පොලිස් වෙස් ගත් දෙන්නෙක් ඇවිත් ඇඟලුම් සේවිකාවකට හදි කරලා

පොලිස් වෙස් ගත් දෙන්නෙක් ඇවිත් ඇඟලුම් සේවිකාවකට හදි කරලා

ගෙදරට බොරු කියා අනියම් පෙම් සුව විඳිද්දී වෙච්චි වැඩක්

පොලිස් වෙස්ගෙන ඇගලුම් කම්හල් සේවිකාවක් පැහැරගෙන ගොස් දුෂණය කළැයි සිවිල් ආරක්ෂක බළකා සෙබළකු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස තඹුත්තේගම මහේස්ත්‍රාත් අයි.එම් බංඩාර ඉලංගසිංහ මහතා නියෝග කළේය. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනේ නොච්චියාගම සිවිල් ආරක්ෂක බළකා කදවුරේ සේවයේ නියුතු විල්පත්තුපාර හොරවිල නොච්චියාගම ලිපිනයේ පදිංචි අභය රණසිංහ මුදියන්සේලාගේ ප්‍රියංග දිල්රුක්ෂ නම් 32 හැවිරිදි විවාහක දෙදරු පියෙකි.

ඔහු අද දින හදුනාගැනීමේ පෙරට්ටුවක් සදහා ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර බන්ධනාගාරයේ අධිකරිවරයාට නියෝග කළේය. මේ සිද්ධියට සම්බන්ධ දැනට හදුනාගෙන සිටින සේවය අතහැර පළාවිත් සිටින යුද හමුදා සෙබළාද වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වු නොච්චියාගම පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කියා සිටියේ පැමිණිලිකාරිය නොච්චියාගම ඕලුවැව ප්‍රදේශයේ ඇගලුම් කම්හලක සේවයේ නියුතු 32 හැවිරිදි දෙදරු මවක් බවයි.

ඇය සිවිල් ආරක්ෂක බළකා සෙබළකු සමඟ අනියම් ඇසුරක් පවත්වා ඇති බවත් ඉකුත් 12 වනදා ඇය රාත්‍රී සේවාවේ නිරත වන බව නිවෙසට පවසා සවස 05.00ට සේවය නිමකොට හොරුවිල රූකඩවැව ප්‍රදේශයේ පිහිටි සිවිල් ආරක්ෂක බළකා සෙබළකුට අයත් උදු හේනක ඉදිකර තිබෙන පැලකට ගොස් අනියම් පෙම්වතා සමඟ පෙම්සුව විදිමින් සිටියදී සැකකරුවන් දෙදෙනා එම ස්ථානයට පැමිණ පොලිස් නිලධාරීන් බව අගවා විවාහක කාන්තාව බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් දුෂණය කර ඇති බවයි.

සැකකාර යුද හමුදා සෙබළා කාන්තාවගේ අනියම් පෙම්වතාගේ යතුරු පැදිය පැහැරගෙන කාන්තාව එහි නංවාගෙන රැගෙන ගොස් ඇති බව පොලීසිය අධිකරණයට දන්වා සිටියේය. දැනට ප්‍රදේශය අතහැර පළාගොස් සිටින සැකකාර හිටපු යුද හමුදා සෙබළා ඇයව යතුරු පැදියෙන් විල්පත්තුව කැලෑවට රැගෙන ගොස් අවස්ථා කිහිපයක්ම දුෂණයට ලක් කර ඇති බවද පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.

සැකකරුවන් අතින් දුෂණයට ලක්වු කාන්තාව අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය එස්.එච්.එම්.ඩබ්ලිව්. සේනානායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරව ඇය බරපතළ ලෙස දුෂණයට ලක්වී ඇති බව නිගමනය කර තිබුණි. පළා ගොස් සිටින සෙසු සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා පුළුල් විමර්ශනයක් සිදුකරන බවත් සිද්ධිය සම්බන්දයෙන් පරීක්ෂණ තවමත් අවසන් නොමැති බව පොලීසිය අධිකරණයට වැඩිදුරටත් දන්වා සිටියේය.

අනුරාධපුර කොට්ඨාස භාර පොලිස් අධිකාරි මහේෂ් සේනාරත්න මහතාගේ උපදෙස් මත නොච්චියාගම පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.පී එදිරිසිංහ මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ කොස්තාපල් 33555 හේරත් මහතා සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු කියා සිටියේය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා