‘මං ඇම්බැට්ටයකු නම් විපක්ෂ නායකයා කේවට්ටයෙක්’

‘මං ඇම්බැට්ටයකු නම් විපක්ෂ නායකයා කේවට්ටයෙක්’

ඇමැති රංජිත් සියඹලාපිටිය කියයි

‘මා ඇම්බැට්ටයෙක් නම්, විපක්ෂ නායකවරයා ‘කේවට්ටයෙක්’ යැයි රාජ්‍ය ආදායම් ඇමැති හා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කෙළේය.

රට ජාතිය එක්සේසත් කොට ජනතාවට ජයග්‍රහණ හිමිකරදෙන නායකයෙක් තමයි ජනාධිපතිවරයා. එතුමාගේ උදාර වැඩපිළිවෙළට උරදෙන මා ‘ඇම්බැට්ටයෙක්’ කියා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත්තයා කියා තිබුණා. අපේ රටේ ජනතාවට ජයග්‍රහණ ගෙන දෙනවාට විරුද්ධව, රටට විරුද්ධව ලෝකේ වටේ ගිහින් කරුණු කියන රනිල් මහත්තයා නම් ‘කේවට්ටයෙක්’ බව මා කියන්න කැමැතියි.

ගලිගමුව, බල්ලපාන වෙල්යායේ ඊයේ (28) උදේ පැවැති සීසෑමේ උත්සවයකට සහභාගිවෙමින් ඇමැතිවරයා එසේ කීය.

අප මේ රටට ආදරෙයි. අපි රත්‍රං විකුණන්නේ නෑ. අප ජාතික දේපොළ විකුණන්නේ් නෑ. අපි ‘ඇම්බැට්ටයෝ’ නොවෙයි. රටට වින කරන අය නම් ‘කේවට්ටයෝ’ ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කෙළේය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා