අමෙරිකාවේ ජෙට් යානයක් ජමෙයිකාවේ දී අනතුරක

අමෙරිකාවේ ජෙට් යානයක් ජමෙයිකාවේ දී අනතුරක

ජීවිත හානි නෑ-91කට සුළු තුවාල
 

ජැමෙයිකාවේ කින්ස්ටන් නෝමන් මැන්ලේ අන්තර් ජාතික ගුවන් තොටුපොළේ දී ධාවන පථයෙන් ලිස්සා ගිය අමෙරිකානු ගුවන් සේවයට අයත් ගුවන් යානය නැවතී ඇති අයුරු. රොයිටර්

අමෙරිකානු ගුවන් සමාගමට අයත් ජෙට් යානයක් ජැමෙයිකා ගුවන් තොටුපළේ ධාවන පථයෙන් ඔබ්බට ඇදීයාම නිසා සිදු වූ අනතුරකින් ගුවන්යානය සුනුවිසුනුවී තිබේ.

එහි ගමන්ගත් මගීන් 154ක් අතුරින් කිසිවෙකුත් මියගොස් නැත. 91 දෙනෙක්ට සුළු තුවාල සිදුවී ඇති බව එරට බලධාරිහු පවසති.

අධික වර්ෂාව මැද ගුවන් තොටුපළේ ධාවනපථයට පාත් කළ බොයිං 737 ජෙට් යානය සාගරයට පතිත නොවී බේරුණේ හාස්කමකින් බව වාර්තාවේ.

අනතුරට පත් යානයේ සිටි මඟීන්ට ක්ෂණිකව සහායදීමට ගුවන්තොටුපළේ විධිවිධාන සලසා නොදීම මගීන්ගේ දෝෂදර්ශනයට ලක්විය.

ජැමෙයිකාවේ දී සිදු වූ මේ අනතුර පිළිබඳව විමර්ශනයක් පැවැත්වීමට අමෙරිකන් විමර්ශක පිරිසක් පෙරේදා එහි ලඟාවිය. එම විමර්ශන කටයුතු ඉදිරියට ගෙනයාමට අමෙරිකාවේ ජාතික ගමනාගමන ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් ද සහාය ලැබී ඇත. අනතුරෙන් පසු ජැමෙයිකානු ගුවන්තොටුපළ තාවකාලිකව වසා දමා ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා