ආගම්වාදීව, ජාතිවාදීව නොසිතා, පක්ෂ භේද නොසළකා, මේ බිම අප ඉපදුණු, ජීවත්වන, මැරෙන රට යැයි සිතා කටයුතු කරන්න.

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2012 මැයි 01 කොළඹ දී



සිසාරා යන්නට වෙබ් අඩවි . . . .

යටිතල පහසුකම්වල විප්ලවීය වෙනසක්

සුද්දා පැය හතෙන් ගිය 18 වංගුව අපි එක හුස්මට පැය 2න් යනවා

18 වංගුව පාර ජනතාවට පවරමින් ජනපති කියයි

පැය හතක්, අටක් එදා මහනුවරින් මහියංගනයට යන්න ගත වුණා. අද පැය එකකින් දෙකකින් ගමන යන්න පුළුවන්. අපි මේ සම්පත් ලබා දුන් විට ජනතාවට විශාල පහසුවක් අත් වෙනවායැයි ජනාධිපතිතුමා අවධාරණය කළේය.

විස්තර »

ජනපති දහ අට වංගුවේ රිය පදවාගෙන යයි

මහනුවර මහියංගනය 18 වංගුව නව මාර්ගය විවෘත කරමින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෝටර් රථයක් පදවාගෙන ගියේය. 17 වන වංගුව අසලදී පීත්ත පටිය කපා මාර්ගය විවෘත කළ ජනාධිපතිතුමන් සිය රථය 18 වන වංගුව නව මාවතේ තනිවම පදවමින් මේ නව මාර්ගයේ ප්‍රථම අත්දැකීම විඳ ගත්තේය. මෙහි දී හසලක ගුරුළුපෝත ප්‍රාථමික විදුහලේ සිසු දරු දැරියෝ සිංහ කොඩි ලෙළවමින් ජනපතිතුමන් පිළිගත්හ.

වෙසක් පෝදා දිඹුලාගල අහසේ නාඳුනන ආකාශ වස්තුවක්

වෙසක් පුන් පොහෝ දින පස්වරු 7 ට පමණ පොළොන්නරුවේ ඓතිහාසික දිඹුලාගල ප්‍රදේශයේ ඉහළ අහසේ නොහඳුනන ආකාශ වස්තුවක් (UFO) දැකගැනීමට හැකි විය. විශාල ප්‍රමාණයේ තාරකාවක් ලෙස දර්ශනය වූ මේ ආකාශ වස්තුව නිල් රතු හා රෝස වර්ණයෙන් යුක්ත වූ අතර, එය ත්‍රිකෝණාකාර හැඩයෙන් යුක්ත විය.

විස්තර »

ලේක්හවුස් අමාදහර වෙසක් කලාපය මෙවරත් මහත් උත්සව සිරියෙන්

සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ බැතිබර දායකත්වයෙන් 22 වන වරටත් සංවිධානය කළ අමාදහර සදහම් වෙසක් කලාපය මෙවරත් මහත් උත්සව සිරියෙන් බුදු තෙමඟුල සිදුවූ අසිරිමත් වෙසක් පුන් පෝදා (05) ලේක්හවුස් මන්දිරය අසලදී විවෘත විය. ලේක්හවුස් ආයතනයේ සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ක්‍රෙග් යංග්, එම මහත්මිය හා කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සීලරත්න සෙනරත්, ටෙලිකොම් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නිලන්ති ජයකොඩි යන මහත්ම මහත්මීහු පෙරේදා (05) වෙසක් කලාපය විවෘත කළහ.

විස්තර »

ලේක්හවුස් ආයතනය 22 වන වරටත් ඉදිරිපත් කළ “අමාදහර සදහම් වෙසක් කලාපය” මෙවර ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ බැතිබර අනුග්‍රහයෙන් වෙසක් පෝදා (05) විවෘත කෙරිණි. ලේක්හවුස් සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සීලරත්න සෙනරත් මහත්වරුද, ටෙලිකොම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ක්‍රෙග් යංග් බාබ්රා යංග් යුවළද ලේක්හවුස් මන්දිරය අභියස දී එම අවස්්ථාවට එක්වූහ.

ජනපති දළඳා සමිඳුන් වැඳ පුදා ගනී

උදා වූ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් ඓතිහාසික මහනුවර දළදා මාලිගාව වෙත ඊයේ (06) පෙරවරුවේ පැමිණි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දළදා සමිඳුන් වැඳ පුදා ගනිමින් ආශීර්වාද ලබා ගත්තේ ය.

විස්තර »

බුද්ධාභිවන්දනා භක්ති ගීත උලෙළ

බුද්ධාභිවන්දනා භක්ති ගීත උලෙළ නෙළුම්පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පෙරේදා (05) පැවැත්විණි.

ශ්‍රී ලාංකීය ජන සමාජය වෙනුවෙන් ලේක්හවුසිය විශිෂ්ට සේවයක් කරනවා

ඇමැති ලක්ෂ්මන් යාපා කියයි

ලේක්හවුස් ආයතනය ශ්‍රී ලාංකීය ජන සමාජය වෙනුවෙන් විශිෂ්ට සමාජ මෙහෙවරක් ඉටුකරන පුවත්පත් ආයතනයක් බව වැඩබලන ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

විස්තර »

ඈත අතීතයේ සිටම අති දුෂ්කර මාර්ගයක් වූ මහනුවර – මහියංගන පුරවර යා කළ ඓතිහාසික 18 වංගුව මාර්ගය “මහින්ද චින්තන” ඉදිරි දැක්ම යටතේ සංවර්ධනය කිරීමෙන් අනතුරුව ජනතා අයිතියට පත් කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) සිදු කෙරිණි. ඒ අවස්ථාවට පැමිණි ජනාධිපතිවරයා මාර්ගය පෙනෙන අයුරු විස්තර කරයි. 18 වංගුව මාර්ගය ගුවනට දිස් වූයේ මෙලෙසිනි. ඇමැති ලක්‍ෂ්මන් සෙනෙවිරත්න, නියෝජ්‍ය්‍ය ඇමැති නන්දිමිත්‍ර ඒකනායක, මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක, ඌව පළාත් සභා ඇමැති අනුර විදානගමගේ යන මහත්වරු ද මෙහි වෙති.
ඡායාරූප - සුදත් සිල්වා

 

මංගල දුටුවේ නිතරම හම්බන්තොටය
හම්බන්තොටින් ගොඩබැස්සේ “කොළඹටය”
ගැහුවේ “කෝටි එකසිය හැත්තෑවටය”
විද්දේ “හාවටය” – වැදුණේ “පඳුරටය”

 

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast