මරණ දැන්වීම්

 

 

අවමංගල ස්තූති

ඩබ්ලිව්.කේ.ටී. ජයසුන්දර මිය - නාවලපිටිය බේලි පාරේ අංක 26/1 විසු පරලොව සැපත් ශාන්ත මේරි විද්‍යාලයේ උප විදුහල්පති කේ.බී. ජයසුන්දර මහතාගේ දයාබර භාර්යාව වූ, ඩබ්ලිව්.කේ.ටී. ජයසුන්දර මහත්මියගේ අභාවය වෙනුවෙන් වැඩම කළ මහා සංඝරත්නයටත් ඥාති මිත්‍රාදීන් ඇතුළු හිත මිත්‍රාදීන්ටත් ශෝක පණිවුඩ එවීමෙන් මල් වඩම් සැපයීමෙන් හා නන් අයුරින් උපකාර කළ සියලු දෙනාටත් පවුලේ සැමගේ ගෞරව පූර්වක ස්තුතිය පුද කරමු. මෙයට අරුණ ජයසුන්දර (පුතා) ප්‍රියන්ත් ජයසුන්දර (පුතා) සුදම් ජයසුන්දර (පුතා) රහල් ජයසුන්දර (පුතා) තුසිත ජයසුන්දර (පුතා) උදිත ජයසුන්දර (පුතා) සුගත් ජයසුන්දර (පුතා).


මරණ දැන්වීම්

අමරතුංග වින්සන්ට් (අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු සහකාර ලේකම්) - නැසීගිය දර්ශනී අමරතුංග මැතිණියගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද, ලතිකා හිරෝහතා, ඉන්දිරා දිසානායක, අනුෂ අමරතුංග, අසිතා අබේදීරගේ දයාබර පියාණන් වූද, මිනෝරු හිරෝහතා, අජිත් දිසානායක, චින්තන අබේදීර සහ අරෝෂිනී අමරතුංග ගේ මාමණ්ඩිය වූද, කෙනෙචි, අයකා, සඳුනි, කාවින්දි, කල්පනී, රවිඳු සහ අෂාන්ගේ ආදරණීය සීයා වූද, වින්සන්ට් අමරතුංග මහතා අභාවප්‍රාප්ත වූයෙන් ආදාහන කටයුතු 8 වෙනි බ්‍රහස්පතින්දා සවස 3 ට වත්තල හුණුපිටිය සුසාන භූමියේදී සිදු කෙරේ. නිවසින් පිටත්වීම සවස 2 ට. 740, හිඹුටුවැල්ගොඩ, කැලණිය.


කේ. ඩී. ටී. කුරුප්පු මහතා - විශ්‍රාමික විදුහල්පති පොල්ගස්ඕවිට, වෙනිවැල්කොල පදිංචි සොපායා කුරුප්පුගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද, ලාල් කුරුප්පු (ඕස්ට්‍රේලියාව), පි‍්‍රයන්ති කුරුප්පු (අධ්‍යාපන අමාත්‍යාංශය), කුමාර කුරුප්පු (ඕස්ට්‍රේලියාව) යන අයගේ ආදරණීය පියාණන් වූද, ඉන්ද්‍රා කුරප්පු, ඩඩ්ලි ගීකියනගේ (ඕස්ට්‍රේලියාව) අනුෂා කුරුප්පු (ඕස්ට්‍රේලියාව) යන අයගේ ආදරණීය මාමණ්ඩිය වූද, කේ. ඩී. ටී. කුරුප්පු මහතා අභාවප්‍රාප්ත වුයෙන් ඒ පිළිබඳ ආදාහන කටයුතු ඔක්තෝම්බර් මස 8 වන බ්‍රහස්පතින්දා සවස 5.00 ට වෑතර ආදාහනාගාරයේදී සිදුකරන බව සංවේගයෙන් දැනුම්දෙමු. දේහය නිවසින් පිටත්වීම සවස 4.00 ට. “දර්ශන”, පාසල් මාවත, වෙනිවැල්කොල, පොල්ගස්ඕවිට.


ඤාණවතී කොඩිකාර දඩල්ලගේ - අමරදාස කැටංගොඩගේ යන අයගේ ආදරණීය බිරිඳ වූද, වසන්ත රංජිත් (තුඩාව සහෝදරයෝ) සරත් (එංගලන්තය) යන අයගේ ආදරණීය මෑණියන් වූද, කමණි (ටෙරන්ස් එන් ද සිල්වා විද්‍යාලය - කොළොන්නාව) ශ්‍රීමා (සමුපකාර රෝහල කොටහේන) වෛද්‍ය දීපිකා (එංගලන්තය) යන අයගේ ආදරණීය නැන්දනිය අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු ඔක්තෝබර් 7 වන බදාදා සවස 4.30 කොළඹ කනත්තේ ආදාහනාගාරයේදී සිදු කෙරේ. දේහය සවස 3.00 ට නිවසින් පිටත් වේ. නො. 04, එක්සත් ක්‍රීඩා සමාජ මාවත, මාදින්නාගොඩ, රාජගිරිය.


තුෂාන්ති ධනංජනි පෙරේරා මෙනෙවිය - උඩුගම්පොල වීදියවත්තේ පදිංචි එම්. එස්. පෙරේරා (මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විශ්‍රාමික කළමනාකාර සහකාර) හා ඒ. කේ. පෙරේරා (කොළඹ ජාතික රෝහලේ විශ්‍රාමික කළමනාකාර සහකාර) යන අයගේ ආදරණීය දියණිය වූද චමින්ද පද්මසිරි (හේලීස්) හා හරුනි (මීගමුවේ හරිශ්චන්ද්‍ර විදුහල) යන අයගේ නැගණිය වූද, ගයනි (ටෙලිකොම්) හා සමිත් සුරංගගේ නෑණන්ඩිය වූද කොළඹ ආනන්ද බාලිකාවේ ආදි ශිෂ්‍යා, කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සේවයේ නියුතුව සිටි තුෂාන්ති ධනංජනී පෙරේරා මෙනෙවිය හදිසියේ අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසාන කටයුතු 7 වැනි බදාදා සවස 3.00 වීදියවත්ත පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. 120/2, වීදියවත්ත, උඩුගම්පල.


දුනුවිල ජේම්ස් ගාමිණී රත්නසිරි මහතා අභාවප්‍රාප්ත වූයෙන් ආදාහන කටයුතු 07 වෙනි බදාදා සවස 4.00 ට මත්තේගොඩ බ්‍රාහ්මණගම පොදු සුසාන භූමියේදී සිදුකෙරේ. නො. 203/8, පැපිලිවල පාර, බ්‍රාහ්මණගම, පන්නිපිටිය.


නන්දා සමරතුංග ගුරු මාතාව, ගම්පහ - නැසීගිය අධ්‍යාපන නිලධාරි ධර්මරත්න සමරතුංග මහතාගේ භාර්යාව වූද, සංජය සමරතුංග, කෞසල්‍යා සමරතුංග (ඕස්ට්‍රේලියාව) ගේ මෑණියන් වූද, සුනිල් පෙරේරා, බී. කුලසේකර යන අයගේ නැන්දනිය වූද, පී. එම්. සමරතුංග, කලණි පෙරේරා යන අයගේ මිත්තනිය වූද නන්දා ලිලීනා පෙරේරා සමරතුංග ගුරු මාතාව අවුරුදු 82 ආයවළඳා අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු 2009.10.08 වන දින (බ්‍රහස්පතින්දා) ප.ව. 6.00 ට ගම්පහ කසගහවත්ත පොදු සුසාන භූමියේදී සිදු කෙරෙන බව සංවේගයෙන් දැනුම් දෙමු. මෙයට ශෝකයට පත් දූදරු ඥාති පිරිස. නො. 36, චිත්‍රා පාර, ගම්පහ.


පනාගොඩ නැසීගිය දොන් අල්විස් පනාගොඩගේ භාර්යාව වූද, සරත් (හොලිඩේ ඉන්) ජයසිරි (ඒ. බවර්) කාන්තිගේ මෑණියන් වූද, සුනිලා නිශානි යන අයගේ නැන්දනිය වූද, සෝමා පනාගොඩ මහත්මිය අවුරුදු 87 ක් ආයුවළඳා අභාවප්‍රාප්ත වූයෙන් ආදාහනය ඔක්තෝම්බර් මස 07 වන දින සවස 4.30 ට තලපත්පිටිය පොදු සුසාන භූමියේදී පැවැත්වේ. 34, මාදිවෙල පාර, ඇඹුල්දෙණිය, නුගේගොඩ.


විශ්‍රාමලත් විදුහල්පති, සාම විනිසුරු ඩී.ජී. වෙත්තසිංහ මැතිතුමා - එස්. කේ. ඩී. ඩී. වෙත්තසිංහ මහත්මියගේ දයාබර ස්වාමිපුරුෂයා වූද, ගීතා වෙත්තසිංහ, නීතිඥ හේමන්ත වෙත්තසිංහ යන අයගේ ආදරණීය පියාණන් වූද, රොහාන් වනසිංහ, කල්‍යාණි කුමාරසිංහ යන අයගේ දයාබර මාමණ්ඩිය වූද, කඩුවෙල, පහළ බෝමිරියේ විසූ මුල්ලේගම මහා විද්‍යාලයේ හිටපු විදුහල්පති සාම විනිසුරු ඩී. ජී. වෙත්තසිංහ මහත්මා අභාවප්‍රාප්ත විය. දේහය ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය විද්‍යාලයට භාරදීම සඳහා 2009.10.08 දින පස්වරු 1.00 ට නිවසින් පිටත්වේ. අංක 285/3, පහළ බෝමිරිය, කඩුවෙල.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා