සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී කුරුණෑගලට ප්‍රථම තැන

සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී කුරුණෑගලට ප්‍රථම තැන

මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යංශය යටතේ ඇති සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී කුරුණෑගල දිස්ත්‍රික්කය ප්‍රථම ස්ථානය හිමිකර ගෙන ඇත.

මේ යටතේ 2005, 2006, 2007 වර්ෂවලදී වැඩිම දායකයන් සංඛ්‍යාවක් බඳවාගෙන ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේය. බඳවාගත් දායකයන් සංඛ්‍යව 31094 කි.

දැනට මේ සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට දායකයන් 68920 ක් බඳවා ගනිමින් කුරුණෑගල දිස්ත්‍රික්කය ප්‍රථම ස්ථානය හිමිකරගෙන සිටී. මේ සංඛ්‍යාවෙන් 1428 දෙනෙක් දැනටමත් විශ්‍රාම වැටුප් ලබන බවත් ඉදිරියේදී තවත් පිරිසකට මේ අවස්ථාව ලැබෙන බවත් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කුසුම් හෙට්ටිගේ මහත්මිය කීවාය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා