හිලරි ක්ලිටන් බංග්ලාදේශ සංචාරයක

හිලරි ක්ලිටන් බංග්ලාදේශ සංචාරයක

අමෙරිකන් රාජ්‍ය ලේකම් හිලරි ක්ලිටන් පෙරේදා බංග්ලාදේශයට පැමිණි ඇත . මෙය විරල අවස්ථාවක් ලෙස සැලකේ . මේ සංචාරයේ අරමූණ කුඩා ව්‍යවසායයන්ට ණය මුදල් සැපයීමේ පුරෝගාමියෙක් සහ නෙබල් ත්‍යාගලාභීයෙක් වූ මොහොමඩ් යුනුස්ට සහාය දැක්වීමයි . යුනුස් බංග්ලාදේශ් රජය සමඟ ගැටුම් ඇතිකර ගෙන සිටින අයෙකි .බංග්ලාදේශයේ අමෙරිකන් තානාපති කාර්යාලයේ දී හිලරි ක්ලින්ටන් ඊයේ උදැසන යුනුස් හමුවී ඇත .

ඊට පෙර ඇය එරට දේශපාලන නායකයින් හමුවී ඇත . යූනුස් 2006 දී නොබල් තාග්‍යයෙන් පිදුම් ලබා තිබියදීත් එරට රජය විසින් ඔහු ග්‍රමීන් බැංකුවේ අධිපති ධුරයෙන් ඉවත් කරන ලදි .

ඔහු හිටපු අමෙරිකන් ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ ද සමීප මිතුරෙකි .

සෙනසුරාදා බංග්ලාදේශ් අගමැති කාර්යාලයෙ දී කථාවක් පැවැත්වූ අතර වාරයේ දී අමෙරිකන් රාජ්‍ය ලේකම්වරිය ග්‍රාමීන් බැංකුවේ ක්‍රියාකාරීත්වය පැසසුමට ලක්කර ඇති අතර එය ජාත්‍යන්තර වශයෙන් ද විශාල බලපෑමක් සිදු කළ කුඩා ව්‍යවසාය බැංකුවක් බවද පවසා තිබේ .

ග්‍රමීන් බැංකුවේ අධිපති ධූරයෙන් යුනුස් ඉවත් කරන ලද්දේ විශ්‍රාම වයස ඉක්මවා සේවයේ යෙදී ඇතැයි යන චෝදනාව මතයි .

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා