ප්‍රංශ ජනපති පුටුව හොලන්ඩිට ද?

ප්‍රංශ ජනපති පුටුව හොලන්ඩිට ද?

ප්‍රංශයේ ජනාධිපතිවරණෙයේ දෙවන වටය ඊයේ පැවැත්විනි . මේ මැතිවරණයෙන් ප්‍රධාන ප්‍රතිවාදියා වන හොලන්ඩි ජයග්‍රහණය කරනු අතැයි විශ්වාස කෙරේ . හොලන්ඩි ජනාධිපතිවරණය ජයග්‍රහණය කළහොත් ඔහු 1995 න් පසුව ප්‍රංශයේ ජනාධිපතිවරණයට පත්වන ප්‍රථම සමාජවාදී ජනාධිපතිවරයා වනු ඇත .

ජනාධිපතිවරණයේ දී ප්‍රංශ ඡන්දදායකයන් මිලියන් 46 ක් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය . මැතිවරණ ප්‍රතිඵල පිළිබඳව මත විමසීම් පැවැත්වීම මෑතදී තහනම්කර ඇතත් අවසන් මත විමසීමට අනුව හොලන්ඩිට 52 % - 48% අතර ඡන්ද ජයග්‍රහණයක් අත්වනු ඇතැයි විශ්වාස කෙරේ .

කෙසේවෙතත් වත්මන් ජනාධිපති සාකෝසි පවසන්නේ සියල්ලන් විමතියට පත් කරමින් තමා ජයග්‍රහණය කරගනු ඇති බවයි .

සාකෝසිට ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට නොහැකි වුවහොත් 1981 දී දෙවනවරට ජනාධිපතිපදවිය දිනාගැනීමට අපොහොසත්වූ වැලරි ගිස්කාඩ් ගේ තත්ත්වයට ඔහු ද පත්වනු ඇත. ජනාධිපතිවරණයෙන් පරාජයවුවහොත් සාකෝසි දේශපාලනයෙන් ඉවත්වනු ඇතැයි ඔහු මෑතදී ප්‍රකාශකර තිබිණි .

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා