සුරාබදු පනත කඩමින් අරක්කු ඇද්දාට 3000ක් දඩ

සුරාබදු පනත කඩමින් අරක්කු ඇද්දාට 3000ක් දඩ

සුරාබදු පනත උල්ලංඝනය වන පරිදි නියමිත ප්‍රමාණයට වඩා වැඩි අරක්කු බෝතල් ප්‍රමාණයක් ත්‍රිවීල් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු බොරැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සමඟ අදාළ අරක්කු බෝතල් තොගය බොරැල්ල පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ පන්ඩුල දිසානායක මහතාගේ උපදෙස් මත මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි.

එක් පුද්ගලයකුට තමා සන්තකයේ තබාගෙන ප්‍රවාහනය කළ හැක්කේ අරක්කු බෝතල් නමයයි තුන්කාලක් වුවත් මේ සැකකරු අරක්කු බෝතල් පහළොවක් සන්තකයේ තබාගෙන ප්‍රවාහනය කිරීමෙන් සුරාබදු පනත උල්ලංඝනය කර තිබේ.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ධම්මිකා කුමාරි ජයසුන්දර මහත්මිය තම සේවාදායකයා චෝදනාවට අදාළ නීති රීති පිළිබඳව නොදැණුවත්ව නිවසේ පැවැත්වීමට නියමිතව තිබූ උත්සවයක් සඳහා අවශ්‍ය අරක්කු ප්‍රමාණය ප්‍රවාහනය කර ඇති බව පවසමින් ඔහුට සහනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියාය.

නීතිඥවරියගේ ඉල්ලීම ගැන සළකා බැලූ මාලිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත් අයේෂා ආබ්දීන් මහත්මිය චූදිතට රුපියල් තුන්දහසක දඩයක් නියම කළාය.

අරක්කු තොගය ප්‍රවාහනය සඳහා යොදාගත් ත්‍රිරෝද රථය රුපියල් දශලක්‍ෂයක බැදුම්කරයක් මත අයිතිකරුට මුදාහැරීමට නියෝග කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය සිද්ධියට අදාළ අරක්කු තොගය විනාශ කිරීමටද නියෝග කළාය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා