ජවිපෙ හම්බන්තොට නගර ශාඛාව විසුරුවා සාමාජික සාමාජිකයෝ සන්ධානයට එක්වෙති

ජවිපෙ හම්බන්තොට නගර ශාඛාව විසුරුවා
සාමාජික සාමාජිකයෝ සන්ධානයට එක්වෙති

හම්බන්තොට නගර සභා බල ප්‍රදේශයේ පිහිටුවා තිබූ ජනතා විමුක්ති පෙරමුණේ ශාඛා සමිති සංවිධානයද විසුරුවා හරිමින් එහි නිලතල දැරුවෝ සහ සාමාජික සාමාජිකාවෝ පෙරේදා (7 දා) එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වූහ.

මේ පිරිස ඇමැති එස්. බී. නාවින්න මහතා අතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාගත්හ.

තම ප්‍රදේශයට මෙන්ම රටටද සේවාවක් සැලසෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ රජයකින් බවත් යුද්ධය නිමාවට පත්කොට බියෙන් හා සැකයෙන් තොරව ජීවත්වීමේ වරම උදාකර දුන් ශ්‍රේෂ්ඨ නායක ජනාධිපතිතුමන්ට කෘතගුණ සැළකීම මුළුමහත් ශ්‍රී ලාංකික ජනතාවගේම යුතුකමක් බවද ජ.වි.පෙරමුණ හැර දමා ශ්‍රී.ල.නි.ප.යට එක්වූ පිරිස් ‘දිනමිණ’ට පැවසූහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා