මරණ දැන්වීම්

 

 

 

එමර්සන් හිප්පොල (ගරු දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම්, හිටපු කෘෂිකර්ම සහ ඉඩම් අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ) - මාලිනීගේ ආදරණීය ස්වාමි පුරුෂයා වූද ධනංජනාගේ ආදරණීය පියාණන්වූද, මහේන්ගේ මාමණ්ඩියවූද, එම්.බී. හිප්පොල මහතා (නැසීගිය) සහ අනුලා හිප්පොල මහත්මියගේ පුතණුවන් වූද, සුවිනීතා සහ නිමල්ගේ සහෝදරයා වූද, ටී.බී. කරල්ලියද්ද මහතා (නැසීගිය) සෝමා කරල්ලියද්ද මහත්මියගේ (නැසීගිය) බෑනණුවන්වූද, රත්නසිරි, චන්ද්‍රිකා, කීර්ති (නැසීගිය) සෙනරත් (නැසීගිය) ශ‍්‍රීමතී, සෝමා, චන්ද්‍රා, සුනේත‍්‍රා, කල්යානි සහ ගරු දේශීය වෛද්‍ය අමාත්‍ය තිස්ස කරල්ලියද්ද යන අයගේ මස්සිනාවූද, එමර්සන් හිප්පොල මහතා අභාවප‍්‍රාප්ත විය. මෘතදේහය රැගත් පෙරහැර 2009 අපෙ‍්‍ර්ල් මස 08 වන බදාදා පස්වරු 2.30 ට නිවසින් පිටත්වේ. අවසන් කටයුතු පස්වරු 3.30 ට බොරැල්ල කනත්ත අදාහනාගාරයේදී සිදුකෙරේ. 427/සී, වැව පාර, අකුරේගොඩ, පැලවත්ත, බත්තරමුල්ල.


දොස්තර ඩඩ්ලි බණ්ඩාර - විශ‍්‍රාමික වෛද්‍ය එංගලන්තයනැසීගිය ජේ. එම්. ජේ. පොඩිනිලමේ සහ නැසීගිය ඩී. ඒ. සේනාරත්න මැණිකේගේ පුත‍්‍රයා වූද මයුරා බණ්ඩාරගේ ස්වාමි පුරුෂයා වූද කලිකා සහ අරෝෂා ගේ පියාවූද ජයම්පති සහ පද්මිණීගේ සහෝදරයා වූද එංගලන්තයේ සිටි වෛද්‍ය ඩඩ්ලි ජයවර්ධන බණ්ඩාර 2009 අපේ‍්‍රල් 1 වැනි දින පරලෝ සැපත් විය. දැනුම් දෙන්නේ ඩබ්. එම්. පී. බණ්ඩාර. දුරකථන 0362222332.


විශ‍්‍රාමලත් සමුපකාර සමිති පරික්‍ෂක බී.ඒ. දයානන්ද බමුණුසිංහ මහතා අභාවප‍්‍රාප්ත වීමෙන් ඒ පිළිබඳ අවසාන කටයුතු 2009.04.08 වන දින සවස 4.00 ට නියඳගල පොදු සුසාන භූමියේදී සිදු කරන බව සංවේගයෙන් දැනුම් දෙමු. මෙයට ශෝකයට පත් චන්ද්‍රා බමුණුසිංහ (භාර්යාව) ජගත් (පුතා) කුමුදිනි, පූර්නිමා, පුෂ්පිකා (දියණියන්). අංක 2/15, සමන් මාවත, ගලවිලවත්ත, හෝමාගම.


හිල්මන් කුලසූරිය මැතිතුමා - අක්මීමන, ගොනාමුල්ල හන්දිය කැටැන්දොල ගහලවිල වත්තේ විසූ, රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය වූ, මුළු දිවයිනටම සාම විනිසුරු, ඉඩම් හිමි වැවිලිකරු හිල්මන් කුලසූරිය මැතිතුමා 2009.04.06 දින අභාවප‍්‍රාප්ත වු හෙයින් අවසන් කටයුතු 2009.04.08 වන දින අක්මීමන කුරුඳුවත්ත ආදාහනාගාරයේදී සවස 6.00 ට ආදාහනය සිදු කෙරේ. මෙයට ශෝකයට පත් දයාබර බිරිඳ වන ලෙටිෂා කුලසූරිය මැතිනිය හා පුත් ශාන්ත කුලසූරිය සහ ලේලිය වන ශේනුකා කුලසූරිය, මුනුබුරු ශනුක කුලසූරිය ඇතුලු සහෝදර සහෝදරියන් වන අයිරිස් කුලසූරිය, සිරිල් කුලසුරිය, අර්නස්ට් කුලසූරිය හා අයිරින් කුලසූරියද ආදරණීය ජාන් හා ක‍්‍රිෂාන් ඇතුළු ඥාති පිරිස ඉතා සංවේගයෙන් දැනුම් දෙමු.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා