බාලවයස්කාර දැරියක පැහැර ගත් සැකකරු අඟුරුවාතොටදී අත්අඩංගුවට

බාලවයස්කාර දැරියක පැහැර ගත් සැකකරු අඟුරුවාතොටදී අත්අඩංගුවට

තිස්සමහාරාම අරඹකන්දේ:

නඩු කීපයක චූදිතයෙක්

බාල වයස්කාර දැරියක් පැහැරගෙන යාමේ චෝදනාව මත තිස්සමහාරාම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රෝහල් ගතකර සිටි සැකකරුවකු බන්ධනාගාර ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් රෝහලින් පැන අඟුරුවාතොට බැල්ලපිටිය අරඹකන්ද ප්‍රදේශයේ සැඟවී සිටියදී අගුරුවාතොට පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

මේ සැකකරු අරඹන්ද ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. සැකකරුට විරුද්ධව පවරා ඇති නඩු කිහිපයක්ම හොරණ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වීමට ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවද පොලිස් පරීක්‍ෂක අජිත් කුමාර මහතා පැවැසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා