුවදුක් විමසා බැලීමට අමතක නොකළේය.

විස්තර »

රජයේ රෝහලකින් පැන්නු ලක්‍ෂ 10
බේත් තොග පිටකොටුවේ පාමසියක

රජයේ රෝහල්වලින් රෝගීන් සඳහා නොමිලේ නිකුත් කරන ඖෂධ තොගයක් පිටකොටුව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඖෂධ අලෙවි හලක අලෙවියට තබා තිබියදී අත්අඩංගුවට ගැනීමට ජාතික ඖෂධ අධිකාරියේ විශේෂ විමර්ශන කණ්ඩායමක් ඊයේ (13) සමත් විය. අත්අඩංගුවට ගෙන ඇති ඖෂධ තොගයේ වටිනාකම රුපියල් ලක්‍ෂ දහයකට වැඩි බවට ගණන් බලා තිබේ. අවශ්‍ය වූ විට දිව යට තබා ගැනීමේ පෙත්තක් ලෙස....

විස්තර »

නවසීලන්තය පරදවා ශ්‍රී ලංකාවට
කඩුලු 3ක ජයක්

රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ දී ඊයේ පැවැති තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සත්කාරක ශ්‍රී ලංකා පිල සහභාගි වූ පළමු තරගයෙන් කඩුලු 3 ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත්විය. ඉන්දියාව දැවැන්ත පරාජයකට ඇද දැමූ නවසීලන්ත පිල ඊයේ ශ්‍රී ලංකාව ඉදිරියේ පරාජයට පත්වූයේ ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු 4ක් හිමිකර දෙමිනි.ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 193ක ඉලක්කයක් කරා ගමන් කිරීමේදී පළමු කඩුල්ල ලෙස තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 5ක් ලබා සිටියදී දැවී ගියේ මිල්ස් යැවූ පන්දුවක් කඩුල්ලේ වැදීම හේතුවෙනි.

විස්තර »

ආදරණීය දූදරුවනි, ඔබ ලෝකයේ කොහේ සිටියත් උපන් දේශයත්,
මවු භාෂාවත් කිසිදා අමතක නොකරන්න. මන්ද ඒවා ඔබගේ ආත්මය වන නිසාය

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ
2009 මාර්තු 15 මහනුවරදී



වෙළඳ දැන්වීම් . . . .

 
උපදින මැරෙන මේ ලොව හැම දේම දුකයි
ලෙඩකදි දුකයි සතුටක් නිමවෙද්දි දුකයි
රවී ඔබට මෙහෙම කියන මටත් දුකයි
තමන්ගෙ එවුන් ගැහුවම නම් මාර දුකයි