විපක්ෂයේ ප්‍රබලයෙක් කොටින්ගෙන් සල්ලි හිඟා කයි

ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට

විපක්ෂයේ ප්‍රබලයෙක් කොටින්ගෙන් සල්ලි හිඟා කයි

මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන විපක්ෂයේ අපේක්ෂකයා ලෙස හඳුන්වා දී ඇති මෙරට දේශපාලකයකුට සිය ප්‍රචාරක වියදම් සඳහා විශාල මුදලක් ලබාදී ඇති ඔස්ට්‍රේලියාවේ එල්.ටී.ටී.ඊ. හිතවාදීන් ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවේදී ක්‍රියාත්මක කිරීම සඳහා කාර්යන් තුනක් භාර දී ඇතැයි වාර්තාවේ.

හදිසි නීතිය ඉවත් කිරීම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අක්‍රීය කිරීම හා සහන ගම්මානවල ජීවත්වන ජනතාව පිළිබඳව රජයට එරෙහිව ජනමතයක් ඇති කරන ලෙසට මේ දේශපාලකයාට කොන්දේසි පනවා ඇති ඔස්ට්‍රේලියානු කොටි හිතවාදීන් එම කාර්ය හොඳින් ඉටුකරන්නේ නම් තවත් මුදල් ආධාර දීමටද එකඟ වී ඇතැයි වාර්තාවේ.

මෙම කොන්දේසි තුන පිළිබඳව මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ දී ප්‍රබල ලෙස ක්‍රියාකිරීම පිළිබඳවද කොටි හිතවාදීන් සමඟ පැවැති සාකච්ඡාවලදී මාතෘකා වී තිබේ.

විදේශගත කොටි හිතවාදීන්ගෙන් ලබා ගන්නා මුදල් එම පක්ෂයේ විදේශ රටවල පවත්වාගෙන යන පක්ෂ කාර්යාලවලට ලබාදෙන ලෙසත් අනතුරුව පක්ෂය ගොඩ නැගීම සඳහා පාක්ෂිකයන් ලබාදෙන මුදලින් ගොඩ නැගූ අරමුදලක් ලෙස ඔප්පු කළ හැකි බවද එම දේශපාලනඥයා පවසා ඇත.

අදාළ දේශපාලනඥයා බොහෝ විදේශ සංචාරවල නිරත වන්නේ පක්ෂය ගොඩ නැගීමට එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ගෙන් අරමුදල් රැස් කිරීමට බවද අනාවරණය වේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා