ජනපතිවරණයට ෆොන්සේකා ආවේ වෛරයක් පිරිමසා ගැනීමටයි

ජනපතිවරණයට ෆොන්සේකා ආවේ වෛරයක් පිරිමසා ගැනීමටයි

- ඩික්සන් අතුකෝරල

තෝරාගත් කොට්ඨාසවල අපද්‍රව්‍ය කළමනාකරණය නිසි පරිදි සිදුකිරීමට අවශ්‍ය යටිතල පහසුකම් සඳහා මූල්‍ය ප්‍රතිපාදන අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය ලබාදෙයි.

එබැවින් එම ග්‍රාමනිලධාරී වසම් වල වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා සභාවේ අනුමැතිය ලබා දිය යුතු යැයි කැස්බෑව නගර සභාවේ සභාපති ලෙනාඩ් කරුණාරත්න මහතා පැවැසීය. ඒ මහතා එසේ පැවැසුවේ කැස්බෑව නගර සභා ශ්‍රවණාගාරයේ පැවැති මාසික සභා රැස්වීමේදී ය.

පී. ඒ. ඩී. තුෂාර පි‍්‍රයන්ත මහතා (එ. ජා. ප.) - කැස්බෑව නගර සභා බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් තුන ඇතුළත කුණු සහ අපද්‍රව්‍ය ඉවත්කිරීමට සභාපතිතුමා ගෙනෙන ලද යෝජනාව ඉතාමත් කාලෝචිතයි.

'පිවිතුරුපුර' ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කාගේත් සහයෝගය ලබා දෙන්න.

ආර්. කපිල පි‍්‍රයදර්ශන මහතා (ජ. වි.පෙ.) - සභාපති තුමා විසින් ඉදිරිපත් කරන ලද ඝන අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ව්‍යාපෘතිය ඉතාමත් සුදුසුයි. මේ ව්‍යාපෘතිය ආරම්භ කරන දිනය ජනතාවට දන්වන්නේ නම් ඉතා වැදගත් ය.

යෝජනාව සම්මත විය.

පී. ඒ. ඩී. තුෂාර පි‍්‍රයන්ත මහතා (එ. ජා. ප.) - කැස්බෑව නගර සභාව යටතේ පාලනය වන ළදරු පාසල් දෙකක් වන විජිතපුර හා රෙජිඩේල්වත්ත ළදරු පාසල් දෙකේ ද දරුවන් වෙනුවෙන් නොමිලේ කිරි වීදුරුවක් ලබාදීම සුදුසු බවත් 2010 ජනවාරි සිට එය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසත් මේ ගරු සභාවෙන් ඉල්ලා සිටිනවා. තවද කිරි සකස් කිරීම හා ළමයින්ට බෙදාදීම පරිපාලක නිලධාරින් විසින් කිරීමට කැමැත්ත ප්‍රකාශකැර තිබේ.

ආර්. කපිල සුදර්ශන මහතා (ජ. වි. පෙ.) - ළදරු පාසල් දෙකේ ළමයිනට කිරි වීදුරුවක් ලබාදීම සඳහා ගෙනෙන ලද යෝජනාව ඉතාමත් කාලෝචිතයි. ළදරු පාසල් දෙකට ළමයි විශාල පිරිසක් එනවා මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන්ට කිරි වීදුරුවක් දීම සුදුසුයි.

ඩී. එම්. ඩී. සමන් ප්‍රසන්න මහතා (එ. ජා. ප.) - මේ රටේ ඉදිරි අනාගතය බාරගන්නට සිටින දරුවන්ට කිරි වීදුරුවක් ලබාදී ඉතා සුදුසුයි.

විපක්ෂ නායක සුමන රණවීර මහතා (පො. එ. පෙ.) - ළදරු පාසල්වල ඉගෙනීම ලබන දරුවන්ට කිරි වීදුරවක් දීම ඉතාමත් වැදගත්.

දැනට මව්වරු බොහොමයක් රැකියා සඳහා යන බැවින් ළදරුවන්ට මවුකිරිදීම කළ නොහැකි බැවින් පෙර පාසල්වලට යන ළමයින්ට කිරි වීදුරුවක් දීම ඉතා සුදුසුයි.

ඩික්සන් අතුකෝරළ මහතා (පො. එ. පෙ.) - සරත් ෆොන්සේකා ඉදිරිපත්වී සිටින්නේ වෛරයක් පිරිමැසීමටයි.

එතුමා යුද්ධ කරපු එක ඇත්ත. වසර 30 ක් කරපු යුද්ධයක් කිසිවකුට අයිතිකර දිය නොහැකියි.

එ. ජා.පයත් ජ. වි. පෙත් ඉදිරි කාලයේදී පොදු එකඟතාවයකට පත්වී කටයුතු කරන්නේ කෙසේද ඡන්දයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විශාල ඡන්ද ගණනකින් ජයග්‍රහණය කරනවා.

ටෙනිල් රත්නසිරි ප්‍රනාන්දු මහතා (එ. ජා. ප.) - නිදහස් මාධ්‍යයට වැටකඩොලු බැදීම රාජ්‍ය විරෝධි ක්‍රියාවකි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා