මරණ දැන්වීම්




කොළඹ පිටකොටුව පළමුවැනි හරස් වීදියේ
අංජුලා ඉලෙක්ට්‍රිකල්ස් අධිපති ටියුඩර් ජයවර්ධන මහතාගේ ආදරණීය බිරිඳ වු එච්.යූ.කේ. චන්ද්‍රිකා ජයවර්ධන මහත්මිය අභාවප්‍රාප්ත වූ බැවින් ඒ පිළිබඳ අවසන් කටයුතු 2009/11/15 ඉරුදින වල්පොල පොදු සුසාන භූමියේදී සවස 4.00 ට සිදු කෙරේ. මෙයට ශෝකයට පත් ස්වාමිපුරුෂයා ටියුඩර් ජයවර්ධන, පුතා අංජුල ජයවර්ධන, දුව ලක්ෂිකා අංජුලා ජයවර්ධන, බෑනා සුජිත් කුමාර, ලේලි ශෂිකා ජයවර්ධන. 197/ඒ, සමගි මාවත, වල්පොල, රාගම.

වාරියපොල රඹුකන විසූ වෛද්‍යාචාර්ය එච්. එම්. උක්කුබංඩා පියාණන් 2009.11.11. දින අභාවප්‍රාප්ත විය. ආදාහන කටයුතු 2009.11.14 සෙනසුරාදා රඹුකන උස්වැව පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. මෙයට ශෝකයට පත් දූ දරු පිරිස.

ෂෙල්ටන් කරුණාරත්න මහතා - 111/5, පමුණුවිල පාර, ගෝනවල කැලණිය පදිංචිව සිටි, ශ්‍රීමා කාන්ති සේනානායක මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද කුමාරි කරුණාරත්න, චන්දිමා කරුණාරත්න (කැනඩාව), වාසුල කරුණාරත්න (එංගලන්තය) යන අයගේ ආදරණීය පියාණන් වූද, අයිවන් ගුණවර්ධන, හිරාන් කළුගල්ලගේ, යශිකා කරුණාරත්න යන අයගේ මාමණ්ඩිය වූද ෂෙල්ටන් කරුණාරත්න මහතාගේ අභාවය සංවේග පූර්වකව දැනුම් දෙන අතර ආදාහන කටයුතු නොවැම්බර් 15 වෙනි ඉරුදින දෙල්ගොඩ සියඹලාපේ වත්ත පොදු සුසාන භූමියේ දී සවස 4.00 ට සිදු කෙරේ. සියලු ඥාති හිත මිත්‍රාදීන් මෙම නිවේදනය පිළිගනිත්වා! මෙයට ශෝකයට පත් භාර්යාව හා දූ දරු පිරිස. 111/5, පමුණුවිල පාර, ගෝනවල, කැළණිය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා