වාර්ෂික ක්‍රිකට් තරගයෙන් ක්‍රිස්තුරාජ විදුහලට ජය
වාර්ෂික ක්‍රිකට් තරගයෙන්
ක්‍රිස්තුරාජ විදුහලට ජය
මල්වාන සමූහ
මහානාම විතානගේ
වැලිවේරිය ක්‍රිස්තුරාජ විදුහලත් බෝපිටිය ලොයලා විදුහලත් අතර පසුගිය ඉරිදා (09
වැනිදා) පෙරවරුවේ වැලිවේරිය කාන්ති ක්‍රීඩා පිටියේ පැවැති සීමිත ඕවර් 35 වාර්ෂික
සුහද ක්‍රිකට් තරගයෙන් වැලිවේරිය ක්‍රිස්තුරාජ විදුහල ලකුණු 55 ක පහසු ජයක් හිමි කර
ගත්තේය.
ක්‍රිස්තුරාජ විදුහල – ඕවර් 35 දී කඩුලු 7 ක් දැවී ලකුණු 261 යි
ජනිත් පැතුම් – ලකුණු 101 යි සමිත උදාකර – ලකුණු 57 යි (ඇන්ටන් මධුරංග - ලකුණු 42 ට
කඩුලු 02 යි, ශ්‍රීමත් ජීවන – ලකුණු 73 ට කඩුලු 02 යි)
ලොයලා විදුහල – ඕවර් 29.1 ලකුණු 206 යි
නායක ශ්‍රීමත් ජීවන – ලකුණු 92 යි (දිල්ශාන් වැන්ඩර්ගෙට් – ලකුණු 26 ට කඩුලු 04 යි.
සමිත උදාකර – ලකුණු 19 ට කඩුලු 03 යි)
තරගයේ වීරයා ලෙස ජනිත් පැතුම් (ක්‍රිස්තුරාජ) ද හොඳම පිතිකරු ලෙස නායක ශ්‍රීමත්
ජීවන (ලොයලා) ද හොඳම පන්දු යවන්නා ලෙස දිල්ශාන් වැන්ඩර්ගෙට් (ක්‍රිස්තුරාජ) ද හොඳම
පන්දු රකින්නා ලෙස සමිත උදාකර (ක්‍රිස්තුරාජ) ද තේරුණි.
|