“සුල්ෆිකාර්” යුද නෞකාව
කොළඹ වරායේ....

  පාකිස්තාන නාවික හමුදාවට අයත් “සුල්ෆිකාර්” යුද නෞකාව මේ දිනවල කොළඹ වරායේ නැංගුරම්ලා තිබේ. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එහි නිරීක්ෂණ චාරිකාවක යෙදුණු අවස්ථාව. නාවික හමුදාපති වයිස් අද්මිරාල් තිසර සමරසිංහ, නාවික අධ්‍යක්ෂ ජනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් එස්. ඒ. එම්. ජේ. පෙරේරා, ශ්‍රී ලංකා පාකිස්තාන මහා කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් සෙහීඩ් කුරාම් හස්තයින් අලාම් මහත්වරු ද මෙහි වෙති.






චැනල් - 4 ව්‍යාජ වීඩියෝ පටය හැදුවේ ශ්‍රී ලංකාවෙන් පැන ගිය මාධ්‍ය නඩයක්

කුමන්ත්‍රණය පිටුපස ජේ. ඩී. එස්. සංවිධානය

ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය කෙලෙසීමට සහ රණවිරුවන් යුද අපරාධකරුවන් සේ හුවා දැක්වීමට ව්‍යාජ වීඩියෝ පටයක් සකස් කොට චැනල් 4 රූපවාහිනි ආයතනයට ලබාදී ඇත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ මාධ්‍යවේදියෝ (ජේ. ඩී. එස්.) සංවිධානය බව දැන් හෙළිවී තිබේ.

විස්තර »

චැනල් - 4 වීඩියෝ පටය බොරුවක්
බව තහවුරු වුණා

විද්‍යාත්මක සාක්කි රූපවාහිනි සේවා වෙත

ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදා දෙමළ ජනතාව ඝාතනය කරන බව පෙන්නුම් කරන විඩියෝ පටය කෘත්‍රිම සහ ව්‍යාජ බව තහවුරු කරන විද්‍යාත්මකව සාක්කි එම විඩියෝ පටය විකාශනය කළ මහා බ්‍රිතාන්‍යයේ චැනල් 4, බී. බී. සී, සී. එන්. එන් හා අල්ජසීරා වැනි රූපවාහිනි සේවා වෙත යැවීමට රජය පියවර ගෙන තිබේ.

විස්තර »

අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියත්
රජයට පූර්ණ සහයෝගය දෙනවා

ඇමැති තොණ්ඩමන්

වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියද ඉදිරියටත් රජයට පූර්ණ සහයෝගය ලබාදෙන බව තරුණ අභිවෘද්ධි හා සමාජ ආර්ථික සංවර්ධන ඇමැති ආරුමුගම් තොණ්ඩමන් මහතා පැවැසීය. වෘත්තීය ක්‍රියාමාර්ග ඉදිරියටත් කරගෙන ගිය ද කිසිදු වැඩ වර්ජනයක් සිදු නොකරන බවද හෙතෙම අවධාරණය කළේ ය.

විස්තර »

මාන්තිව් දූපත් ලාදුරු රෝහලේ ගින්නක්:

ගුවන් හමුදාව රෝගීන් බේරා ගනී

මඩකළපුව මාන්තිව් දූපතේ පිහිටි ලාදුරු රෝහල ඇතුළු ප්‍රදේශය ඊයේ (08) අලුයම ගින්නකින් දැවෙද්දී ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සියලුම රෝගීන් සහ කාර්ය මණ්ඩලය නිරුපද්‍රිතව බේරා ගනු ලැබ ඇත.  ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා උපයෝගී කරගෙන ගින්න මැඩපවත්වා තිබේ.

විස්තර »

රනිලුත් මේ පොත ගන්නා
බව මට විශ්වාසයි

- මහින්ද අබේසුන්දර

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී... දිනමිණ ප්‍රධාන කර්තෘ මහින්ද අබේසුන්දර මහතා ලියූ ‘විපරම’ කෘතිය ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දී එළිදක්වන්නට නියමිත ය. කලක් ස්වාධීන රූපවාහිනි නාලිකාවේ ප්‍රවෘත්ති විකාශනයෙන් අනතුරුව විකාශය කරන...

විස්තර »

පගා ගැහිල්ලෙන් පොලිසිය ඉදිරියෙන්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට මේ වසරේ පළමු මාස හයේ ලැබුණු පැමිණිලි අතරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ පොලිසියේ හා අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන්ට එරෙහිව බව, එම කොමිසමේ අධ්‍යක්ෂ සරත් සෝමවීර ලොකුගේ මහතා පැවසීය.

විස්තර »



වෙළඳ දැන්වීම් . . . .