මයිකල් ජැක්සන්ගේ ඥාතීහු දෙවැනි වරටත් මරණ පරීක්ෂණයක් ඉල්ලති

මයිකල් ජැක්සන්ගේ ඥාතීහු

දෙවැනි වරටත් මරණ පරීක්ෂණයක් ඉල්ලති

පනස් වැනි වියේ පසුවද්දී ඉකුත් බ‍්‍රහස්පතින්දා හෘදයාබාධයකින් මියගියේ යැයි පැවසෙන සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන් ගේ මරණය හමුවේ මතුව ඇති නොවිසඳුනු ප‍්‍රශ්නයන් හේතුකොටගෙන කෝපයට පත්ව සිටින ඔහුගේ පවුලේ ඥාතීන් දෙවැනි වරටත් හදිසි මරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ඉල්ලා තිබේ.

ජැක්සන්ගේ පවුලේ ඥාතින් සියල්ල ඔවුන්ගේ ලොස්ඇන්ජලිස් අංගනයට රොක්ව සිටින අතර ඉකුත් සිකුරාදා ඔහුගේ මෘතදේහය ඔවුනට බාරදීමෙන් පසු අනාවරණය නොකෙරුනු ස්ථානයකට එය රැගෙන ගොස් ඇතැයි වාර්තාවේ.

මේ අතර ලොස්ඇන්ජලිස් කොරනර් කාර්යාලය පවසන්නේ මූලික මරණ පරීක්ෂණය තීරණාත්මක වූවක් වන අතර අවසන් නිගමනයකට එළඹිය හැක්කේ සති 6 – 8 අතර කාලයක් වැය විය හැකි වස විස ශරීරගතව ඇත්දැයි සිදුකරන භාරදූර පරීක්ෂණයකින් පසු බවය.

ලොස්ඇන්ජලිස් ටයිම්ස් පුවත්පත් වාර්තාවක සඳහන්ව ඇත්තේ මරණ පරීක්ෂණය නිමාවී ඇතත් හේතුඵල දැක්මක් සිදුකෙරී නැති බවය.

ජැක්සන්ට ඥාති සම්බන්ධයක් නැති ප‍්‍රවීණ අමෙරිකා දේශපාලනඥයකු හා කි‍්‍රයාකාරිකයකු වන ජෙසී ජැක්සන්, පවුලේ ඥාතීන් සමඟ සාකච්ඡා කොට ඇති අතර මරණය සම්බන්ධ නොවිසඳුණු ප‍්‍රශ්න නිසා පවුලේ ඥාතීන් කුපිතව සිටින බව කියා ඇත.

ගායකයාගේ පෞද්ගලික වෛද්‍යවරයා වූ කොන්රාඩ් මරේ පිළිබඳව ඔවුන්ගේ අවධානය යොමුව තිබේ. ජැක්සන්ගේ මරණයට මත්තෙන් මේ වෛද්‍යවරයා ඔහුට “ඩෙමිරෝල්” නම් වේදනා නාශකය එන්නත් කළ බව පැවැසී තිබේ. පොලිසිය පෙරේදා ඔහුගෙන් ප‍්‍රශ්න කළ බව සඳහන්ව ඇති අතර ඔහු සාපරාධී සැකකරුවකු ලෙස නොසලකන බව රහස් පොලිසිය කියා ඇත.

එහෙත් ජෙසීජැක්සන් පවසන්නේ පවුලේ අය ඔහු ගැන සැකයෙන් පසුවන බවය. ජැක්සන්ගේ අවසන් පැය කීපයේදී ඔහු සමඟ කතා කළ පුද්ගලයා ලෙස සිදුවූයේ කුමක්ද යන්න ඥාතින්ට හා ජනතාවට පැවසීමේ වගකීමක් ඔහු සතුව ඇති බව ද ජෙසි ජැක්සන් පවසයි.

මේ අතර තවත් සමහරෙකුගේ මතය වී ඇත්තේ මත්ද්‍රව්‍යමය ඖෂධ ඔහුගේ මරණයට හේතුවී ඇති බවයි.

කෙසේ වෙතත් ඔහු මියගියදා සිට ඔහුගේ නිවස අබියස මල්වඩම් හා සෙල්ලම් වලසුන් තැන්පත් කරමින් කල්ගෙවන ගීත ලෝලීන්ද මරණයේ අභිරහස පිළිබඳව කුපිත වී සිටින බව අනාවරණය වේ. සමහරෙකු පවසන්නේ කුරිරු සමාජය ඔහු මරාගත් බවය. මුදලට කෑදර වෛද්‍යවරුන්ද ඔහුගේ මරණයට වගකිව යුතු බව සමහරු කියති.

මේ අතර ජැක්සන්, හෘදයාබාධයකින් මියගිය බවට ඇදහිය නොහැකි බව පවසන සමහරුන් සිදුවූ දේ දන්නේ් ඔහුම පමණක් වන අතර එය කිසිදාක හෙළි නොවනු ඇතැයිද කියා තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා