දියවැඩියා රෝග නිවාරණයට බරාකා වෙළෙඳ නාමයෙන් ඖෂධ


දියවැඩියා රෝග නිවාරණයට බරාකා වෙළෙඳ නාමයෙන් ඖෂධ

පරිවෘත්තීය ක්‍රියාවලියේ සිදුවන අඩුපාඩුවක් ලෙසට දියවැඩියා රෝගය හඳුන්වා දිය හැකි අතර සුව කිරීම වෙනුවට පාලනය කළ හැකි රෝගයකි. ලොව පුරාවටම මිලියන 250ක් පමණ දියවැඩියා රෝගීන් සිටින අතර සෑම වසරකම මිලියන 07ක් මේ රෝගයට ගොදුරුවෙති.

නිහඬ මරුවකු ලෙස හැඳින්විය හැකි දියවැඩියා රෝගය වැළඳීමත් සමගම හෘදයාබාධ සහ අංශ භාගය, වකුගඩු ආබාධ, අන්ධභාවය, පා අහිමි වීම් වැනි සංකූලතා ඇති කරන අතර මෙම රෝග වලින් මිදීම සඳහා දියවැඩියාව පාලනය කිරීම අත්‍යවශ්‍ය වේ.

ඒ සඳහා කෙඳී සහිත ස්වභාවික ආහාර වැඩියෙන් අනුභව කර පිෂ්ඨය හා තෙල් සහිත ආහාර ගැනීම අඩුකර ක්‍රියාශීලි දිවියක් ගතකර තරබාරුකම අඩු කර ගත යුතුවේ. එමෙන්ම ලද දෙයින් සතුටු වී සැහැල්ලුවෙන් ජීවත් වීම ද මේ සඳහා මහෝපකාරී වේ.

Expo Holdings සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ආයතනයක් වන Bio Extract පුද්ගලික සමාගම ජනප්‍රිය Baraka  වෙළෙඳ නාමය යටතේ නිෂ්පාදනය වන කලුදුරු (Black Seeds) ආශ්‍රිත ආයුර්වේද ශාකසාර නිෂ්පාදන රැසක් හඳුන්වා දී ඇත.

Bio Extract පුද්ගලික සමාගම විසින් දේශීයව නිෂ්පාදනය කරන මෙම Baraka  නිෂ්පාදන පෙළ එම සමාගමට අනුබද්ධිත Expolanka pharmaceuticals පුද්ගලික සමාගම විසින් අළෙවිය හා බෙදා හැරීම සිදු කරයි.

දියවැඩියා රෝගය සහ ඒ නිසා ඇති වන සංකුලතා සඳහා ඉතා අනර්ඝ ප්‍රතිඵල ලබාදෙන කලුදුරු තෙල් වලින් නිෂ්පාදිත කරල් විශේෂයක් Baraka Diabsolc  බරකා ඩයබ්සෝල් වෙළෙඳ නාමය යටතේ හඳුන්වා දී ඇත.

එම නිසා දියවැඩියාව පාලනයට හා ඒ සමඟ සටන් කිරීමට මෙන්ම දියවැඩියාව නිසා දිගු කාලයක් ගොදුරු වී සිටීම නිසා ඇති වන සංකුලතාවයන් වන ස්නායු පද්ධතියට බලපෑම් , පාදවල සංවේදිතාවය නැති වීම, දෑස් නොපෙනීම , හෘදයාබාධ, අංශ භාග, වකුගඩු රෝග ආදී රෝගයන්ගෙන් වැළකීමට ද වඩාත්ම උචිත ඖෂධය බවට Diobsol මේ වන විට පත් වී සිටී. මෙම රෝගවලින් මිදීමට Baraka Diabsol ඉතාමත් සුදුසු ඖෂධයක් බව සායනික පර්යේෂණ සිදුකර එමගින් එහි ක්‍රියාකාරිත්වය රසායනිකව සානාථ කර ඇත.

100% ක්ම ස්වභාවික Baraka නිෂ්පාදන කිසිදු කල් තබා ගැනීමේ රසායන ද්‍රව්‍යයන් හෝ වර්ණ කාරක රස කාරක යොදා නොමැති අතර අතුරු ආබාධ වලින් 100% ක්ම තොරවේ.

Baraka නිෂ්පාදනවල ස්වභාවිකත්වය එලෙසම රැකී ඇති බැවින් මේ වන විට දියවැඩියා රෝගය සඳහා වෙනත් ඖෂධ භාවිතා කරන රෝගීන් එම ඖෂධයන් සමඟ Baraka Diasol කරල් ලබා ගැනීමෙන් කිසිදු අන්තර් ප්‍රතික්‍රියාකවක් ඇති නොවේ.

Baraka වෙළඳ නාමය යටතේ නිෂ්පාදනය වන සියලුම නිෂ්පාදන අමුද්‍රව්‍යයේ සිට අවසාන නිපැයුම ලබා ගන්නා තුරුම ඉතා ඉහළ මට්ටමින් තත්ත්ව පාලනයකට යටත්ව නිෂ්පාදනය කරන අතර දියවැඩියාව, ස්ථූලතාවය, අධි රුධිර පීඩනය, රුධිරගත කොලෙස්ට්‍රොල් මට්ටම ඉහළ යාම , සන්ධි ප්‍රදාහය (ආතරයිටීස්) රෝගාබාධ රැසක් නිවාරණය කරන ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලත් ශාකසාර ඖෂධ පෙළක් හඳුන්වා දී ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා