ගම්බිම්වලට සතුටු සිනා මැදින්

 

එල්.ටී.ටී.ඊ. තාඩන පීඩන හමුවේ උතුරු ප්‍රදේශයෙන් පලාවිත් පුත්තලම දිස්ත්‍රික්කයේ සරණාගත කඳවුරුවල වසර විස්සකට අධික කාලයක් රැඳී සිිටි ජනතාව ඔවුන්ගේ මුල්ගම්වල පදිංචි කරවීම පසුගියදා සිදුකැරිණි. එම ජනතාව ඔවුන් උපන් ගම්බිම්වලට සතුටු සිනා මැද පිය නැගූ අයුරු.
 

ඡායාරූපය - බන්දුල සෙනෙවිරත්න






ආරක්‍ෂක ලේකම් ඝාතනයට සඟවා තිබූ අවි රැසක් මට්ටක්කුලියෙන් සොයා ගනී

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉලක්ක කර ගරිල්ලා ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා රැස් කරන ලද කිලෝ ග්‍රෑම් 5ක් බරැති මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් ඇතුළු නවීන අවි ආයුධ හා පුපුරන ද්‍රව්‍ය තොගයක් මෝදර මට්ටක්කුලියෙන් සොයා ගනී. ප්‍රසිද්ධ නිවාස සංකීර්ණයක අභිරහස් ලෙස යකඩ කැබිනෙට්ටුවක් තුළ සඟවා තිබියදී රාජ්‍ය බුද්ධි සේවයේ විශේෂ පොලිස් කණ්ඩායමක් මේ අවි සොයා ගෙන තිබේ.

 විස්තර »

උතුරේ ජනතාවට සහන පොලියට ණය

උතුරේ පදිංචි ජනතාවට ස්වයං රැකියා ආරම්භ කිරීම සඳහා සියයට එකක පොලී අනුපාතයක් යටතේ ණය ලබාදීමට ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය පියවර ගනී. කෘෂිකර්ම, සත්ව පාලන, සුළු කර්මාන්ත, අලෙවිකරණ ආදී ආදායම් උත්පාදන ව්‍යාපෘති සඳහා මේ ණය මුදල ලබා දෙනු ඇත. ව්‍යාපෘති සඳහා වැයවන මුදලින් සියයට අනූවක ණය මුදලක්, උපරිමය රුපියල් ලක්ෂ දෙකකට යටත්ව ලබාදෙන බව සමෘද්ධි බැංකු මූල්‍ය අධ්‍යක්ෂ සිසිර තානායම්වත්ත මහතා ප්‍රකාශ කරයි.

විස්තර »

කොටදෙණියාවේ බැංකු කොල්ලය

සැකකරුවෝ 6 දෙනෙක් පෙරෙට්ටුවේදී හඳුනා ගැනෙති

පෞද්ගලික බැංකුවලට අයත් මුදල් ප්‍රවාහනය කරමින් සිටියදී කොටදෙණියාවේ සිදුකළ රුපියල් කෝටි 10 කට අධික මුදලක් මංකොල්ලකෑමේ සිද්ධියට අදාළ අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් හත්දෙනාගෙන් හයදෙනෙකු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ දී ඊයේ (24) පැවැති හඳුනා ගැනීමේ පෙරෙට්ටුවේදී සාක්කිකරුවන් විසින් හඳුනා ගන්නා ලදී.

විස්තර »

හිටපු අගවිනිසුරු පී. බී. ට එරෙහිව පක්ෂග්‍රාහී තීන්දු දෙමින් කටයුතු කළා

රහසිගත දිවුරුමක් භාර දෙමින් ජනාධිපති නීතිඥ පායිස් මුස්තාපා කියයි

හිටපු අගවිනිසුරුවරයා මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් පී. බී. ජයසුන්දර මහතාට එරෙහිව තීන්දු දෙමින් නඩු විභාග කැර ඇත්තේ පක්ෂග්‍රාහීව කටයුතු කරමින් බව ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ඊයේ (24) කීය. ඒ බව හිටපු අගවිනිසුරුවරයා ඉකුත් වසරේ කළ ප්‍රසිද්ධ කතාවකින් පෙන්නුම් කැර ඇතැයිද හෙතෙම කීය.

විස්තර »

පොල් ගසක් උඩ පොල් පැළ දහයක්

 

පොල් ගසක් උඩ තවත් පොල් පැළ දහයක් පැළවීමේ පුවතක් වාර්තා වෙයි. මාස හයක පමණ කාලයක සිට පොල් මල් පුපුරා ඉන් පොල් පැළ පැළවෙන්නට පටන්ගෙන තිබේ. මේ පොල් මලෙන් ගෙඩි හට ගැනීමක් සිදු නොවී ඒවායින් පැළ මතුවීමක් දක්නට ඇත. මේ අපූරු පොල් ගස පිහිටා තිබෙන්නේ මැදිරිගිරිය දියසෙන්පුර ඩබ්ලිව්. ඒ. නන්දාවතී මහත්මියගේ ඉඩමේය.
ඡායාරූපය - පොළොන්නරුව විශේෂ ගාමිණී ඔබේසේකර



වෙළඳ දැන්වීම් . . . .