ඉන්දියාව පරමාණු බල පිරියතක් පිහිටුවීමට එරෙහිව ධීවරයෝ - න්‍යෂ්ටික විරෝධීහු උද්ඝෝෂණයක

ඉන්දියාව පරමාණු බල පිරියතක් පිහිටුවීමට එරෙහිව ධීවරයෝ - න්‍යෂ්ටික විරෝධීහු උද්ඝෝෂණයක

ඉන්දියාව පරමාණු බල පිරියතක් පිහිටුවීමට එරෙහිව ඉන්දිය ධීවරයන් සහ න්‍යෂ්ටික විරෝධි ක්‍රියාකාරීහු සෙනසුරාදා දැවැන්ත විරෝධතාවක් පවත්වා ති‍බේ . මුහුදේ දැක්වූ මෙම විරෝධතාවේ දි බෝට්ටු 500 කින් පැමිණි විරෝධතාකරුවන් දකුණු තමිල්නාඩු හී ටියුටිකොරින් වරායක් අවහිර කිරීමට තැත් කළ බව පොලීසිය පවසයි . මෙම වරායේ සිට යුරේනියම් පැටවිමට සුදානමක් පවති .

මෙම විරෝධතාව සාමකාමිව පැවති බව ටියුටිකොරීන් වරායේ ප්‍රකාශක වී . සත්‍යරාජන් පවසයි . රුසියාවේ සහාය ඇතිව සිදුකරණු ලබන යුරේනියම් පැවීම් නැවැත්විය යුතු බවට සටන් පාඨ කියමින් විරෝධතාකරුවෝ හඬ නඟා ඇත .

මේ මස මුල් හරියේදි පැවති විරෝධතාවකදි පොලීසිය සමඟ ඇතිවු ගැටුම්වලින් ධීවරයෙක් මිය ගියේය .

මෙම වරායෙන් යුරේනියම් පැටවීම නතර කරන ලෙස ඉදිරිපත් කළ අභියාචනයක් පසුගිය සතියේ දි ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළේය.වසර 2032 වනවිට ඉන්දියාවේ මෙගවොට් 63 000 ක න්‍යෂ්ටික බලයක් නිපදවීමට ඉන්දියාව සැලසුම් කර ඇත . ඒ වර්තමානය හා සසඳන කළ 14 % ක වැඩිවිමකි .

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා