මංගලට ‘හූ’ කිවූ සිද්ධියට එජාපයේ 3කට විනය පරීක්ෂණ

මංගලට ‘හූ’ කිවූ සිද්ධියට එජාපයේ 3කට විනය පරීක්ෂණ

කුරුණෑගල පැවැති නිදහසේ වේදිකා රැස්වීමෙන් මංගල සමරවීර මහතාට ‘හූ’ කියා පළවා හැරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු තිදෙනකුට එරෙහිව කඩිනමින් විනය පියවර ගැනීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කොට ඇත.

රැස්වීමේ පටිගත කරන ලද රූප රාමු ගැන සවිස්තාරාත්මක අධ්‍යනයක නිරත වීමෙන් පසු පක්ෂය එම තීන්දුව ගෙන තිබේ. මේ සිද්ධියට සම්බන්ධ එජාප ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් තිදෙනකු සිටින බවත්, ඔවුනට එරෙහිව දැඩි ක්‍රියා මාර්ග ගන්නා ලෙස පක්ෂ නායකත්වය දන්වා ඇති බවත්, එජාපයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් ‘දිනමිණ’ ට පැවැසීය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා