2014ට සිසු දරුවන්ට නොමිලේ පෙළ පොත් මිලියන 38ක් බෙදා හැරේ

2014ට සිසු දරුවන්ට නොමිලේ පෙළ පොත් මිලියන 38ක් බෙදා හැරේ

වසර 2014 සඳහා පාසල් සිසු දරුවන්ට නොමිලේ බෙදා දෙන පෙළ පොත් මිලියන 38 ක් බෙදා හැරීමේ කටයුතු අරඹයි.

උතුරු නැඟෙනහිර ඇතුළුව සියලු පාසල් සඳහා මේ පෙළ පොත් යවා අවසන් කර ඇතැයි අධ්‍යාපන ප්‍රකාශන

කොමසාරිස් තිස්ස හේවාවිතාරණ මහතා පැවසීය. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය තුන යටතේ පෙළ පොත් වර්ග 437ක් මෙවර මුද්‍රණය කර ඇති බවත් ඒ සඳහා මිලියන දෙදහස් හාරසියයක් වැය කර ඇති බවත් ඒ මහතා කීය.

පෙළ පොත් බෙදා දීමේ ජාතික උත්සවය දෙසැම්බර් 06 වැනි දිනට ප්‍රථම පැවැත්වීමට නියමිත බැවින් දිවයිනේ සියලු පාසල් වලට ඊට පෙර මේ පොත් යැවීමට කටයුතු කරන බවද ඒ මහතා ප්‍රකාශ කළේ ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා