ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික මහ සම්මේලනය හෙට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික මහ සම්මේලනය හෙට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික මහ සම්මේලනය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (15) කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

රටවල් 35ක දේශපාලන පක්ෂ නියෝජිතයන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාත්‍යන්තර ශාඛා 35ක නියෝජිතයන්, සහෝදර පක්ෂ හා කණ්ඩායම් 39 ක නියෝජිතයන් ඇතුළුව ශ්‍රීලනිප ශාඛා සමිති ක්‍රියාකාරීහු ලක්ෂයක් මේ අවස්ථාවට එක් වෙති.

දැන් ඉතින් රට හදමු තේමාව ඔස්සේ පැවැත්වෙන මේ සමුළුවේදී දේශපාලන, ආර්ථික ජාතික සමගිය සහ අනාගතය පිළිබඳ වැදගත් වූ යෝජනා කිහිපයක් සම්මත කර ගැනීමට නියමිතය.

අතීතයේ වූ දෑ පැහැදිලි කරමින් අනාගතයේදී රට ගොඩ නැඟීමේ වැඩපිළිවෙළ පිළිබඳව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පක්ෂ ක්‍රියාකාරීන් දැනුවත් කරනු ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා