අමෙරිකාව බුෂ්ට එරෙහිව නඩු පැවරිය යුතුයි

’ඩිසිෂින් පොයින්ට්ස්’ ග්‍රන්ථයේ හෙළිදරව් අනුව

අමෙරිකාව බුෂ්ට එරෙහිව නඩු පැවරිය යුතුයි

ක්ෂමා සංවිධානය කියයි

හිටපු අමෙරිකන් ජනාධිපති ජොර්ජ් ඩබ්ලිව්.බුෂ් විසින් රචිත “ ඩිසිෂන් පොයින්ට්ස්” නම් ග්‍රන්ථයෙන් හෙළිදරව් කර ඇති කරුණු මත, අමෙරිකාව ඔහුට එරෙහිව නඩු පැවරිය යුතු බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසයි. අත්අඩංගුවට පත් වූ අයට පමුණුවන ලද වද හිංසා ත්‍රස්ත – විරෝධී වදහිංසා පනත යටතට ගැනෙන ඒවා බව එම සංවිධානය තර්ක කරයි.

ජාත්‍යන්තර නීතියට අනුව මෙවැනි වදහිංසා පැමිණවීමට නියෝග කළ අයට අධිකරණය ඉදිරියේ දඬුවම් ලබාදිය යුතු බව, ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ක්ලෝඩියෝ කෝඩොන් පවසයි.

හිටපු ඇමෙරිකන් ජනාධිපති වුවත්, බුෂ්ද මෙම දඞුවමට යටත්වන බව ඔහු අවධාරණය කර තිබේ. චූදිතයන් උවමනාවෙන්ම ගිල්වා මරා දමා ඔවුනට වද හිංසා පැමිණවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති බුෂ්ට එරෙහිව බ්‍රිතාන්‍යයේද දැඩි විරෝධතා පැන නැඟී තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා