මරණ දැන්වීම්

 

 

කන්දෙ මොහොට්ටිගේ ෆ්‍රැන්සිස් වෙද මහතා (පුංචි වෙද මහතා) - ගාල්ල වලහන්දූව ගල්වැටවත්ත, “සිරිසෙවන” නිවසෙහි විසූ නැසීගිය ආයුර්වේද වෛද්‍ය විශාරද පණ්ඩිත, ශිරෝමනී ආර්.ඩී.එස්. සිරිසේන වෙදමහතා හා එම මැතිණියගේ ආදරණීය ඥාති සොහොයුරු වූද, ඉංජිනේරු තිලකරත්න (ඕස්ට්‍රේලියාව), චන්ද්‍රලතා (බටේමුල්ල), විශේෂඥ වෛද්‍ය මහාචාර්ය දයාරත්න (ඕස්ට්‍රේලියාව), අනුලා (පිටකෝට්ටේ) ජයන්ති (මහනුවර) යන අයගේ ආදරණීය මාමණ්ඩිය වූද කන්දෙ මොහොට්ටිගේ ෆ්‍රැන්සිස් වෙද මහතා (පුංචි වෙදමහතා) අවු. 94 ක් ආයුවළඳා අභාවප්‍රාප්ත විය. ආදාහන කටයුතු 19 වන බ්‍රහස්පතින්දා ප.ව. 4.30 ට අක්මීමන කුරුඳුවත්ත ආදාහනාගාරයේදී සිදුකෙරේ. ශෝකයට පත් ඥාති පිරිස.

නෝමා සුමනපාල මහත්මිය - කොළඹ 12 ශ්‍රී සුමනතිස්ස මාවත අංක 136 හි පිහිටි කේ. ඒ. පෙරේරා හා පුත්‍රයා සමාගමෙහි සභාපතිතුමා වන කේ.පී. සුමනපාල මහතාගේ ආදරණීය භාර්යාව වූ නෝමා සුමනපාල මහත්මිය හදිසියේ අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසාන කටයුතු නොවැම්බර් 19 වන බ්‍රහස්පතින්දා ප.ව. 5.00 ට දෙල්ගොඩ සියඹලාපේවත්ත ආදාහනාගාරයේදී සිදු කරන බව ඉතා සංවේගයෙන් දන්වා සිටිමු. මීට ශෝකයට පත් දූ දරුවන් හා පවුලේ සැම. (664, වැවේකැලේවත්ත, මංකඩ පාර, කඩවත.)

විශ්‍රාමලත් පාඨශාලාචාරිනී පිලමිනා ගුණසේකර - මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයාවූද නිර්මලා හා කාර්මලාගේ ආදරණීය පියාණන්වූද ෆ්‍රෙඩී හා රෝහිතගේ ආදරණීය මාමණ්ඩිය වූද, “ඔවීන්” ඔලීවා, ඔටීලියා යන අයගේ ආදරණීය සීයා වූද විශ්‍රාමලත් විදුහල්පති, ක්‍රීඩා අමාත්‍යාංශයේ එල්ලේ ක්‍රීඩා උපදේශක, එල්ලේ සම්මේලනයේ හිටපු සභාපති සාම විනිසුරු ටී. ඩී. සෙබස්තියන් මහතා පරලෝ සැපත් වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු 20/11/2009 සිකුරාදා කුරුකුලාව සාන්ත ලාසර්ස් දේවස්ථාන භූමියේදී සවස 3.00 ට සිදු කෙරේ. 455/3, හීන් කෙන්ද, රාගම.

ශුභවික්‍රම ජයන්ත විශ්වනාථ - ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා සමාගම) - ප්‍රියා (මහජන බැංකු මහනුවර) ගේ ආදරණීය ස්වාමිපුරුෂයා වුද, නාථ (ස්වාධීන රූපවාහිනී) ධීර හා චතුර (ඕස්ට්‍රේලියාව) දයාබර පියාවූද, අභාවප්‍රාප්ත මුනිදාස ශුභවික්‍රම (ගත්කතුවර) හා එම මැතිණියගේ දයාබර පුතණුවන්වූද, රූපා (එක්සත් රාජධානිය), අභාවප්‍රාප්ත ගැමුණු (බණ්ඩාරවෙල), වෛද්‍ය චිත්‍රා (ඕස්ට්‍රේලියාව), පැරකුම් (මහරගම), අසෝක සහ රාසන් (ඕස්ට්‍රේලියාව) හා අභාවප්‍රාප්ත ලක්ෂමී ගේ සොහොයුරාවූද, ලෙනාඩ්, දමයන්ති, වෛද්‍ය ජී. යූ. ස්වර්ණා සමන් හා කුසුම්ගේ මස්සිනාවූද, ජයන්ත විශ්වනාථ ශූභවික්‍රම මහතා අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු 2009 නොවැම්බර් මස 19 දින පස්වරු 6.00 ට මහනුවර මහයියාව පොදු සුසාන භූමියේදී සිදුකෙරේ. අවමඟුල් පෙරහැර එදින පස්වරු 5.00 ට අම්පිටිය ශුභාලය නිවසින් පිටත්වේ. ශුභාලය, අම්පිටිය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා