විශේෂාංග අංශය

 විශේෂාංග අංශය

පාට පාට කතා ලියන කලාකාමියෝ

සාමාන්‍ය කාර්යාලවල වගේ නොවෙයි පුවත්පත් කාර්යාලයක ස්වභාවය. නිතර ‘සදය’ කතා බහ ඇතිවෙන තැනක්. අපේ විශේෂාංග අංශයද එසේමයි. උනුන් බැන ගන්නවා.

ඉදිරිපෙළ වමේ සිට - ප්‍රමිතා රන්දලී පබසරා, රසිකා රණවීර, නියෝජ්‍ය විශේෂාංග කර්තෘ සන්ධ්‍යා එම් වීරතුංග, විශේෂාංග කර්තෘ අයන්ති විතාන, සම කර්තෘ ගාමිණී ජයලත්, කළමනාකරණ කර්තෘ රන්ජන් අමරරත්න, ගාමිණී බණ්ඩාරනායක, රසිකා සෝලංග ආරච්චි, චිත්‍ර ශිල්පී රුවන් තර්ස්වින්. පසු පෙළ වමේ සිට - නිලූකා ඩී තිලකරත්න, ප්‍රේමසිසිල, අනුසාර මාහිංගොඩ, කාංචනා අමිලානි කරුණාමුණි, උදිත ගුණවර්ධන, නිවන්ති තිලකරත්න, චිත්‍ර ශිල්පී ප්‍රීති කන්නංගර, ඉරෝෂිණී දීපිකා, ශ්‍යාමා සමරසිංහ, ප්‍රසාදි නානායක්කාර, එල්. ඒ’. ඥානතිලකා, මනෝලි සුබසිංහ, නදීකා දිල්හානි ඩයස්, මලික් චමින්ද ධර්මවර්ධන, ඩබ්ලිව්. ඒ. එන්. පෙරේරා, කේ. බාලසූරිය.

දේශපාලන වාද විවාද පවත්වනවා. ඕපදූප කතා කරනවා. පිටු සකසමින්, ලිපි ලියමින් පටිගත කරන ලද සම්මුඛ සාකච්ඡා රෙකෝඩරයෙන් ලියමින් වැඩ කළ ද වෙහෙසක් නොදැනෙන්නේ නිතර කතා බහෙන් කෙළිකවට සිනහවෙන් කාලය ගෙවන බැවිනි.

අපේ විශේෂාංග අංශයේ විශේෂත්වය වන්නේ ද එයයි. අපි එකිනෙකාට සහයෝගය දක්වමින් එකිනෙකාගේ කටයුතු හොඳින් බෙදා හදා ගනිමින් කටයුතු කරන්නෙමු.

සමහර කාර්යාලවල සේවය කරන අයට නම් කාර්යාල ජීවිතය ඉතා දිගු ය. නමුත් අපට නම් උදේ වැඩ පටන් ගත් පසු හවස පහ වනතුරු කාලය නො දැනීම ගෙවී යයි.

මෙසේ සිදුවන්නේ අපි වඩාත් කැමැත්තෙන් මේ පුවත්පත් කලා ජීවිතයට ඇලී ගැලී ඇති නිසාවෙනි.

අපේ කර්තෘතුමා අපට අපගේ අභිමතය පරිදි රටේ සමාජයේ සිදුවන දෑ පිළිබඳ විශේෂාංග එළි දැක්වීමට නිසි නිදහස ලබා දී ඇති බැවින් අපට පීඩනයකින් තොරව කටයුතු කිරීමේ හැකියාව ඇත. එය සතුටකි.

කර්තෘතුමා සේම කලාකාමී හැඟීම් වලින් පිරි සමහර අවස්ථාවල පුංචි තිරයේ දකින ගාමිණී අයියා අපේ විශේෂාංග අංශයේ වැඩිමල් සහෝදරයා මෙනි.

අපි සියලු දෙනාම එක් වී පාඨකයාට අවශ්‍ය යහපත් හරවත් දේ නිරතුරුවම ලබා දීමට ඇප කැප වී සිටිමු.


සබැඳි පුවත්