STF සෝදිසියෙන් අවි තොගයක් සොයා ගනී

STF සෝදිසියෙන් අවි තොගයක් සොයා ගනී

ත්‍රස්තවාදීන් විසින් වවුනියාව වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ සඟවා තිබුණු ප්‍රභූ ආරක්ෂාව සඳහා යොදා ගැනෙන අවි ඇතුළු විවිධ වර්ගයේ අවි එම කොටස් විශාල ප්‍රමාණයක් හා ජීව උණ්ඩ 4940 ක් සමග තවත් යුද උපකරණ රැසක් විශේෂ කාර්ය බළකාය විසින් සොයා ගනු ලැබ තිබේ.

මෙසේ සොයා ගත් අවි අතර මිනි වුෂි අවි, අංක නොමැති රිවෝල්වර, 303 වර්ගයේ අවි, එම්. සී. ඉසෙඩ් පිස්තෝල, එම්. ඕ. සී. 83 මයික්‍රො පිස්තෝල අවි, රිවෝල්වර, ටී 56 අවි කොටස් විශාල ප්‍රමාණයක් ගුවන් යානා නාශක අවි කොටස්, ආර්. පී. ජී., එම්. පී. එම්., ජී. පී. එම්. ජී., එම්. පී. පහ, ග්‍රෙනේඩ් පිස්තෝල, ස්නයිපර්, මිලිමීටර් 60 ඇතුළු බර අවි හා සුළු අවි කොටස් තොගයක් ද තිබුණු බව විශේෂ කාර්ය බළකාය පවසයි. එම උපකරණ සමග තමන් සිටින ස්ථානය හඳුනා ගන්නා භූමි උපකරණ, මාලිමා යන්ත්‍ර හා හඳුනා නොගත් අවි කොටස්, එල්. ටී. ටී. ඊ. ය විසින් සාදන ලද අවි කොටස් සමග බෝම්බ ද තිබී ඇත.


වවුනියාව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. එම්. ජයවීර මහතා ඇතුළු නිලධාරීන් විසින් මේ උපකරණ හා අවි තොගය පුද්ගලික ඔත්තුවක් මත මේවා සොයා ගෙන තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා