පොළොන්නරු සාහිත්‍ය මහෝත්සවය අහුමුලු කාල්ගෑමේ පත්තර විචාරයට උඩගෙඩි දීමක් කරන්ඩ එපා

පොළොන්නරු සාහිත්‍ය මහෝත්සවය අහුමුලු කාල්ගෑමේ
පත්තර විචාරයට උඩගෙඩි දීමක් කරන්ඩ එපා

මෙදා සැරේ සාහිත්‍ය උස්සවේ පොළොන්නරුව රාජධානියේ තියන්ඩ තීරණේ කරාපු එක නන් බොහොම අපූරුයි. රාජ්‍ය සාහිත්‍ය කලා මහෝත්සවය කියන්නේ එසේ මෙසේ මහෝ්ත්සවයක් දැ බොලන් සගිස්කුරුත අමාත්‍යංශයයි කලා මණ්ඩලෙයි සාහිත අනුමණ්ඩලයි සේරම එක හඹුඩු වෙලා පුරාණ රාජධානියකට ඇවිල්ලා උස්සව පවත්වන එක කොච්චර දෙයක්දෑ පණ්ඩුල ඇදගම අපේ ආචාර්ය තුමන්ලා මුල්කරට කරඋර දීලා කමල් මහත්තැන්ලා එක්කහු කොරාන කොරන කාරිය හොඳයි.

ලියන කියන ඇත්තන්ඩ සාහිත්‍ය ගැන වෙහෙස මහන්සි වෙන ඇත්තන්ඩ මෙව්වැයින් අත හිත දෙන එක හැබෑව. එත කොට ඔය නිර්මාණ කියන එව්වා පස්සෙම එන විචාර කලාවද මොකක්දෝ එකක් තියෙන්ඩම ඕනෑ තමයි.

හැබැයි ඉතින් ඔය සාහිත්‍ය මහෝස්සවේ කියලා අවුරුද්දකට එක සැරයක් හායි හූයි ගාලා රට ගම කලම්බලා කෑකෝ ගාලා උස්සව තිබ්බට ඕක එදාට විතරයිදෑ බොලන් සාහිත්‍ය ගැන විසාරද කෙනෙක් පහුනු දොහක මට කියනවා අපේ හුරේ ඇස් ඇස් සී විභාග ලියන කොලු කෙල්ලියන්ඩ දෙසනයක් කොරන්ඩ ගිහුන් මට හැක් ගෑවුනා කියලා.

මොකෑ හුරේ කියලා අහන කොට උන්නැහැ කියනවා සඳකිඳුරු කවි පොතෙක් අපූරු කවියක් තෝරා ගන විභාගෙට නිර්දේස කරලලු.

‘සිප බඳ කොඹලතින් මුව මී පොවා පියා’ කවිය පටන් ගන්නේ ඔහොමලු. උන්දෑ කියනවා මම කර මෝරපු කොලු කෙල්ලන්ඩ ඕක තේරුම් බේරුම් කරලා විස්තර කරන්නේ කොහොමදෑ කියලා. ඔය විතරක් නෙවෙයි නිර්දේශ කරන පොත් පත් ඔල තියන අඩු පාඩු එමටයි. මයෙ අප්පලා ඔයසාහිත්‍ය මණ්ඩල වල ඉන්න මහ සාහිත්ය ධාරියෝ ඔව්වා ගැනවත් විපරන් කරලා බහක් දොඩන්ඩ කල එලියට එනවැයි.

අනික ඉතින් ඔය නිර්දේශ කරන නිර්මාණ එව්වා වුනත් අස්ස මුල්ල ඇද ඇරලා කෙරෙනවනන් පහු පහු වෙන කොට කොහු කොහු සද්ද ඇහෙන වැයි නේද ? නවරියන් ගෙයක් අතුගාන කොට කුණු කුල්ලක් එකතු වෙනවා කියලා උපහැරණයක් තියනවනි. ඉතින් ඔය වගේ මහෝත්සවයක් වෙන කොට සුළු සුළු අඩු පාඩු අත් වැරදි කට වැරදි වෙනවා හැබෑව.

ඒත් මයෙ අපුච්චියේ සාහිත්‍ය කලා මහෝත්සවයක් අහවර වෙන කොට සති ගානක් පුරාවට පත්තර පිටු ගණන් ලිය වෙන්නේ අඩු ලුහුඬු ඇද පලුදු තේරුන් මණ්ඩල වල සද්ද බද්ද නිර්මාණ මහත්තැන් කලා මහත්තැන් කියන්නේ අය එසේ මෙසේ ලෙන්ගතු හදවත් තියන ඇත්තෝ නෙවෙයිනි.

ආචාර්ය මහාචාර්ය කියන්නෙත් රටේ ඉන්න ඉහළම මොල ඇත්තොනි. ඉහළම ලෙන්ගතු පපු කැනතියි ඉහලම නුවණක්කාරයොයි එක්කාසු වුනහම ඉහළම පොරති පලයක් වෙන්ඩ ඕනැනි. ඉහළම පොරතිචාර ලැබෙන්ඩ ඕනෑනි. ඉහළින්ම හොඳනාමේ තියෙන්ඩ එපැයි. නැද්ද මං අහන්නේ.

අනෙ අපුච්චියේ රටම බලාන ඉන්න ජනපිරියම කියන සංවේදි කොට දෝර ගලාපු රසවත්තුන්ගේ උස්සවේ ඉවර වුනහම තව පැත්තක හිටන් රසවන්තයෝ රංචුවක් පත්තර පිටු වලින් පතබාන්ඩ තිබා ගන්නවා.

අරකට වැඩිය මේක හොඳයි. මේකට අගැයීමක් ලැබුණෙ නෑ. අනිකට පලවෙනි තැන දෙන්ඩ තිබුණා. අර මණ්ඩලයේ පක්ෂග්‍රාහී වුණා.

අරුන්නැහැට මුල් පෙල ලැබුණේ එයා අරුන්නැහැට අහවල් දේ කරපු හින්දා. මෙවුන් නැහැ කොන් කරා. අරුන් නැහැ ඉහලින් තිබ්බා. අරකවියට වඩා මේ කවිය හොඳයි. අරයගෙ පොත තේරුණේ අරයගෙ මතේට. මෙයාගෙ පොත නොතේරුනේ අරයා මෙයාට කැපිල්ල දාන හින්දා. අරක ගුරුකුලේ. මේක බොරු කුලේ. අනික මරු කුලේ.

අරකා අරුන්නැහැට කඩේ යන හින්දා අරකට අරක හම්බු වුණා අර පරිවර්තනේ අතන අඩුයි මෙතන වැඩියි. ඒත් මුරුංගා අත්තේ තිබ්බා.

මෙකී නොකී දස දාස් ගනන් අඩු ලුහුඬු කකුල් මාට්ටු අභියෝග උපහාස අපහාස රැවුම් ගෙරවුම් වලින් පත්තර පිටු පිරෙන්නේ ඔය සාහිත්‍ය මහෝත්සවෙන් පස්සේ. එහෙම වෙන්නේ ඇයි හැබැයි විචාර කලාව කියන එක වෙනම කලාවක්. ඒත් පශ්චාත් විචාර චාරයක් නැති විචාර වෙන එකනි පුදුමේ. සමහර එව්වා විචාර නෙවෙයි අවිචාර. සමහර එව්වා තරහ මරහ පොලු හරස් කර ගැනිලි. මයෙ අප්පේ මෙව්වා දිහා බලන කොට මේ සාහිත්‍ය මහෝත්සවය කියන්නේ අලුයට ගිනි වලට වෙඩි බේත් දැමීමක්දෑ කියලත් හිතෙනවා.

කෑම බීමේ අඩු පාඩු වල හිටන් පිලි ගැනීම් නොසලකා හැරීම් කොන් කිරීම් ගැනත් විචාර කලාවට මුහු වෙනවා.

හැබැයි මුලු රටේම ඉන්න සංවේදී නිර්මාණ කාරියේ අගපත් මහ පුරසිද්ද ඥාවන්ත ඇත්තෝ තමා මේ අහු මුලු කාල්ගගා අඩු පාඩු වලට දෙවොල් නටන්නේ.

එහෙම බලන කොට සාහිත්‍ය කලා මහෝත්සවේ කියන්නේ නිර්මාණ කරුවන්ගේ බුද්ධිමතුන්ගේ පත්තර බැන ගැනිල්ලේ පෙර දැක්මක් කියලත් කියන්න ඇහැකි. ඇතුලෙන් ගිනි පිටතට දෙන්ඩෙපා කියලා ආදුරුස පාට ලියන ලෙංගතු පපු කැනති කාරයෝ ගිනි ජාලා අවුලුවන හැටි පුදුමයි.

ඒක හින්දා මයෙ අප්පලා රට ගම කාල් ගාගන අඩ බෙර ගහගන කරන මේ සාහිත්‍ය මෙහෙවරට එක්රොක් වන ලෙන්ගතු පපු කැනති ටික ඇතුලේ ගිනි මොලවන් නැතුව අපේක්ෂාවෙන් කොරන හරිය කොරා ගනිල්ලා.

අඩු පාඩු තියේනන් හීං සැරේ ඔව්වා බේරුන් හේරුන් කර ගනිල්ලා. මතේ නම් මයෙ මතේම කියලා හිතාගන අහු මුලු විචාරක ඤාානාලෝකේ පත්තර පිටුවලට විහිදවල රටගම හිනැස්සවන්ඩ නන් එපා ඕන්. වැව් බැදි රටේ නාකි අත්තප්පා කෙනෙක් හැටියට මට කියන්ඩ තියෙන්නේ ඕන් ඔච්චරයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා