නිදහස වඩාත් අර්ථවත් වන්නේ සාමය හා සංවර්ධනයේ අරුණැල්ල  උදා වූ විටයි

ජනාධි­පති මහින්ද රාජපක්ෂ
2012 පෙබරවාරි 06 යාපනයේදී



සිසාරා යන්නට වෙබ් අඩවි . . . .

ලක්ෂ 300ක හොර බඩු ගෙනා කන්ටේනර 2ක් රේගු දැලේ

රජයට අහිමි වන්නට ගිය බදු මුදල රු.ලක්ෂ 100ක්

අවසරය ප්ලාස්ටික් දොරවල් ගේන්න

තිබුණේ නිමි ඇඳුම්, සපත්තු, ටයිල් වර්ග

ප්ලාස්ටික් දොරවල් ආනයනය කරන මුවාවෙන් මෙරටට ගෙන්වූ රුපියල් ලක්ෂ 300 කට අධික නිමි ඇඳුම් ඇතුළු භාණ්ඩ රැගත් කන්ටේනර් 2 ක් ඊයේ (20) රේගු අත්අඩංගුවට පත්විය. චීනයේ සිට මෙම කන්ටේනර් දෙක ආනයනය කර ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයෙකි. මෙම කන්ටේනර් දෙක වෙනුවෙන් රජයට අහිමි වන්නට ගිය බදු මුදල රුපියල් ලක්ෂ 100 කි. අංක 251/2/1, දෙවන මහල, මේන් සිටි මාකර්ට්, කොළඹ 11 ලිපිනයට මෙම කන්ටේනර් දෙක එවා ඇති අතර බෞද්ධාලෝක මාවතේ පිහිටි සමාගමක් හරහා කන්ටේනර් දෙක ශ්‍රී ලංකාවට ගෙන්වා තිබේ.

විස්තර »

ඊළමකට ශ්‍රී ලංකාවේ ඉඩක් නෑ

අවශ්‍ය නම් තමිල්නාඩුවේ පිහිටුවා ගන්න

ආරක්ෂක ලේකම්ගෙන් කරුණානිධිට පිළිතුරු

තමිල් ඊළමක් අවශ්‍ය නම් තමිල්නාඩු ප්‍රාන්තයේ එය පිහිටුවා ගත හැකි බවත් ශ්‍රී ලංකාවේ ඒ වෙනුවෙන් කිසිදු ඉඩක් නැති බවත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. තමිල්නාඩු ප්‍රාන්ත හිටපු මහ ඇමැති එම්.කරුණානිධි මෙරට ඊළාම් රාජ්‍යයක් පිහිටුවීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු යැයි ඉකුත් දිනවල කර ඇති ප්‍රකාශයට පිළිතුරු ලෙස රාජපක්ෂ මහතා මේ අදහස් පළ කරයි. ශ්‍රී ලංකාවට වඩා වැඩි දමිළ ජනගහණයක් තමිල්නාඩුවේ වෙසෙන බව පෙන්වාදෙන ඒ මහතා ඒ අනුව ඊළාම් රාජ්‍යයක් එහි බිහි කළ හැකි බව සඳහන් කරයි.

විස්තර »

වතුකරයේ සියලු පවුල්වලට සංවර්ධන ප්‍රතිලාභ

2013 දී නිවාස විදුලිය ජලය

ඉදිරි වසර වනවිට වතුකරයේ සියලුම පවුල් සඳහා නිවාස, ජලය සහ විදුලිය පහසුකම් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව රජය අවධාරණය කරයි. රජයේ සියලු සංවර්ධන ප්‍රතිලාභ මේ වනවිට වතුකරයේ ජනතාවට ද හිමිවන අතර තවදුරටත් යටිතල පහසුකම් ලබාදීමට රජය පියවර ගෙන ඇතැයි ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. වතුකරයේ සියලුම පාසැල්වලට වතුකරයෙන් බිහිවූ උපාධිධාරීන් ලබාදී වතුකරයේම පාසැල් අධ්‍යාපනය නංවාලීමටද රජය ප්‍රමුඛත්වය ලබාදෙන බව සඳහන් කරන ඇමැතිවරයා වතුකරයේ යටිතල පහසුකම් . . . . .

විස්තර »

දඹුල්ල ප්‍රකාශිත නගරයක් පුදබිම් නීති යෙදීම ගැටලුවක්

- අගමැති

දඹුල්ල රාජමහා විහාරය අයත් ප්‍රදේශය පළාත් පාලන හා නිවාස අමාත්‍යවරයා ලෙසින් ආර්. ප්‍රේමදාස මහතා විසින් නගරයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ අනුව පූජා භූමි පනත යටතේ සලකා බැලෙන නියමයන් දඹුල්ල සිද්ධස්ථානයට අයත් ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීමේ ගැටලු ඇතැයි අග්‍රාමාත්‍ය බුද්ධ ශාසන හා ආගමික කටයුතු ඇමැති දි. මු. ජයරත්න මහතා පවසයි. 1981 මාර්තු 17 දා දඹුල්ල රාජමහා විහාරය අයත් පෙදෙස නගර හා ග්‍රාම නිර්මාණ ආඥාා පනතේ 6 (2) (අ) වගන්තියෙන් නගරයක් . . . .

විස්තර »

රැඳවියකුගේ මෙහෙයවීමෙන්

ව්‍යාපාරිකයකුගෙන් කප්පම් ගන්නට ගිය බන්ධනාගාර නියාමක හසුවෙයි

රුපියල් ලක්‍ෂ 50ක මුදල් කොල්ලකෑමක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින සැකකරුවකුගේ මෙහෙයවීමට අනුව නිවිතිගල ව්‍යාපාරිකයකුගෙන් කප්පම් ගැනීමට ගිය බන්ධනාගාර නියාමකයකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම කප්පම් සිද්ධිය ගැන පුළුල් පරීක්‍ෂණයක් නිවිතිගල පොලිසිය විසින් පවත්වයි. කුරුවිට බන්ධනාගාරයේ රාජකාරී කරන මෙම නියාමකවරයා සතුව තිබූ දුරකථන සිම් කාඩ් පත් පහක් ද පොලිසියට හමුවී තිබේ.

විස්තර »

දෙවන පාසල් වාරය අනිද්දා ඇරඹේ

මෙරට සංචාරයක නිරත ඉන්දීය විපක්ෂ නායිකා සුෂ්මා ස්වරාජ් මහත්මිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති මන්දිරයේ දී ඊයේ (20) උදෑසන මුණ ගැසුණු අවස්ථාව. විදේ්ශ කටයුතු ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් අශෝක් කේ. කාන්ත් මහත්වරු ද මෙහි වෙති.

 

ඡායාරූප - සුදත් සිල්වා

 
ඉපදුණු බිමට එරෙහිව නැඟිටින්න එපා
රට යෝජනා සෙල්ලමකට ගන්ට එපා
ඉරිසියාව ලෝකෙට පෙන්වන්ට එපා
බොරු චෝදනා කොට ඉල්ලන් කන්ට එපා
 

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast