මරණ දැන්වීම්

 

 

ගම්මන්පිල ආරච්චිගේ රිචඩ් මහතා - මෙරායා ගම්මන්පිලගේ ආදරණීය ස්වාමි පුරුෂයා වූද, දයානන්ද, ගරු උතුරු පළාත් ආණ්ඩුකාරවර මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඒ. චන්ද්‍රසිරි සහ මංගලිකාගේ ආදරණීය පියාණන් වූද, ගීතා සහ සමන්ගේ මාමණ්ඩිය වූද ජී.ඒ. රිචඩ් මහතා අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු 30 වන බදාදා සවස 4.00 ට අංක 9/1 ලිලී මාවත, ජයන්තිපුර, බත්තරමුල්ල නිවසේදී පැවැත්වෙන අතර ආදාහන කටයුතු සවස 5.30 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.

ගුණදාස ආර්.එච්. (රෝලන් අයියා) නැසීගිය සෝමාවතී රත්නායක මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද, චන්‍ද්‍රසේන (විශ්‍රාමික යුදහමුදා බලලත් නිලධාරී), සුනිල් සාන්ත (විශ්‍රාමික පොලිස් සැරයන්), නැසීගිය ප්‍රේමචන්‍ද්‍රිකා, නිහාල් (ව්‍යාපාරික), මහින්ද (ගාමිණී - ග්‍රැමඩ්කෝස් ආයතනයේ අධ්‍යක්ෂ), අසෝක කැළුම් (අනුර - ව්‍යාපාරික), මාලා මංගලිකා (රාණි) සහ වසන්ත (විශ්‍රාමික යුධ හමුදා සැරයන්) යන අයගේ දයාබර පියාණන් වූද, ලලිතා, ශාන්ති, වීරසිංහ, නන්දසීලි, සන්‍ධ්‍යා යන අයගේ දයාබර මාමණ්ඩිය වූද, කැකනදුර අඹගහකොරටුවේ පදිංචිව සිටි කොළඹ රෝලන්ඩ්ස් ආයතනයේ සහ සීමාසහිත රිචඩ් පීරිස් සහ සමාගම / ෆෝර්ඩ් මෝටර් රථ සමාගම යන ආයතනවල සේවයේ යෙදී සිටි කොළඹ, කිරුළපන, ග්‍රැමඩ්කෝස් ආයතනයේ නිර්මාතෘ, නුගේගොඩ, ගංගොඩවිල, නිව් ග්‍රැමඩ්කෝස් ආයතනයේ අධිපති ආර්.එච්. ගුණදාස මහතා වසර 81 ක් ආයුවළඳා අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසාන කටයුතු සැප්තැම්බර් මස 30 වන දින (බදාදා) සවස 3.00 ට මාතර කැකනදුර ආදාහනාගාරයේදී සිදුකරනු ලැබේ.

ඩබ්ලිව්. කේ. ටී. ජයසුන්දර උපාසිකා මාතාව - නාවලපිටිය සාන්ත මේරි විද්‍යාලයේ විශ්‍රාමලත් නැසීගිය උප විදුහල්පති කේ. බී. ජයසුන්දර මහතාගේ ආදරණීය භාර්යාව වූද, අරුණ, ප්‍රියන්ත්, සුදම්, රහල්, (නැසීගිය) ධම්මික, තුසිත, රසාංග, සුගත් යන අයගේ ආදරණීය මෑණියන් වූද, රංජනී, ශ්‍රියානි, රමනී, නිල්මිණි, මනෝරි, රුවනි, තිළිණි යන අයගේ දයාබර නැන්දනිය වූද, ඩබ්ලිව්. කේ. ටී. ජයසුන්දර උපාසිකා මාතාව අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ ආදාහන කටයුතු 30 වැනි බදාදා සවස 4.30 ට නාවලපිටිය පොදු සුසාන භූමියේදී සිදුකෙරේ. නො. 26/1, බේලිපාර, නාවලපිටිය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා