මරණ දැන්වීම්

 

 

කුසුමා ජයසිංහ - විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පති (සුමන විද්‍යාලය කුලීගොඩ) නැසීගිය ඩී.ද.එස්. ජයසිංහ (ආතර්) විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ ඩිපෝ පරීක්ෂක මහතාගේ ආදරණීය භාර්යාව වූද, රේනුකා, චන්දන (අමායා රීෆ්, හික්කඩුව), පි‍්‍රයන්ත (ගැවික් ඉන්ජිනියරින්), නිෂාන්ත (ශ්‍රී ලංකා රේගුව), චූලනී යන අයගේ ආදරණීය මෑණියන් වූද, ජයන්ත (දකුණු පළාත් සභා කාර්යාලය), චන්ද්‍රකාන්ති (ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය, ඇල්පිටිය) චම්පිකා (මියුසියස් විද්‍යාලය කොළඹ) රජන්ති (කොමර්ෂල් බැංකුව - නුගේගොඩ) ප්‍රසන්න (ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව) යන අයගේ ආදරණීය නැන්දණිය වූද, කුසුමා ජයසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු 26 වන බදාදා ප.ව. 3.30 ට පවුලේ සුසාන භූමියේදී සිදුකරන බව කණගාටුවෙන් දැනුම් දෙමු. 394, ඉඩන්තොට, මාදම්පාගම, අම්බලන්ගොඩ.

කේ. ටී. ඩැනිස්ටර් සෙන්සි මහත්මා - අම්බලන්ගොඩ පටබැඳිමුල්ලේ පදිංචි නැසීගිය රොබට් විජේපාල මුදලාලි මහතාගේ හා මාග්‍රට් ද සිල්වා මහත්මියගේ දයාබර පුතනුවන්වූද, එම්. අයිරාංගනී මහත්මියගේ දයාබර ස්වාමිපුරුෂයාවූද, සෙන්සි, දිලංකා යන අයගේ ආදරණීය පියාණන්වූද, කේ. ටී. ඩැනිස්ටර් සෙන්සි (සුදු අයියා) අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු 2009.08.26 වැනි බදාදා සවස 5.00 ට හික්කඩුව ආදාහනාගාරයේදී සිදු කෙරේ. දේහය පිංකන්ද කාසල්මේන්වත්ත නිවසේ තැන්පත් කර ඇත. දැනුම් දෙන්නේ ශෝකයටපත් බිරිඳ පුතා දුව.

බප/ගම්/දේවි බාලිකා මහා විද්‍යාලයේ විදුහල්පතිනී නන්දනී පියසේකර මහත්මියගේ දයාබර ස්වාමි පුරුෂයා වූද, ගම්පහ තක්ෂිලා මහා විද්‍යාලයේ චාමිකර හා චාමින්දිගේ දයාබර පියාණන් වූද, හෝමාගම මූලික රෝහලේ හෙද නිලධාරිණී ස්වර්ණා අල්විස් මහත්මියගේ සහෝදරයා වූද, ටවර්හෝල් රඟහල පදනමේ ශබ්දාගාර කළමනාකාර එම්. ඒ. ඒ. අල්විස් මහතා හදිසියේ අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු 2009 අගෝස්තු 26 බදාදා සවස 3.00 ට වැලිවේරිය පොදු සුසාන භූමියේදී සිදු කරන බව සංවේගයෙන් දැනුම් දෙමු.

විශ්‍රාමලත් විගණන පරික්‍ෂක ලීලා කුලසේකර මහත්මිය අභාවප්‍රාප්ත විය. එම්.පී.ඒ. කුලසේකර විශ්‍රාමලත් උප පොලිස් පරීක්‍ෂක මහතාගේ ප්‍රිය භාර්යාව වූද, දුමින්ද කුලසේකර (කොළඹ අපරාධ කොට්ඨාසය), මේජර් සුජිත් කුලසේකර (පනාගොඩ යුද හමුදාව), ඩිලාන් කුලසේකර (ගුවන් හමුදා මූලස්ථානය), චම්පිකා කුලසේකර, මේනකා කුලසේකර යන අයගේ ආදරණීය මෑණියන් වූද, සිසිර කුමාර කොට්ටව (විවෘත විශ්ව විද්‍යාලය) සුභානි අබේරත්න, ධනුෂි කුලසේකර (ආචාරිණී හෝමාගම - මහ විදුහල), රම්බා රාජපක්ෂ (හෙද නිලධාරිණී - හෝමාගම රෝහල), කසුන් පෙරේරා (සහකාර ගණකාධිකාරී) යන අයගේ නැන්දනිය වූ ලීලා කුලසේකර උපාසිකා මාතාව අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු අගෝස්තු 26 වන බදාදා නියඳගල පොදු සුසාන භුමියේදී සිදු කෙරේ. නො. 312/7, බේකරිය පාර, මාගම්මන, හෝමාගම.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා