තමන්ට කියා බිම් කඩක් නැති විරුවන්

තමන්ට කියා බිම් කඩක් නැති විරුවන්

රටෙන් බිම් අඟලක්වත් කොටින්ට නොදෙන්න වගබලාගත්තා

වාද්දුව රණවිරු උපහාර උළෙලේදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර නන්දන ගුණතිලක කියයි

අවුරුදු 30ක් තිස්සේ අප රටේ කුරිරු මිනිස් ඝාතන සිදුකරමින් රට විනාශ කරමින් සිටි ලෝකයේ ප‍්‍රබල ත‍්‍රස්ත සංවිධානයක් වූ එල්.ටී.ටී.ඊ. සංවිධානය සහ එහි නායකයා මානුෂික මෙහෙයුමකින් විනාශ කළේ අප රටේ බිම් කඩක්වත් නැති දුප්පත් මවුපියන්ගේ් පුතුන් වූ ති‍්‍රවිධ හමුදා රණවිරුවන් බව ජාතික නිදහස් පෙරමුණේ කළුතර දිසා මන්තී‍්‍ර නන්දන ගුණතිලක මහතා කීවේය.

ඔවුන්ට එඩිතර නායකත්වයක් දුන් සේනාධිනායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ති‍්‍රවිධ හමුදා නායකයින් මානුෂික මෙහෙයුමේ දී රට ජාතිය වෙනුවෙන් ඉටු කළ ජාතික සේවය අප රටේ ජනතාවගේ හදවත් තුළ සදාකාලිකව සටහන් වී තිබිය යුතු යැයිද ගුණතිලක මහතා පැවැසීය.

රට දැය වෙනුවෙන් සටන් බිමේදී දිවිපිදූ යුද සෙබළකුගේ බිරියක් වූ නියෝජ්‍ය විදුහල්පතිනියකට උපහාර තිළිණයක් ප‍්‍රදානය කළ අයුරු. රට ජාතිය වෙනුවෙන් දිවිපිදූ වාද්දුවේ ති‍්‍රවිධ හමුදා රණවිරුවන්ගේ මවුපියන් බිරින්දෑවරුන් සහ දරුවන් තිළිණ බාර ගැනීම සඳහා පැමිණ සිටි අයුරුයි මේ.
පාණදුර සමූහ කපිල සෝමරත්න

ඔහු එසේ පැවැසුවේ වාද්දුව තරුණ බෞද්ධ සංගමය විසින් සංවිධාන කළ රණවිරු උපහාර උත්සවයක් අමතමිනි.

එහිදී තවදුරටත් කතා කළ නන්දන ගුණතිලක මහතා මෙසේද පැවැසීය.

ති‍්‍රවිධ හමුදා රණවිරුවන් ලැබූ ජයග‍්‍රහණය ඉතා ශක්තිමත්ව රැකගැනීම අප රටේ සියලු දෙනා සතු යුතුකමක්. රජය දැන් කළ යුත්තේ් අප රටට ආර්ථික ජයග‍්‍රහණය ලබා ගැනීම සඳහා ජනතාවගේ සහයෝගය ලබා ගැනීමයි.

සටන් බිමේදී රට දැය වෙනුවෙන් දිවි පිදූ වාද්දුව ප‍්‍රදේශයේ ති‍්‍රවිධ හමුදා රණවිරුවන් 26 දෙනකු සිහිපත් කරමින් ඔවුනට උපහාර දැක්වීම කළගුණ දැක්වීමක්.

මානුෂික මෙහෙයුමේදී රට වෙනුවෙන් ජීවිත කොටි වෙඩි උණ්ඩයට පූජා කරමින් මරණයට පත්වූ වාද්දුව ප‍්‍රදේශයේ ති‍්‍රවිධ හමුදාවේ රණවිරුවන් 26 දෙනකු වෙනුවෙන් උපහාර දැක්වූ අතර ඔවුන්ගේ මවුපියන්ට, බිරින්දෑවරුන්ට සහ දූ දරුවන්ටද උපහාර තිළින වාද්දුව තරුණ බෞද්ධ සංගමයෙන් ප‍්‍රදානය කෙරුණි.

මානුෂික සටන් බිමේදී මියගිය ති‍්‍රවිධ හමුදාවේ රණවිරුවන් 26 දෙනාගේ ඡායාරූපද ප‍්‍රදර්ශනය කළ අතර බෝම්ඹුවල පියනන්ද හිමියෝ ධර්ම දේශනයක්ද පැවැත්වූහ. එදින සවස වාද්දුව ලංකාරාමයේ දී බෝධි පූජාවක් පවත්වා මියගිය රණවිරුවන්ට පිංපෙත් පැමිණ වූහ.

බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය, වනිතා සහ ළමා ආරක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍ය ජගත් අංගගේ මහතා කතා කරමින් මෙසේ කීවේය.

අවුරුදු තිහක් තිස්සේ අප රට විනාශයට ලක්කළ එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදී නායක වේලුපිල්ලේ ප‍්‍රභාකරන් ප‍්‍රධාන ත‍්‍රස්තවාදීන් විනාශ කරමින් ති‍්‍රවිධ හමුදාව සිදු කළේ අප රටේ අනාගත බාල පරපුරට නිදහස් ශී‍්‍ර ලංකාවක් පරිත්‍යාග කිරීමයි.

මෙම පරිත්‍යාගය ආරක්ෂා කිරීම අප රටේ ජනතාව සතු යුතුකමක්. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අප රටේ සේනාධිනායකයා ලෙස ති‍්‍රවිධ හමුදාපතිවරුන්ට සහ ති‍්‍රවිධ හමුදාවට අවශ්‍ය උපදෙස් දුන් නිසා ත‍්‍රස්තවාදය අප රටෙන් සදාකාලිකව අතුගා දමන්නට හැකිවුණා.

යුද බිමේදී අප රට දැය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ වාද්දුව ප‍්‍රදේශයේ පදිංචි දුප්පත් මවුපියන්ගේ පුතුන් වූ ති‍්‍රවිධ හමුදා රණවිරුවන් 26 දෙනා සමරමින් ඔවුන්ගේ මවුපියන්ට උපහාර දැක්වීමට වාද්දුව තරුණ බෞද්ධ සංගමය කටයුතු කිරීම ඉතා ප‍්‍රසංශනීය කටයුත්තක් බවද අංගගේ මහතා පැවැසීය.

වාද්දුව තරුණ බෞද්ධ සංගමයේ සභාපති සාමවිනිසුරු ලයනල් කුරුප්පු සහ ලේකම් උපාලි රාජපක්ෂ මහත්වරුද කතා කළහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා