උ. අයර්ලන්ත සන්නද්ධ අතුරු හමුදාවක්

උ. අයර්ලන්ත සන්නද්ධ අතුරු හමුදාවක්
අවි ආයුධ අතහරින්න පොරොන්දු වෙයි

උතුරු අයර්ලන්තයේ මෙතෙක් සන්නද්ධව සිටින අතුරු හමුදාවක් වන ‘අල්ස්ටර් ඩිෆෙන්ස් එසෝසේෂන් (යූ. ඩී. ඒ) මාස හයක කාලයක් තුළ අවි ආයුධ අතහැර දැමීමට ප්‍රතිඥා දී තිබේ.

වසර ගණනාවක් පුරා උතුරු අයර්ලන්තයේ පැවැති කලහකාරී තත්ත්වය මෙමගින් සමනය වනු ඇතැයි අපේක්ෂිතය. මෙය උතුරු අයර්ලන්තය සාමය කරා යන ගමනේ වැදගත් සන්ධිස්ථානයක් වනු ඇති බවට එරට බලධාරීහු විශ්වාසය පළ කරති.

යූ. ඩී. ඒ. අතුරු හමුදාව විසින් අවිහරණය පිළිබඳ ස්වාධීන ජාත්‍යන්තර කොමිසම වෙත මෙම ප්‍රතිඥාව දුන් බව උතුරු අයර්ලන්ත ලේකම් ෂවුන් වුඩ්වර්ඩ් පවසයි. මේ අනුව, ලබන පෙබරවාරිය වන විට මෙම අතුරු හමුදාව විසින් සම්පූර්ණයෙන් ම අවි අත්හරිනු ඇතැයි අපේක්ෂිතය.

මේ අතර තවත් අතුරු හමුදා දෙකක් වූ ‘අල්ස්ටර් වොලන්ටියර් ෆෝස් (U.V.F)  සහ ‘රෙඩ් හෑන්ඩ් කමාන්ඩෝස්’ R. H. C)  ඉකුත් ජුනි මාසයේ දී ඔවුන් සතු සියලුම ආයුධ විනාශකර දැමීමට කටයුතු කළහ. එරට දේශපාලන නායකයෝ මෙය ඓතිහාසික සිදුවීමක් ලෙස හුවාදක්වති.

1998 සාම සම්මුතියේ ප්‍රතිඵලයක් වශයෙන් උතුරු අයර්ලන්තයේ දසක තුනක් පුරා පැවති ප්‍රචණ්ඩකාරි ක්‍රියා බොහෝදුරට අඩුවිය. මෙම ප්‍රචණ්ඩකාරී ක්‍රියා නිසා පුද්ගලයන් 3,500ක් පමණ මියගොස් ඇති බව වාර්තාවේ.

සුප්‍රසිද්ධ අයිආර්ඒ (IRA)  කණ්ඩායම විසින් මීට වසර හතරකට පෙර ඔවුන් සතු සියලුම අවිආයුධ විනාශ කර දැමීය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා