පශ්චාත් යුද සමය නිර්මාණාත්මක ඇසින්

පශ්චාත් යුද සමය නිර්මාණාත්මක ඇසින්

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පැවැති සහ යුද්ධයෙන් පසු කාලවකවානුවට අදාළ අරගල, සාම ක්‍රියාවලිය, මානසික කම්පනය සහ ස්මරණය යනාදිය පිළිබඳ ලිවීමට කැමති ශ්‍රී ලාංකික ලේඛක ලේඛිකාවන් 24 දෙනෙකුගේ නිර්මාණාත්මක ලේඛන එකතුවක් වන " Write to Reconcile'' ගද්‍ය හා පද්‍ය සංග්‍රහය දොරට වැඩීම පසුගියදා කොළඹ නිදහස් මාවතේ පිහිටි " 80 Club'' හිදී පැවැත්වීය.

"Write to Reconcile" යනු ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පැවැති සහ යුද්ධයෙන් පසු කාලවකවානුවට අදාළ සිදුවීම් පිළිබඳ ලිවීමට කැමති මෙරට ලේඛක ලේඛිකාවන්ගේ සහභාගීත්වයෙන් සිදු කළ නිර්මාණාත්මක ලේඛන එකතුවක ව්‍යාපෘතියකි. ප්‍රබන්ධ ,නිබන්ධන සහ කාව්‍ය මෙම ව්‍යපෘතියට ඇතුළත් වේ.

ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලයේ ජාත්‍යන්තර කීර්තියට පත් මෙරට ලේඛක ශාම් සෙල්වදුරෛයි සමඟ එක්ව ක්‍රියාත්මක කරන ලද නේවාසික නිර්මාණාත්මක ලේඛන වැඩමුළු දෙකක් සහ අන්තර් ජාලයීය වැඩමුළු දෙකකට සහභාගීවීම හරහා සිදු කළ නිර්මාණ‍යන්ගේ ප්‍රතිඑලයක් ලෙස මෙම ගද්‍ය සහ පද්‍ය සංග්‍රහය හඳුන්වා දී තිබේ.

මෙකී නිර්මාණයන් මඟින් මිනිසුන් කෙරෙහි යුද්ධයේ බලපෑම් සහ එහි ප්‍රතිවිපාක මනාව විදහා දක්වා ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා